SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමන්තුරේ එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවය පසුගියදා

යුනයිටඩ් යුත් සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

 

එහිදී අදහස් දැක්වූ යුනයිටඩ් යූත් සභාපති සුදත් චන්ද්‍රසේකර..

samantureyi united 2

 

“ලංකාව වැනි රටක  මූලික ලක්‍ෂණය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඒත් අපේ සමහර අය අහනවා ප්‍රජාතන්ත්‍රවාදය කන්නද කියලා. එහි අගය තේරෙන්නේ ලංකාවේත් ප්‍රජාතන්ත්‍රවාදය නැතිවුන දවසක. අද බංගලාදේශය ඒ අවසනාවන්ත ඉරණමට මුහුණ දීලා තියෙනවා සිසු අරගලයක් නිසා. ජනතාවගේ පරමාධිපත්ත්‍යය, අයිතිවාසිකම්,  ආරක්ෂා කර දීම සඳහා මූලික වන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය. ඒ කුළුණු තුන මත තමයි ප්‍රජාතන්ත්‍රවාදය රුදි තිබෙන්නේ. නමුත් ලංකාවේ පසුගිය අරගලය කාලේ පළමුවැන්නා වූ විධායකය කියන කුළුණ අරගලකරුවන් විසින් ගලවා දැමුවා. ඉන් පසුව අරගලකරුවන්  සුදානම් වුනේ පාර්ලිමේන්තුවේ බලය අල්ලාගන්න, පාර්ලිමේන්තුවට පහර දීලා එය විනාශ කරන්න. නමුත් ඒ අවස්ථාවේදී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව ආරක්ෂා කරගත්තා. ඒ නිසා ලංකාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවෙනි කුඵණ ආරක්ෂා වුණා.

 

එදා ඒ නිවැරිදි තීරණය නිර්භයව ගන්න ගරු ජනාධිපති තුමාට කොන්දක් තිබුනා. අද බලන්න බංගලාදේශයට වෙලා තියෙන තත්ත්වය මොකක්ද කියලා. මුලින්ම විධායකය පන්නා දැම්මා. ඊට පස්සේ  පාර්ලිමේන්තුව ගිනි තියලා විනාශ කලා. අග විනිසුරු ඇතුඵ අධිකරණ පද්ධතිය විනාශ කරලා දැම්මා.  අද සම්පූර්ණයෙන්ම බංගලාදේශයේ ප්‍රාන්තවාදය විනාශ වෙලා රට අරාජික වෙලා ඉවරයි. නැවත වතාවක් බංගලාදේශට ගොඩ එන්නට තවත් දශක ගණනාවක් යාවි බුද්ධිමත් නායකයෙකු පත්වුනේ නැතිනම්.

 

අද බංගලාදේශයට අත්වූ අවසනාවන්ත තත්වය අපටත් අත්වෙන්වට තිබුනා. නමුත් වාසනාවකට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා දුන්නා පමණක් නොව, රටේ ආර්ථිකයත් ගොඩ නගලා දුන්නා. බංගලාදේශයටයි, ග්‍රීසියටයි අත්වුණ ඉරණම අපට අත්වෙන්නට තිබුනා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නොසිටින්නට.

 

රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉටුකල එම කැපවීමට, අද මෙතන ඉන්න එක්සත් ජාතික පක්ෂිකයන් විදිහට වගේම අනිකුත් පක්ෂවල ඉන්න සේරම පුරුවැසියන්ටත්  ආඩම්බර විය හැකි කරුණක් කියලා මම සලකනවා. එක්සත් පක්ෂ නායකතුමා අද ස්වාධීන අපේක්ෂක විදිහට ජනාධිපතිවරණ ඉදිරිපත් වුවත්, එක්සත් ජාතික පාක්ෂිකයන් විදියට ඔබගේ යුතුකමත් තිබෙනවා එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්න. රට බේර ගත්ත නායකයාට චන්දයක් දෙන්න ඕනේ කියලා ජනතාව දැනුවත් කරලා,  අපි තවත් ප්‍රචාර කටයුතු කරලා එතුමගේ ජයග්‍රහණය තහවුරු කරලා, රටේ අනාගතය ජයග්‍රහනය කරවන්න කැපවෙන්න කියලා ඔබ සියඵ දෙනාගෙන් මම  ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

 

ඔබගේ කොට්ඨාශ සංවිධායක ලොයිඩ් මහතා විසින් පක්ෂය වෙනුවෙන් කරන සේවය අපේ ඉතා අගය කොට සලකන අතර එතුමාට මේ කටයුතු තව තවත් වැඩිවෙන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

 

මෙම අවස්ථාවට යුනයිටඩ් යූත්  සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රවීණ රංගන ශිල්පි අර්ජුන කමලනාත්, කාන්තා අංශයේ ප්‍රධානී රංගන ශිල්පිණි ශෂිකලා හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ  මෙහෙයුම් ඩොනල් පෙරේරා සහ භාණ්ඩාගාරික මනෝජ්  පුංචිහේවා මෙන්ම  සමන්තුරේ සංවිධායක ලොයිඩ් ඇතුඵ පිරිසක් සහභාගි වී තිබුණි.

 WhatsApp Image 2024 08 27 at 14.42.14WhatsApp Image 2024 08 27 at 14.42.15WhatsApp Image 2024 08 27 at 14.42.132WhatsApp Image 2024 08 27 at 14.42.142

@යුනයිටඩ් යූත් මාධ්‍ය ඒකකය