SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගයේ මෙවර ජනාධිපති අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කලාකරු එකමුතුව විසින් ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එහිදී කලාකරුවන් දැක්වූ අදහස්..

 

විවිධ කලා කේෂ්ත්‍රවල නියැළී ඉදිරියෙන්ම සිටින කලාකරුවන් ද බහුතරයක් දෙනා එක් වී අනුර සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කරනවා - (ජයතිලක කම්මැල්ලවීර)

WhatsApp Image 2024 08 28 at 16.03.36

 

අද අපේ රටේ දේශපාලනය තීරණාත්මක වෙනසක් ඉල්ලා සිටිමින්, ඒ වෙනුවෙන් රට පුරාම ජනතාව පෙළගැසී සිටිනවා. වෙනසක් පිළිබඳ අදහසක් සමාජය තුළ තිබී, ඊට පසු අපේක‍ෂාවක් බවට පත්ව දැන් එය අධිෂ්ඨානයක් බවට පත් වී තිඛෙනවා. —අපි මේ වෙනස කරනවා˜ කියන අධිෂ්ඨානයෙන් රට පුරා බහුතර ජනතාව ප්‍රකාශ කරමින් සිටිනවා. එවැනි ජනතාවකගේ අධිෂ්ඨානය සම`ග කි්‍රයාකාරීව විවිධ කලා ෙක‍ෂ්ත්‍රවල නියැළී ඉදිරියෙන්ම සිටින කලාකරුවන් ද බහුතරයක් දෙනා එක් වී කි්‍රයා කරනවා. දේශපාලන, ආර්ථීක, සමාජ පරිවර්තනයක් සේම සංස්කෘතික සහ ආධ්‍යාත්මික පරිවර්තනයක් වෙනුවෙන් පෙළගැසෙමින් සිටිනවා. අපේ මේ මාධ්‍ය සාකච්ඡාව ඒ අධිෂ්ඨානයේ එක පියවරක්. සැප්තැම්බර් 21 වැනිදා අනුර සහෝදරයාට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පමණක් මේ වෙනස ඇති කර ගන්න බැහැ. දේශපාලන වෙනසක් සහ ආර්ථීක වෙනසක් සිදු කර ගත්ත ද, සමාජ - සංස්කෘතික වෙනසක් වෙනුවෙන් ප්‍රබුද්ධ කි්‍රයාකාරිකයන් ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න ඕනෑ. එම පිරිස පෙළගැස්වීමේ එක පියවරක් හැටියට කලාකරුවන් මේ මාධ්‍ය හමුව පවත්වනවා. මේ රටේ දේශපාලන බලය ප්‍රභූ පැලැන්තිය අතින් නියත වශයෙන්ම අනුර කුමාර සහෝදරයා ප්‍රමුඛ ජනතාව වෙත මාරු වෙනවා. මනුෂ්‍යයාට කෑම, බීම පමණක් නොව දියුණු සංස්කෘතික ජීවිතයක් අවශ්‍ය වෙනවා. නමුත්, මෙතෙක් සිටි පාලකයන් ඒ කෙරෙහි කිසිදු සැලැකිල්ලක් දක්වා නැහැ. නමුත්, 21 වැනිදා බලයට පත් කර ගන්නා අනුර දිසානායක සහෝදරයා ප්‍රමුඛ මාලිමා රජයකින් දියුණු, පොහොසත් සංස්කෘතික ජීවිතයක් වෙනුවෙන් අපි සියලූම දෙනා එක් වී කටයුතු කරනවා.

 

 

ජනතාවගේ කඩාවැටී ඇති ජීවිත ගොඩ ගෙන නව ජීවනයක් සහ පුනරුදයක් ඇති කිරීම වෙනුවෙන් අප සියලූ දෙනා පෙළගැසී සිටිනවා -  (බුද්ධදාස විතානාරච්චි)

 WhatsApp Image 2024 08 28 at 16.03.35

 

මෙයට වසර 42කට එපිට සිට මේ රටට ජනාධිපතිවරු පත් කර ගත්තා. නමුත්, ඒ කාලය තුළ කලා, සංස්කෘතික ජීවිතයේ ලබාගෙන තිඛෙන ප්‍රගතිය මොකක් ද කියන ප්‍රශ්නය පැනන`ගිනවා. එදා සිට මේ දක්වා සමාජ - සංස්කෘතික ජීවිතයේ වර්ධනයක් වෙනුවට පිරිහීමක් තිඛෙන බවයි අපි ජීවිතයෙන් අත්විඳින්නේ. සිනමාව, ගුවන්විදුලිය, රූපවාහිනිය සහ අනෙකුත් සෞන්දර්යාත්මක සියලූ විෂයයන්ට කණකොකා හ~ා තිඛෙනවා. ඒ සියලූ ෙක‍ෂ්ත්‍ර පරාභවයට ගොදුරු වී ඇති බව පැහැදිලියි. විශේෂයෙන්ම හැත්තෑව දශකයේ දී සියලූම සාහිත්‍ය, කලා මාධ්‍යයන් අදට වඩා ප්‍රශස්ත, දියුණු මට්ටමක තිබූ බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා 21 වැනිදා පවත්වන ජනාධිපතිවරණයෙන් අනුර කුමාර සහෝදරයා ජනාධිපති ලෙස තෝරා පත්කරගෙන ප්‍රතිපත්තියක් ලෙස කලා, සංස්කෘතික ජීවිතය දියුණු කිරීම වෙනුවෙන් කි්‍රයා කරන බව ස්ථීරයි. ඒ නිසා අපි සියලූ දෙනාගේ දායකත්වය, කි්‍රයාකාරී මැදිහත් වීම සහ දැඩි අධිෂ්ඨානයකින් කැප වී කි්‍රයා කරනවා. ජනතාවගේ ජීවිත කඩාවැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගෙන නව ජීවනයක්, නව ලෝකයක් සහ පුනරුදයක් ඇති කිරීමේ අවශ්‍යතාව සියලූ දෙනාට තිඛෙනවා. ඒ සියලූ ජනතාව සම`ග අපි අත්වැල් බැඳගෙන කි්‍රයා කරන බව ස්ථීර වශයෙන් ප්‍රකාශ කරනවා.

 

කලාකරුවන් ජාතික ජන බලවේගය වටා එක් වී සිටින්නේ ගැඹුරු මානවීය අර්ථයක් ප්‍රමුදිත කරවන්න - (සෞම්‍ය ලියනගේ)

 WhatsApp Image 2024 08 28 at 16.03.37

 

ජාතික ජන බලවේගය නියෝජනය කරන කලාකරුවන් හැටියට අපි පෙළගැසී සිටින්නේ හුදු පරණ අදහසක් මුදුන්පමුණුවා ගන්න නොවෙයි. කලාවෙන් මිනිසාගේ සහකම්පනය දියුණු කරන බව අපි දන්නවා. නමුත්, නිර්මාණ කලාව තුළින් ඊට වඩා ගැඹුරු ජීවන දර්ශනයක් සහ මානව වටිනාකම් විශාල ප්‍රමාණයක් වර්ධනය කර ගන්න ඉවහල් වන බව පර්යේෂණවලිනුත් සනාථ වී තිඛෙනවා. සිනමාව, රූපවාහිනිය ඇතුළු කලා මාධ්‍යයන් රටකට වැදගත් වන්නේ මිනිසුන් හුදෙක් සන්තර්පණය කරවන්න පමණක් නොවෙයි. සෞන්දර්ය රසවින්දනය අවශ්‍ය බව අප පිළිගන්නා අතරම ඊට එහා ගිය මානව වර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක්. කලාකරුවන් ජාතික ජන බලවේගය වටා එක් වී සිටින්නේ ගැඹුරු මානවීය අර්ථයක් ප්‍රමුදිත කරවන අභිප්‍රායයෙන්. මෙතෙක් බලයට පත් වුණු කිසිදු රජයක් මෙවැනි ගැඹුරු අදහසකින් කලා, සංස්කෘතික ෙක‍ෂ්ත්‍රය පිළිබඳව පරිකල්පනයක් තිබූ බව අපට කිසිසේත් ම පිළිගන්න බැහැ. එවැනි කි්‍රයාමාර්ග අපි දැකලා හෝ අහලා හෝ නැහැ. ජාතික ජන බලවේගය ප්‍රකාශ කර ඇති පරිදි මේ රටේ පුනරුදයක් ඇති කිරීමට කලා, සංස්කෘතික ෙක‍ෂ්ත්‍රය වර්ධනය සහ යහපැවැත්ම අත්‍යවශ්‍යයි. පුනරුදයේ මිනිසා බිහි වෙන්න නම්, ගැහැනුන් සහ පිරිමින් ගැඹුරු පරිවර්තනයකට ලක් විය යුතුයි. එය කෙටි කාලයක දී සිදු කළ නොහැකියි. දිගුකාලීන වැඩසටහනක් සහිතව ඒ වෙනුවෙන් සැදීපැහැදී සිටින එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. විස්තීර්ණ කලාකරුවන් විශාල ප්‍රමාණයක් ජාතික ජන බලවේගය වටා ඒකරාශී වී සිටින්නේ තම තමන්ගේ පෞද්ගලික, බොළඳ අභිලාෂයන් සාක‍ෂාත් කර ගන්න නොවෙයි. ගැඹුරු සමාජ, සංස්කෘතික, දේශපාලන විපරිවර්තනයක් වෙනුවෙන් අපේ මේ ව්‍යායාමය කැප කර තිඛෙනවා. මනුෂ්‍යයා තුළ සමාජ, දේශපාලනික සවිඥානිකත්වය තිබුණු ප්‍රමාණය පවා දශක ගණාවක් තිස්සේ මරා දැම්මා. නමුත්, කලා, සංස්කෘතික ෙක‍ෂ්ත්‍රයට මනුෂ්‍යයා විෂයයේ දී සමාජ, දේශපාලනික සවිඥානිකත්වයක් මෙන්ම මනුෂ්‍ය ප්‍රකාශනයක් ලෙසත් ප්‍රබලත්වයකින් යුක්ත වෙනවා. ඒ වාගේම අන්තගාමී හැ`ගීම්වලට ප්‍රතිපක‍ෂව නැ`ගීසිටීමට අවබෝධය ලබා දෙන්නෙත් කලා, සාහිත්‍යය තුළිනුයි. අධිකාරී ව්‍යුහයන්ට විරුද්ධව නැ`ගීසිටීමත් ආරම්භ කරන්නේ කලාවෙන්. එවැනි ගැඹුරු පරිවර්තනයන් සිදු කර ගන්න ජාතික ජන බලවේගයට හැකියාව තිඛෙන බව අපට විශ්වාසයි.

 

සමාජ සබඳතා පිරිහෙන විට, කඩාවැටෙන විට සමාජය වෙනුවෙන් කලාකරුවාගේ මැදිහත් වීම විශේෂයෙන් අවශ්‍ය වෙනවා - (මංගල සේනානායක)

 

Prof. Mangala Senanayake 2024.08.28 1

 

ශ්‍රී ලංකාවේ සියලූම දෙනාට මේ අවස්ථාව ඉතා සුවිශේෂී අවස්ථාවක්. මගේ ජීවිත කාලය තුළ මේ වාගේ මැතිවරණ අවස්ථා ගණනාවකට මුහුණ දී තිඛෙනවා. ඒ සියල්ලටම වඩා මේ මැතිවරණය අනාගත පරපුර වෙනුවෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් වී තිඛෙනවා. පුද්ගලයකුට විවිධ සම්බන්ධතා තුනක් තිඛෙන බව බර්ට්‍රන්ඩ් රසල්  ප`ඩිවරයා කියා තිඛෙනවා. තමන් තමන් සම`ග තිඛෙන සබඳතාව, තමන් අනෙකුත් සම`ග තිඛෙන සම්බන්ධතාව සහ තමන් පරිසරය සහ සමාජ සොබාදහම සම`ග පවතින සම්බන්ධතාව. මේ සබඳතා පිරිහෙන විට, කඩාවැටෙන විට කලාකරුවාගේ මැදිහත් වීම විශේෂයෙන් අවශ්‍ය වෙනවා. නමුත්, අද වෙන කොට අපේ රටේ කලාකරුවාත් මේ ඛේදවාචකයේ ගොදුරු බවට පත් වී සිටිනවා. නමුත්, ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වා රටේ සියලූම දෙනාට සැලැසුම්සහගතව අනාගතය ගැන ස්ථාවරත්වයක් ඇති කරගත හැකි බව සනාථ කර තිඛෙනවා. ඒ නිසා කලාකරුවන් හැටියට අප සියලූ දෙනා කිසිදු පෞද්ගලික බලාපොරොත්තුවකින් තොරව උපරිම දායකත්වය ලබා දෙනවා. අපි බලාපොරාත්තු වෙන්නේ මේ රටේ අනාගතය යහපත් කරන්නයි. විශේෂයෙන්ම මේ අවස්ථාව පිළිබඳව තරුණ පරම්පරාව ගැඹුරින් සලකා බැලිය යුතු වෙනවා. අනුර කුමාර සහෝදරයාගේ ජයග්‍රහණය මේ රට සහ අනාගතය සම්බන්ධයෙන් සුවිශේෂී කඩඉමක් වෙනවා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් අපි සියලූම දෙනා එක් වී කටයුතු කිරීම අවශ්‍ය බව අවධාරණය කරනවා.

 

අපේ එදිනෙදා ජීවිතය තුළ මනුෂ්‍යත්වයේ වෙනසක් දැකිය හැකි වන්නේ අපට පැවරී තිඛෙන දේශපාලන වගකීම ඉටු කිරීමෙන් පමණයි - (ගම්‍යා විජේදාස)

 WhatsApp Image 2024 08 28 at 16.06.01

 

මේ රටේ ඓතිහාසික වෙනසක් අපේක‍ෂා කරන කලාකරුවන් ජාතික ජන බලවේගය වටා එක් වී සිටිනවා. ඒ අය නියෝජනය කරමින්, සුළු පිරිසක් මේ අවස්ථාවට එක් වෙනවා. මෙතෙක් කල් තිබුණු ක්‍රමය වෙනස් කරලා ජනතාවාදී පාලනයක් පිහිටුවන්න අපි සියලූ දෙනාත් මැදිහත් වෙනවා. ආර්ථීක කඩාවැටීම ගැන මෑතක දී කතා කළත්, කලාව සහ සෞන්දර්යය තුළ කඩාවැටීම දශක ගණනාවක් පුරා සිදු වෙමින් පවතිනවා. ජනතාවගේ ආධ්‍යාත්මික වෙනසක් ඇති කරන්න නම්, සැප්තැම්බර් මාසයේ 21 වැනිදා ඡන්දය ලබා දීම පමණක් ප්‍රමාණවත් මඳි. අපි කරන කලාව තුළින් තව විශාල මෙහෙවරක් සිදු කළ යුතු වෙනවා. ඒ වාගේම එයින් බාහිරව සිදු කරන මැදිහත් වීමෙන් තමයි, අපේ එදිනෙදා ජීවිතය තුළ, මනුෂ්‍යත්වය තුළ වෙනසක් දැකිය හැකි වන්නේ. අන්න ඒ වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කිරීමේ වගකීම අපට තිඛෙනවා. ඒ දේශපාලන වගකීම ඉටු කිරීමෙන් පමණයි අපගේ ජීවිතවල ඇත්ත මනුෂ්‍යත්වයක් ඇති කරගත හැක්කේ.

 

වෙන විකල්පයක් නැහැ, මේ පාර වරද්දා ගත්තොත්, කල්පනා කරන්න දෙයක් ඉතිරි වෙන්නෙත් නැහැ. - (කළණ ගුණසේකර)

 WhatsApp Image 2024 08 28 at 16.03.351

 

අසූව දශකයේ ඉපැදිලා දශක හතරක් පුරා විවිධ පුද්ගලයන්ගේ බොරු පොරොන්දු, දේශපාලනිකව රට නන්නත්තාර කළ ආකාරය, වෙනත් රටවලට ණය වුණු ආකාරය සහ රට කඩාවැටුණු ආකාරය බලාගෙන ඉඳලා තව දුරටත් මේ සියල්ල දරාගෙන ඉන්න බැරි වේදනාවක් තිඛෙන පුරවැසියෙක් මම. මේ පාර තියෙන්නේ ඡන්දයක් නොවෙයි, ශී්‍ර ලාංකිකයන්ගේ බුද්ධි පරීක‍ෂාවක් කියලා මම හිතනවා. යම් කිසි මධ්‍යම පාන්තික හීනමානයක් නඩත්තු කරන හෝ අතිශයින්ම දරිද්‍රතාවේ ගිලී කුමන හෝ වාසියක් අරභයා තමන්ගේ ජීවිත ගැන පමණක් සිතන සීමිත පිරිසක් ඉන්නවා. මේ රට මේ තාක් විනාශ කළ පිරිස වටා මේ පිරිස් දෙකම එකතු වී සිටිනවා. ඒ වාගේම මෙතෙක් රට විනාශ කළ පිරිසම කණ්ඩායම් තුන, හතරකට ඛෙදී නැවත මේ රට අමාරුවේ දාන්න සූදානම් පිරිසක් ඉන්නවා. එයට එරෙහිව බුද්ධිමත්ව කල්පනා කර බලා මේ රටට විකල්පයක් ගොඩනැ`ගිය හැකිියි කියන අවබෝධයෙන් කටයුතු කරන පිරිසක් අනෙක් පැත්තේ ඉන්නවා. තව දුරටත් මේ කෙබරවලට අහු වෙලා යන ගමන මෙතැනින් නතර කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මගේ පරම්පරාවටත්, මගෙන් පසු පරම්පරාවටත් මම විශේෂ දෙයක් අවධාරණය කරනවා. මේ සෙල්ලම නැටුවා ඇති. අවුරුදු හැත්තෑ ගණනක් සිදු කළ රැවටීමෙන් මිදෙන්න අපේ පරම්පරාව එකතු වී හරි තීරණයක් අරගෙන අපි මේක අවසන් කරන්න ඕනෑ. මේ රට දියුණු කරන්න ඕනෑ. අනුර කුමාර දිසානායක කියන්නේ තව දුරටත් එක පුද්ගලයෙක් ලෙස මම දකින්නේ නැහැ. ඔහු යම් කිසි ක්‍රමවේදයක්, රට ගොඩනැ`ගිය හැකි සැලැස්මක් ලෙසයි මම දකින්නේ. අපි ඒ ආදර්ශය නිවැරැදිව ලබා දී දකුණු ආසියාවටම නව දේශපාලනයක් හඳුන්වා දීමේ හැකියාව ලබාගත හැකියි. වෙන විකල්පයක් නැහැ, මේ පාර වරද්දා ගත්තොත්, කල්පනා කරන්න දෙයක් ඉතිරි වෙන්නෙත් නැහැ. අවුරුදු හැත්තෑහය අසූඑකක් නොකර මේ ශාපය මෙතැනින් ඉවර කරන්න අපි ඔක්කොම එකට එකතු වෙමු, අනුරව මේ රටේ නායකත්වයට පත් කර ගනිමු.

 

 

මේ විදියට අවුරුදු හැත්තෑහයක් යන්න ඇරලා, දැන් අපි විශාල අමාරුවක වැටිලා ඉන්නවා - (සරත් සේනාරත්න)

 WhatsApp Image 2024 08 28 at 16.04.52

 

මම ක්‍රියා කරන්නේ චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල තිරය පිටුපස සිටිමින්. විවිධ වෘත්තීය නම් තිඛෙන බොහෝ පිරිසක් ඒ පිටුපස සිටිනවා. අධ්‍යක‍ෂවරුන්, නිෂ්පාදකවරුන්, සංගීත අධ්‍යක‍ෂවරුන්, කැමරා ශිල්පීන්, සංස්කරණ ශිල්පීන්, ගායක, ගායිකාවන්, වාදන ශිල්පීන්, නිෂ්පාදන කළමනාකරුවන්, කලා අධ්‍යක‍ෂවරුන්, අංගරචනා ශිල්පීන්, සහාය අධ්‍යක‍ෂවරුන්, නිෂ්පාදන සහායකවරුන් ආදී වශයෙන් ටී බෝයි දක්වා විශාල පිරිසක් සිටිනවා. මේ කණ්ඩායම ලංකා ඉතිහාසයේ කිසිම දවසක දේශපාලනයට සම්බන්ධ වුණේ නැහැ. හැමෝම හිතුවේ, මේ යන විදියට ගියාවේ, දේශපාලනයට සම්බන්ධ වුණා කියලා ගන්න දෙයක් හෝ ලැඛෙන්න දෙයක් නැහැ කියලයි. මේ විදියට අවුරුදු හැත්තෑහයක් යන්න ඇරලා, දැන් අපි විශාල අමාරුවක වැටිලා ඉන්නවා. චිත්‍රපටයක් හදන්න යන වියදම මෙයට අවුරුදු පහ, හයකට පෙර ගිය වියදම වාගේ තුන්ගුණයකින් විතර වැඩි වී තිඛෙනවා. නමුත්, තිරය පිටුපස සිටින විශාල කණ්ඩායම සහ ඔවුන්ගේ පවුල්වල උදවිය රැකෙන්න නම්, නිර්මාණයට ගිය වියදම වාගේ තුන්ගුණයකවත් ආදායමක් ලැඛෙන්න ඕනෑ. නමුත්, දැන් එහෙම වෙන්නේ නැහැ. එහෙම නම්, අපි කොහොම ද පවතින අර්බුදයට මුහුණ දෙන්නේ කියන ප්‍රශ්නය තිරය පිටුපස සිටින අප සියලූ දෙනාට ආවා. ඒ අනුව ආර්ථීක, දේශපාලන, සංස්කෘතික වශයෙන් වගකියන පුද්ගලයන් වෙත දේශපාලන බලය ලබා දිය යුතු බව අපට පැහැදිලි වුණා. ඒ වෙනුවෙන් සිටින එකම බලවේගය ජාතික ජන බලවේගය පමණක් බව රටේ සාතිශය බහුතර ජනතාවට වාගේම කලාකරුවන්ටත් දැනෙන්න පටන් ගත්තා. ඒ නිසා මෙතැන නැති විශාල කලාකරුවන් පිරිසක් ජාතික ජන බලවේගය වටා ඒකරාශී වී සිටිනවා. සිනමා සහ ටෙලිනාට්‍ය තිරය පිටුපස සිටින සියලූ දෙනාගේ ජීවිතවල වාගේම සමස්තයක් ලෙස රටේ අනාගතයත් අනුර දිසානායක සහෝදරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ලබා දිය යුතු බව ස්ථීරවම අවබෝධ කරගෙන සිටිනවා.

 

 

අපේ රටට ලේ, කඳුළු වුවමනා නැහැ කියන දේශපාලන ස්ථාවරය සමඟ මට හිටගන්න පුළුවන් ජාතික ජන බලවේගය එක්ක විතරයි - (ශාන්ති දිසානායක)

 WhatsApp Image 2024 08 28 at 16.04.21

 

කලාකරුවන් දේශපාලන පක‍ෂයක් වෙනුවෙන් පෙනීසිටින එක සුදුසු නැති බවට අදහසක් තිඛෙනවා. රටක් යහපත් තත්ත්වයෙන් තිඛෙනවා නම්, අපට අපේ කලාව කරගෙන පාඩුවේ ඉන්න පුළුවන්. අපි ජීවත් වෙන්නේ ඒ විදියේ යහපත් රටක නොවෙයි. මට අවුරුදු තුනක් පමණ වූ පුංචි කාලයේ අපේ කඩේට චේගුවේරාකාරයෝ හොයාගෙන ආව හැටි මතකයි. ඊට පස්සේ 1977 මහා මැතිවරණයෙන් පසුව ලංකාව පුරාම මැතිවරණ ප්‍රචණ්ඩ කි්‍රයා සිදු කරමින්, මිනිස් ඝාතන ඇති කළා. ජයග්‍රහණය භුක්ති වින්දේ ඒ ආකාරයෙන්. ඒ කාලයේ ශී්‍ර ලංකා නිදහස් පාක‍ෂිකයකු වූ මගේ තාත්තා ඒ ප්‍රචණ්ඩත්වයට හොඳටම මුහුණ දුන්නා. මේ අත්දැකීම් කටුක වුවත්, දේශපාලන අනුරාගය පුංචි කාලයේ ඉඳලා ම මා තුළ තිඛෙනවා. 1988-1989 කාලයේ හිටි රජයේ ඝාතක කල්ලියක් විසින් මගේ තාත්තා පැහැරගෙන ගියා. තාත්තාගේ ජීවිතය බේරා ගන්න පුළුවන් වුණත්, මම දිගට ම දැක්කේ දේශපාලනය නිසා මුළු රටක් පීඩාවට පත් වන ආකාරයයි. මීට වඩා යහපත් රටක් වෙනුවෙන් අපි හැමදාම හීන දැක්කා. දේශපාලනය කියන්නේ තමන්ගේ විරුද්ධවාදියා මර්දනය ද කියන ප්‍රශ්නය ඇති වෙනවා. නමුත්, වඩා යුක්තිසහගත රටක් වෙනුවෙන් එකතු වූ, නැ`ගීසිිටි අපේ තාරුණ්‍යය අවස්ථා දෙකක දී ම ම්ලේච්ඡ විදියට සංහාරයකට ලක් කළා. මේ පුංචි දූපත සීමාවක් නැතිව ලෙයින්, කඳුළින් තෙත් කළා. සාහිත්‍යවේදිනියක් විදියට මගේ බලාපොරොත්තුව තව දුරටත් අපේ රටට ලේ, කඳුළු වුවමනා නැහැ කියන එකයි. එතැන දී මට හිටගන්න පුළුවන් සහ පෙනීසිටින්න පුළුවන් ජාතික ජන බලවේගය එක්ක විතරයි. යුක්තිගරුක, නිදහස්, නිවහල් පුරවැසියෙක් නිර්මාණය කරන්න පදනම තිඛෙන්නේ සහ අවශ්‍යතාව තිඛෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි කියන විශ්වාසය මට තිඛෙනවා. අවුරුදු හැත්තෑහයක් පවුල් කිහිපයකට උරුම වෙලා තිබුණු දේශපාලන බලය අපේ තරුණ පිරිසට පවරන්න ඕනෑ. ජාතික ජන බලවේගය එක්ක එකතු වී සිටින තරුණ පිරිසට මේ තරම් මඩ ගහන්නේ, අවලාද න`ගන්නේ ජාතික දේහය විනාශ කරන්න ඉඩ නොලැඛෙන මෙතෙක් පාලනය කළ පිරිසගෙන්. මගේ සාහිත්‍ය කලාව තුළින් පොදු ජනතාවගේ හදගැස්ම නියෝජනය කරන දේශපාලනය දිගට ම කරගෙන යනවා.

 

නමුත්, මේ අවස්ථාවේ පෑන පැත්තකින් තියලා, සමාජ පරිවර්තනය වෙනුවෙන් සෘජුව පෙනීසිටින්න අපට සිදු වී තිඛෙනවා. මගේ මේ පෙනීසිටීම හෘදයසාක‍ෂියට එක`ගව ඉතාම ආදරයෙන් සහ ආශාවෙන් සිදු කරනවා.

 

අවබෝධය සහිතව අප සමඟ එක් වන ලෙස ගෞරවනීය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා - (නිපුණා ශාරදා පතිරගේ)

 WhatsApp Image 2024 08 28 at 16.05.17

 

රටක් විදියට අප ඉන්නේ හරිම තීරණාත්මක මොහොතක. කලා ශිල්පීන් ලෙස අපි සියලූ දෙනාම එක් වී සිටින්නේ හුදෙක් ආණ්ඩුවක් මාරු කර ගැනීමට හෝ පාලකයෙක් පත් කර ගැනීමට නොවේ. නව ප්‍රතිපත්තියක් වෙනුවෙන් අපි එකග වී සිටින්නේ. රටක් දියුණු වෙන්න නම්, ආණ්ඩුවක් හෝ පාලකයෙක් මාරුවීම පමණක් නොවෙයි, රටක නීති, වැඩපිළිවෙළක් සහ කි්‍රයාමාර්ග තිඛෙන්න ඕනෑ. නීති, ප්‍රතිපත්ති තිබුණත්, ඒවා කි්‍රයාත්මක වෙන්නේ සමාජය වෙනුවෙන්. එහෙම නම්, සමාජයක් ලෙස අපි වෙනස් වෙන්නේ නැත්නම්, රටක අනාගතය යහපත් වෙන්නේ නැහැ. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කියන ආකාරයට අපි දැන් ඉන්නේ නව මහජනතාවක් පත් කර ගැනීමේ දෘෂ්ටිවාදීමය වෙනසක් කරගත යුතු පසුබිමකයි. ඒ මතවාදී, දෘෂ්ටිවාදී වෙනස කරන්න කලාකරුවන් හැටියට අපට ලොකු හැකියාවක් තිඛෙනවා. මිනිසුන්ට කවි ලියන්නේ, පොත් ලියන්නේ, නාට්‍ය කරන්නේ, ගීත ගයන්නේ, සිනමා කෘති නිපදවන්නේ, චිත්‍ර අඳින්නේ අපි. එහෙම නම්, නව සමාජයක් ඇති කර ගැනීමේ කාර්යභාරයේ විශාල වගකීමක් අපට පැවරී තිඛෙනවා. මම ඉතා ගෞරවයෙන් අනෙකුත් කලා ශිල්පීන්ට ආරාධනා කරනවා නව ප්‍රතිපත්තිමය වෙනස සඳහා එකතු වන්න කියලා. කවුරුහරි කියන නිසා රැල්ලට, එහෙම නැත්නම්, පුරුද්දට හෝ මොකුත් නොතේරෙන නිසා ඡන්දය දීමෙන් වැළැකී සිටීම එහෙමත් නැත්නම්, ඡන්දය කුරුටු ගෑම වැනි සංස්කෘතීන් අපි වෙනස් කරන්න ඕනෑ. සැප්තැම්බර් අට වැනිදා ජාතික ජන බලවේගයේ කලා හා සංස්කෘතික ප්‍රතිපත්තිය එළිදක්වනවා. එය හොඳින් කියවා, වටහාගෙන අපත් සම`ග එකතු වන්න ගෞරවයෙන් ආරාධනා කරනවා. මොන වාගේ රටක් වෙනුවෙන් ද, මොන වාගේ කලා, සංස්කෘතික ජීවිතයක් වෙනුවෙන් ද ඒ ප්‍රතිපත්ති සකස් කර තිඛෙන්නේ කියලා අවබෝධ කර ගන්න. ඒ අවබෝධය සහිතව අප සමග එක් වන ලෙස ගෞරවනීය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

 

සියලූ දෙනා ඉතාමත් අධිෂ්ඨානශීලීව සැප්තැම්බර් 21 වැනිදා මහා සමාජ පරිවර්තනයක් කරන්න දායක වෙනවා - (හිනිදුම සුනිල් සෙනෙවි)

 

WhatsApp Image 2024 08 28 at 16.03.382

 

ජාතික ජන බලවේගය වෙනුවෙන් ලංකාවේ අතිවිශිෂ්ට කලාකරුවන්, කලාකාරිනියන් රාශියක් මෙතැනට එකතු වී තමන්ගේ අදහස නිරවුල්ව පැවසූවා. පුරවැසියන් හැටියට අප මුහුණ දී සිටින ඉතාමත් ඛේදනීය තත්ත්වය අපේ සංස්කෘතික ජීවිතය ඔසොවා තැබීමකින් තොරව පියමං කරන්න බැහැ. ආර්ථීකය පමණක් න`ගාසිටුවීම ගැන කතා කරන රටක අනාගතයක් නැහැ. මෙතැනට සම්බන්ධ වී නැති තව සිය ගණනක් කලාකරුවන් තමයි, අපේ සංස්කෘතික ජීවිතය ඔසොවා තැබුවේ. අපේ ඇසට කඳුළක්, ජීවිතවලට තෙතමනයක් ගෙන ආවේ ඔවුන්. අද ඒ සියල්ල බිඳවැටිලා. මේ සියලූ දෙනා ඉතාමත් අධිෂ්ඨානශීලීව සැප්තැම්බර් 21 වැනිදා මහා සමාජ පරිවර්තනයක් කරන්න දායක වෙන්නේ ඒ නිසයි. මෙතැනට රැස් වී සිටින පිරිස පළ කළ අදහස්, සංඥාව රටේ බහුතරයක් ප්‍රජාව පිළිගනීවි කියලා අපි විශ්වාස කරනවා. එය බරපතළ ඉල්ලා සිටීමක්. ජාතික ජන බලවේගය සම`ග මේ පිරිස එක් වී ඉන්නේ කිසිදු පෞද්ගලික වරදානයක් බලාපොරොත්තුවෙන් නොවෙයි. උසස් රටක්, උදාර සංස්කෘතික ජීවිතයක්, සහකම්පනය සහිත පුරවැසියන් බිහි කිරීම වෙනුවෙන් දායකත්වය දෙන්න කියලා පමණයි ජාතික ජන බලවේගය අපෙන් ඉල්ලා සිටියේ. රාජගිරිය, තැප්‍රොබේන් උත්සව ශාලාවේ දී ජාතික ජන බලවේගයේ කලා, සංස්කෘතික ප්‍රතිපත්තිය එළිදැක්වීම සැප්තැම්බර් 08 සවස 7.00ට යොදාගෙන තිඛෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමෙන් පසුව හොඳ සංවාදයක් ඇති වන බව අපට විශ්වාසයි.

 

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට කලාකරුවන් පිළිතුරු දෙමින් :

 WhatsApp Image 2024 08 28 at 16.03.40

 

      මෙතැනට පැමිණ නැති ලංකාවේ විවිධ කලාක්‍රෙෂ්ත්‍රවල බොහොමයක් දෙනා ඉන්නවා. ඔවුන්ට ඔබතුමන්ලා ආරාධනා කර තිඛෙනවා ද? ඔවුන් දරන්නේ මොන වාගේ මතයක් ද?

කලාවට සම්බන්ධ බොහෝ දෙනෙක්කෙෂ්ත්‍රයේ ඉන්නවා වාගේම ඔවුන්ට විවිධ දේශපාලන මතිමතාන්තර තිඛෙනවා. දේශපාලන පක‍්ෂවලටත් ඒ අයගේ හිතවත්කම් තිඛෙනවා. නමුත්, උද්ගත වී තිඛෙන තත්ත්වය පිළිබඳව වඩා හොඳින් අවබෝධයක් ලබා ගත් පිරිසක් මේ අවස්ථාවේ මෙම ස්ථානයට පැමිණ සිටිනවා. පසුගිය දශක කිහිපය තුළ කලාවේ පරිහානියට හේතු වූ කරුණු අවබෝධ කර ගත් ජන ජීවිතය බිඳවැටි ඇති ආකාරය මැනැවින් තේරුම් ගත් පිරිසගෙන් කොටසක් මේ අවස්ථාවට එක් වී සිටිනවා. අනෙකුත් කලාකරුවන් සම`ගත් අපගේ යම් සංවාදයක් තිඛෙනවා. ඒ අයත් සුබවාදීව මේ වෙනුවෙන් දායක වෙන්න සූදානමින් සිටින බව දැනෙනවා.

 

      මෙයට පෙර තිබුණු මැතිවරණවල දී ඉදිරිපත් වුණු කලාකරුවන් බොහොමයක් අන්තිමේ දී සොයා ගන්නවත් බැරිව ගියා. ඒ අය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර තිඛෙනවා ද?

 

WhatsApp Image 2024 08 28 at 16.03.383

 

අතීත අත්දැකීම් එක්ක එවැනි ප්‍රශ්නයක් නැගීම ඉතාමත් ම සාධාරණයි. ජාතික ජන බලවේගය මේ විස්තෘත ප්‍රතිපත්ති මාලාව සකස් කර ජනගත කරන්න පෙර සහ මෙම මාධ්‍ය සාකච්ඡාවට පෙර වාර ගණනාවක් කලාකරුවන් කැඳවීමෙන් සහ අපි ඔවුන් ළ`ගට ගිහිල්ලත් සාකච්ඡා කළා. ජාතික ජන බලවේගයේ නායක, අනුර දිසානායක සහෝදරයාගේ මූලිකත්වයෙන්මත් සාකච්ඡා ගණනාවක් පැවැත්වූවා. ඔවුන් මොන තරම් බිඳවැටීමකින්, අපේක‍ෂා භංගත්වයකින් සිටිනවා ද යන්න එම සාකච්ඡාවල දී අපට පැහැදිලි වුණා. කලා, සාහිත්‍ය ෙක‍ෂ්ත්‍රයේ සියලූ ම අංග ආවරණය වන ආකාරයට ෙක‍ෂ්ත්‍රයේ ප්‍රවීණයන් සහ විද්වතුන් සම්බන්ධ කරගෙන ප්‍රතිපත්ති මාලාව සකස් කරන්න හැකි වූයේ එහි ප්‍රතිඵලයක් හැටියට. ලබන 08 වැනිදා එළිදක්වන්නේ ඒ ප්‍රතිපත්ති මාලාව. එය අධ්‍යයනය කර ජාතික ජන බලවේගයත් එක්ක එකතු වී එය කි්‍රයාවට නැ`ගීමේ දී තව දුරටත් පෝෂණය කරමින්, ඉදිරියට යමු යි කියන ආරාධනාව කරනවා. දැනටමත් සිය ගණනක් කලාකරුවන් ඒ සඳහා කැමැත්ත පළ කර තිඛෙනවා.

 

      මැතිවරණ සමයක දී සංවිධාන පිහිටුවාගෙන ආණ්ඩුවක් පත් කර ගත් පසු විවිධ ආයතනවල තනතුරු ලබා ගැනීමෙන් පසුව කලාකරුවන් තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් අනෙකුත් සියලූම ප්‍රතිපත්ති ඉවත දමනවා. ඒ වාගේම මේ වන විට පැරැණි සිනමා ශාලා zෆුඩ් සිටිZ බවට පරිවර්තනය කර තිඛෙන අතර, නව මාධ්‍යයේ පැමිණීමත් සම`ග තවත් බාධා සිදු වී තිඛෙනවා. මේ අභියෝගවලටත් මුහුණ දෙන්නේ කොහොම ද?

 

අපි මේ ප්‍රතිපත්ති මාලාව තුළ ආමන්ත්‍රණය කර තිඛෙන්නේ ම ඔබ ඔය ප්‍රශ්නය න`ගන පසුබිම පිළිබඳව හොඳ අවබෝධයකින්. මැතිවරණවල දී ලබා දුන් බලාපොරොත්තු සුනුවිසුණු කළේ කලාකරුවන් නොවෙයි. ඒ මොහොතවල අපේ රට භාර ගත් උදවියයි. ඒ නිසාමයි කලාකරුවන් නැවත දේශපාලන අදහසකට කැඳවා ගන්න බැරි තරමට දුරස් වී, විඩාබර වී සිටින්නේ. එවැනි තත්ත්වයක් තිබිය දී, මේ මහා සමාජ පරිවර්තනයට කලාකරුවන් විශාල පිරිසක් සහභාගී වී සිටිනවා. කලා, සංස්කෘතික අධ්‍යාපනයේ ඉඳලා ම අපි ඒ නිර්මාණ රසවිඳීම දක්වා සියලූ පරාසයන් ආවරණය කර තිඛෙනවා. ඒ වාගේ ම ඔබ කියූ නාට්‍ය ශාලා, පුහුණු වීම් ස්ථාන අහිමි වීම, චිත්‍රපට මුදාහැරීමේ සහ ඛෙදාහැරීමේ තිඛෙන ගැටලූ සම්බන්ධයෙන් අපේ මූලික අවදානය යොමු කර තිඛෙනවා.

 

WhatsApp Image 2024 08 28 at 16.03.401

 

      ගුණදාස කපුගේ මහත්මයා කම්පන ප්‍රසංගයෙන් සහ නන්දා මාලිනිය පවන ප්‍රසංගයෙන් සමාජය පරිවර්තනය කරන්න විශාල කාර්යභාරයක් කළා. නමුත්, එවැනි තත්ත්වයක් අද සමාජයේ දකින්න නැහැ. එවැනි තත්ත්වයක් පවතින්නේ ඇයි ?

 

කලාකරුවන්ගේ ආත්ම ගෞරවය සහ ෙක‍ෂ්ත්‍ර ගෞරවය රැකෙන ලෙස මේ රටේ පාලකයන් කටයුතු කර තිබුණා නම්, මෙවැනි මාධ්‍ය සාකච්ඡාවකටවත් කලාකරුවන් කැඳ+වීම අවශ්‍ය වන්නේ නැහැ. එසේ නොතිබුණු නිසා තමයි, මේ අවස්ථාවට සහභාගී වූ කලාකරුවන් මත දැක්වූයේ. තමන්ගේ අත තිඛෙන පෑනෙන් මඳකට මිදිලා, මේ මැදිහත් වීම කරන්න දායක වී සිටින්නේ තත්ත්වයේ තිඛෙන බරපතළකම නිසයි. අපි කලාකරුවන් හැටියට ශාස්ත්‍රවන්තයන් හැටියට අපේ ෙක‍ෂ්ත්‍රවල රැෙඳන්න ඉතාමත් කැමැත්තෙන් ඉන්නවා. නමුත්, මහා සමාජයේ තිඛෙන ගැටලූව විස\ ගන්නේ නැතිව අපි සියලූ දෙනාගේ ෙක‍ෂ්ත්‍රවල තනි තනිව කටයුතු කිරීමෙන් කලා නිර්මාණ මිනිසුන් අතරට ගෙන යන්න ඒවාට සම්බන්ධ රසිකයන් පෙළගස්වන්න හෝ එවැනි සමාජයක් වශයෙන් ඉතිරි කර නැහැ. එනිසයි කලා, සංස්කෘතික ෙක‍ෂ්ත්‍රයේ විශාල පිිරිසක් ජාතික ජන බලවේගය සම`ග එක් වී සිටින්නේ. අපි අද මෙතැනට පැමිණ සිටින්නේ කලාව, සංස්කෘතිය පිළිබඳව පැරැණි අදහසින් නොවෙයි. මේ ෙක‍ෂ්ත්‍රයේ මෙතෙක් පැවැති ව්‍යුහයන් වෙනස් කරන්නයි. ඉංගී්‍රසි යුගයේ හඳුන්වා දුන් කලා මණ්ඩල, අණපනත් වැනි ව්‍යුහයන් මෙතෙක් කල් පවතිනවා. අපි යෝජනා කර තිඛෙන්නේ ඊට වඩා ගව් ගණනක් ඉදිරියෙන් තිඛෙන කටයුත්තකට. කලාවෙන් දේශපාලනය කරනවාට වඩා මේ විෂයයට පැවරී තිඛෙන භාරධුර වගකීම වෙනුවෙන් ප්‍රවේශ වෙන්න අපි අපේක‍ෂා කරනවා. අද ලෝකයේ දළ ජාතික නිෂ්පාදිතයෙන් විශාල පංගුවක් නිර්මාණය කරන්නේ ක‍මකඑමර්ක ෂබාමිඑරහ එකෙන්. වෙනත් රටවල ආර්ථීක ප්‍රවාහයේ ප්‍රධාන සංඝටකයක් හැටියට මේ ෙක‍ෂ්ත්‍රය හඳුනාගෙන ඉන්නවා. අපට වසරකින්, දෙකකින් ඒ තත්ත්වය අත් කර ගන්න බැරි වෙයි. අප ඉදිරිපත් කර තිඛෙන ප්‍රතිපත්ති අතර සමහර දේවල් අල්ලන්න පුළුවන් දේවල්, සමහර දේවල් අතින් අල්ලන්න බැහැ. කලාවේ වැඩිපුර පවතින්නේ අල්ලන්න බැරි ආධ්‍යාත්මික දේවල්. නමුත්, සමාජ සංවර්ධනය සඳහා වඩාත් බරපතළ මැදිහත් විම් සිදු කළ හැකි කෙෂ්ත්‍රයක් මේක.

 

      ඔබ මොනවා කීවත්, ජාතික ජන බලවේගය වැල් පාලම කපා දමන්න සූදානම් වන බව ජනාධිපතිවරයා කියා තිඛෙනවා.

 

ඒවාගේ දේවල්වලට උත්තර දෙන එකත් එච්චර ගෝචර නැහැ. වැල් පාලම කෙසේ වෙතත්, එතුමා සහ එම අදහස දරන අය පිළිබඳව දේශපාලනඥයෙක් නොවන මම ප්‍රතිචාර දක්වන්න එතරම් කැමැති නැහැ. කෙටියෙන් කියන්න තියෙන්නේ අවුරුදු හැත්තෑහයක් ම ආවේ වැල් පාලම මත තමයි. ඕක අමුතු පාලමක් නොවෙයි. ඔය පාලමේ පැද්දි පැද්දී තමයි, මේ රට ආවේ. මිනිස්සු ගොඩක් ඔය පාලමෙන් පහළට වැටිලා තිඛෙනවා. මේ වාගේ ශ්‍රේෂ්ඨ කෘතිවල තිඛෙන ශ්‍රේෂ්ඨ අදහස් මේ වාගේ අවභාවිත කිරීම පිළිබඳව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් දන්නවා නම්, සිය දිවි නසා ගන්නවා. ඒ ප්‍රකාශ ගැන තිඛෙන්නේ කනගාටුවක්. බ්‍රෙෂ්ට් වැල් පාලමේ ගීතය ලියලා තියෙන්නේ ඒ අර්ථයෙන් නොවෙයි. අපි ඒ ගැන වෙන අවස්ථාවක වෙනමම සංවාදයක් කරමු.

නවතම ලිපි