SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දැන් සටන ඇත්තේ කවුද ජනාධිපති යන්න තීරණය කිරීම නොව ජීවත් වන්නේ කෙසේද යන්න පිළිබඳ

තීරණයක් ගැනීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු  මේ බව පැවසුවේ ඊයේ (25) රාත්‍රියේ කොළඹදී පැවති ආර්ථික ස්ථාවරත්වය සඳහා නීතිඥයින්ගේ හමුව අමතමිනි.

 

නැවත බොරු කර ඉදිරි ගමනක් යා නොහැකි බවත්, ආර්ථික ස්ථාවරභාවය රටට වැදගත් හෙයින් තමන් කටයුතු කරන්නේ ඒ මත පිහිටා බවත් ජනාධිපති වික්‍රමසිංහ එහිදී සඳහන් කර ඇත.

එළැඹෙන මාසයේ දී  නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය සිදුකිරීමට නියමිත බවත් එම සමාලෝචනයෙන් පසු ඉදිරි වැඩකටයුතු සඳහා ලබන පෙබරවාරි මාසයේදී මුදල් ලැබෙන බවත් යම් හෙයකින් එම ගිවිසුම සංශෝධනය කරන බවට ඔක්තොම්බරයේදී පැවසුවහොත් එම සංශෝධනවලට අදාළව එකඟතාව ලැබීමට තවත් මාස හතරක්වත් යනු ඇති බවත්  ජනාධිපතිවරයා එහිදී කියා සිටියි.

 

“අඩුම ගානේ පොල්තෙල් හරි එකතු කරලා තියාගන්න කාර් එකට දාගන්න. තෙල් හොයා ගන්න බැරි නම්. ඕක ආපහු අලුතෙන් කතා කරන්න මාස කීයක් යයිද? සාමාන්‍යයෙන් අපට තියෙන්නේ මාස දෙකක කතාවක්. සංශෝධනයක් එහෙම ආවොත් මාස හතරක් පහක් යයි. අනිත් රටවල් එක්ක සාකච්ජා කරන්න ඕනේ. මාස අටක්වත් යයි. එතකොට අපි මාස 08ක් ඉන්නවද මුදල් නැතුව. ඉන්න පුලුවන්ද? ඉතින් මේ සටන කවුද ජනාධිපති නෙවෙයි. අපි කොහොමද ජීවත් වෙන්නේ කියන එකයි. ඒ තීරණය අරගන්න ඕනේ අපි. ආපහු බොරු කරලා යනවා නම් අපි වැටෙනවා. ආර්ථික ස්ථාවරභාවය අපිට වුවමනායි. ඒ නිසා මම බලන්නේ මේ වැඩකටයුතු ගැන.” 

යනුවෙන් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවසයි.

නවතම ලිපි