SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ  එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභාපති,

කරු පරණවිතාන සඳහන් කළේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ලොකුවට කතා කළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති පිළිබඳ ලියවිල්ල හුදු සාර සංග්‍රහවාදී ලියවිල්ලක් පමණක් බවය.

 

“හැමදාම ප්‍රතිපත්ති ගැන කතා කරපු, උද්ඝෝෂණය කරපු, පන්ති පවත්වපු අය මූලික වශයෙන් තමන්ගේ ප්‍රතිපත්තිය මේකේ ඉදිරිපත් කරලා නෑ. මේක ප්‍රතිපත්තිමය ලියවිල්ලක් හැටියට අපි දකින්නේ නෑ. මේක මැතිවරණ ප්‍රකාශනයක්. ඉතින් ඇත්තෙන්ම ගත්තොත් එහෙම ජනතා විමුක්ති පෙරමුණ 1965 ඉඳලා දැන් මේ පසුගිය අවුරුද්ද දක්වාම අපි දැකපු දේ තමයි හැමදාම කියපු කාරණාවක් තමයි, මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් ම ඒ අය, ඒගොල්ලෝ කියපු කාරණාව තමයි, ඔය ප්‍රශ්නය විසඳන්න මේ මේ තියෙන ක්‍රමය යටතේ. හැමදාම ඒ අය මේ සහමුලින්ම වෙනස් වූ ක්‍රමයක් ගැන දේශනා කළා. පරිකල්පනය කළා. පුරුදු කළා. ඒක මූලික වශයෙන් සමාජවාදී. හැබැයි අර දැනටත් විවේචන එල්ල වෙන විදිහට සමාජවාදය ගැන එක අකුරක් මේකේ ලියලා නෑ. ඒකෙන් අපිට පේනවා ප්‍රතිපත්ති අතෑරලා තියෙනවා කියන එක තමයි අපිට අදහස. හැබැයි අපි සතුටු වෙනවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරි ප්‍රතිපත්තිවලින් දේශපාලන පක්ෂ විතැන් වෙලා වෙන විදිහට කල්පනා කරන්න පටන් ගැනීම ගැන ඒ ගැන අපිට ආරෝවක් නෑ. අපි ඒ ගැන සතුටු වෙනවා.

 

ලොකු යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් මම ඒ ලේඛනය කියෙව්වා. උදාහරණයක් හැටියට, සෑම පුරවැසියෙකුටම විශ්‍රාම වැටුපක් දෙන්න යෝජනා කරලා තිබෙනවා. ඊළඟ සෑම දුප්පත්කම තුරන් කිරීම පැත්තෙන් ගත්තොත් එහෙම සෑම සීය දෙනෙකුටම, ක්ෂේත්‍ර නිලධාරියෙක් දැනට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ විශාල වියදම් ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සමහර දේවල් හොඳයි. අපි ඒවා නරකයි කියලා කියන්නෑ. ඒ සාර සංග්‍රහවාදීව ඉදිරිපත් කළාට, ඒ ප්‍රතිපත්තිමය පදනමේ, සමහර යෝජනා හොඳයි. හැබැයි, අවසාන වශයෙන් අලියා ගෙනල්ලා හෙන්ඩුව ගෙනල්ලා නෑ වගේ. අවසාන වශයෙන් මේවා ක්‍රියාත්මක කරන්න ධනය කෝ? කොහොම ආදායම? කොහොමද රට ධන උපායන රටක් බවට පත් කරන්නේ කියන එක සම්බන්ධයෙන් මේ පක්ෂය ඉතාම පුදුමාකාර විදිහට මාරාන්තික විදිහට නිහඬ වෙලා තිබෙනවා. මේ ලස්සන රටකට අදාළ ලස්සන වචන තිබුනට පොහොසත් රටක් කරන්න පුළුවන්. රටේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් වැඩපිළිවෙළක් මේ පක්ෂය තුළ නෑ. ඒක අවසාන කරලා තිබෙන්නේ රට අනුරට කියලා. අනුර දිසානායක මහත්මයාට මේ ආකාරයට මෙන්න මේ වගේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට භාර දුන්නොත් අපිට ඉතාම පැහැදිලිවම කියන්න තියෙන්නේ රට පෝසත් රටක් කෙසේ වෙතත් මේ අද තියෙනවාටත් වඩා දුප්පත්කමේ අගාධයට වෙනිසියුලාවට, උතුරු කොරියාවට ගිය තත්වය මූණ දෙන්නයි වෙන්නේ.”