SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ  (27)

‘සර්වජන බලය’ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර හමුවූහ.

 

මෙම සාකච්ඡාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන ගැටළුවක් වන්නේ රට තුළ වර්ධනය වෙමින් පවතින බුද්ධිගලනය බවයි. දිගින් දිගටම අනතුරු අඟවා ඇතත් ගැටලුව විසඳීමට අදාළ බලධාරීන්ගෙන් ඵලදායි විසඳුම් ලැබී නොමැති බවත් ඔවුහු අවධාරණය කළහ.

 

D with d 2

 

මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර, මෙය ශ්‍රී ලංකාවේ මානව ප්‍රාග්ධනය සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ තීරණාත්මක ප්‍රශ්නයක් බව පෙන්වා දුන් අතර, මානව සම්පත් කළමනාකරණය සඳහා පුළුල් රාජ්‍ය උපාය මාර්ගයක් රටට නොමැති බව ද පවසා ඇත. 

 

“එවැනි උපාය මාර්ගයක් සකස් කිරීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යයි. ඒකාබද්ධ සේවාවන් ඔවුන්ගේ අද්විතීය ලක්ෂණ මත පදනම්ව වෙන් කළ යුතුය. රාජ්‍ය සේවය යනු ඉතා සුළු සමානකම් සලකා බලා එකට එකතු කරන ලද අසමානතාවල එකතුවක්”

ඔහු වැඩිදුරටත් පැවසීය.

 

“ප්‍රීතිමත් ජාතියක් නිර්මාණය කිරීමේ ප්‍රමුඛතාවය වන්නේ ජනතාවගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සහතික කිරීමයි. එබැවින් ජාතිය නිරෝගීව තබා ගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ වෛද්‍යවරුන් කෙරෙහි වැඩි ආයෝජනයක් කළ යුතු යැයි අපි යෝජනා කරමු. ඒ සඳහා අවශ්‍ය යෝජනා 31 වැනිදා අපේ ජාතික උපාය මාර්ගික වැඩසටහනට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

 

D with d3

 

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල ප්‍රකාශ කළේ අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන්ට සාපේක්ෂව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු පිළිබඳව දිලිත් ජයවීර අපේක්ෂකවරයාට නිසි දැක්මක් සහ අවබෝධයක් ඇති බවයි.

 

“ඇත්තටම අපිට ජනාධිපති අපේක්ෂකයන් 7ක් විතර මුණ ගැහුණා. ඔවුන් සමඟ සාකච්ඡා දිගු උනා. අනෙක් සාකච්ඡා හා සසඳන විට විද්‍යාත්මකව දිලිත් ජයවීර මහතාට අප කතා කරන කරුණු පිළිබඳව යම් දැනුමක් තියෙනවා. ඒ කියන්නේ අපි යෝජනා කරන විසඳුම ඔහු විසඳුම ලෙස හඳුනාගෙන තිබුණා. ඒක තමයි සුවිශේෂත්වය. ඒ ගැන අපි  සතුටු වෙනවා,”

D with D4