SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමහරු පිටරටවල්වලට ගොස් රට ගැන  බොහෝ කතාකරන බවත්, රට ගැන කතා කරන්න ඒතරමට ආසනම්

ලංකාවට පැමිණ මේ ගැටළුවලට උර දිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

 

පසුගිය ජනාධිපතිවරණයේදී මේ පිරිස තමන් පැමිණියේ අන් කවර දේකටවත් නොව තම අතින් සල්ලි වියදම් කරගෙන පැමිණියේ ගෝඨාභයට ජන්දේ දෙන්නට අන්තිමට රටටම කෙලවිලා ගියා යැයිද හිටපු ඇමතිවරයා කීවේ ය.

මෙවර මැතිවරණය යුද්ධයක් වැනි දෙයක් බවත් මැතිවරණය පරාද වුවහොත් බොහෝ දෙනා රටින් පිටව යනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියයි.

 

මේ රට අපි බේරගන්න ඕනේ. මේක අපේ රට.

ඔය කට්ටිය ඉන්නවනේ පිටරටවල්වල ගිහිල්ල හරියට කතා කරනවා රට ගැන. රට ගැන කතා කරන්න ඔච්චර ආසනම් මෙහෙට ඇවිල්ල මේකට කර උර දීලා කරන්න එපැයි. ගියපාර ඇවිල්ල කිව්වා මොනවක්වත් නැහැ අපි අවේ ගෝඨාභයට ජන්දේ දෙන්න.අපි ආවේ අපේ අතින් සල්ලි වියදම් කරලා කියල. මොකක් නැතිවුණත් රටක් තියෙන්න ඕනේ කිව්වා. අන්තිමට රටටම කෙලවිලා ගියා.

 

මේ පාරත් දෙන්න පුළුවන් කට්ටිය ගෙනල්ලා. අපි මේ අතින් සල්ලි දීලා එන්නේ. අපේ අනුර සහෝදරයට ජන්දේ දීලා වැදගත් රටක් හදන්න මේ එන්නේ කියල කියයි. මොකද ඒ අයට රටට කෙළ වුණාට කමක් නැහැ එහෙට ගිහිල්ලා විස්කි එක ගහගෙන ඉන්නවා. ආපහු මෙහෙ එවුන්නෙ නහින්නේ.

 

අපේ අය ආපහු පෝලිම්වල. දරුවන්ට කිරිපිටි ටික නැතුව අම්මලා අඩා වැලපී වැලපී ඉන්න වෙන්නේ. එයාලට මේක ක්‍රීඩාවක් වුණාට අපේ මිනිස්සුන්ට ජිවිතය පිළිබඳ ප්‍රශ්නයක්. යම්කිසි බුද්ධියක් තියෙන මිනිහෙකුට මේ වෙනස තෝරා ගන්න බැහැ කියල මට නම් හිතාගන්න බැහැ.

 

මේක වෙනද ජන්ද වගේ නෙවෙයි. මේක ජන්දයක් නෙවෙයි මහ යුද්ධයක් වගේ දෙයක්. මේක පරාද වුණොත් මේ රටෙන් බොහෝ අය මේ රට දාලා යයි. මේ රටේ බුධිමතෙක්, ඉගෙන ගත්තු මිනිහෙක් ඉන්න එකක් නැහැ. මහ බැංකුවේ පවා ඉහළ විශාල පිරිසක් ඉන්නවා මේක වෙනස් වුණොත් එහෙම මෙහෙන් යනවා කියල. මොකද අද මහ බැංකුවේ අයට ඕනෑතරම් රස්සාවල් තියෙනවා පිටරට.

 

මේ සැරේ ජන්දේ දෙන්න ඕනේ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයට නෙවෙයි ලාංජනය මොකක්ද මේක අපේ රට. එච්චරයි මම කියන්නේ. දැන් මෙයා වැඩ පෙන්නුවනේ. තව කෙනෙක් ට්‍රයි කරන්නේ මොකටද? එයාට ට්‍රයි කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ.

 

ගිය සැරේ සජිත් ප්‍රේමදාස පැනල ගියා මාස තුනක් යනකන් හිටියේ නැහැ. හකීම්ලා එහෙම ගිහින් බොහොම අමාරුවෙන් අපිට කලිසම ඇදන් පාරට බහින්න් බැරි තත්ත්වයක් උදා කෙරෙවේ කියල එක්කගෙන ආවා. ඒ හින්දා මේ සැරේ මෙයාට කෙළවුණ හැටියේ මෙය යනවා. කොහේ හරි ගිහින් එයා යයි යාලට. අපි කොහේ යන්නද? ඒක පිටිපස්සේ ගිය අය යන්නේ කොහෙද? ඊට පස්සේ ගියපාර පොහොට්ටුවේ ගෙවල් ගිනිතියගත්තා මේ සැරේ අනිත් අයගේ ගෙවල් ගිනිතියා ගනී. එච්චරයිනෙ කරන්නේ. මෙහෙම පත්වෙමින් රටකට යන්න බැහැ.

 

දැන් හොඳ තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. මුළු ජාත්‍යන්තරයම අවබෝධ කරගෙන තියෙනවා. ලෝකයේ ආධාර එන්න පටන් අරන් තියෙනවා. ආයෝජන එන්න පටන් අරන් තියෙනව. ජපානයත් ඇවිත් එයාලගේ නැවතුණ ආයෝජන ඔක්කොම ආරම්භ කරනවා. ආයෝජන එද්දී එන්නේ ඩොලර් බිලියන දාස් ගානක්. ඒවා එන්න එන්න බඩු මිල අඩුවෙනවා. ඩොලරය අඩුවෙනවා. ඩොලරය අඩුවෙනකොට බඩු මිල අඩුවෙනවා. උද්ධමනය අඩුවෙනවා, මිනිසුන්ට හොඳ දවසක් උදා වෙන්නේ.”