SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනඟන සැලැස්ම සහ දැක්ම ඇතුළත් තම ප්‍රතිපත්ති ප්‍රකාශය

අගෝස්තු  29 වන බ්‍රහස්පතින්දා රටට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව පැවසූවේ මාවනැල්ල බස් නැවතුම්පොළ අසළ අද (27) පස්වරුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

සියලු ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදා කර දෙන සහ තරුණ තරුණයින් වෙනුවෙන් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන වැඩපිළිවෙළ එහි ඇතුළත් බව ජනාධිපති වික්‍රමසිංහ කීවේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේ රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට නම් වැල් පාලමේ ගමන ඉදිරියටම යා යුතු බවත්, වැල් පාලම කපා දැමුවහොත් වැටෙන්නේ ගඟට යන සත්‍යය ජනතාව අවබෝධ කරගත යුතු බවත් ය.