SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හෙන ගහනවා වගේ බදු ගහනවා! බඩු මිල නග්ගනවා!

ලයිට් බිල්-වතුර බිල් අහස උසට නග්ගනවා!

බාල බෙහෙත් ගේනවා!

ගෑස්වලින් ගල් අඟුරුවලින් හොරකම් කරනවා!

VFS ගනුදෙනුවෙන් ඩොලර් බිලියන 2.75ක් හොරකම් කරන්න හැදුවා!

 

සදුදා (26) සමගි ජන සන්ධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් ස්වාධීන ජනාධිපති  අපේකෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්ව ඇති කණ්ඩායම කෙබඳුද යන්න ගැන ගැන අදහස් දක්වා ඇත.

 

“ඒ වගේම අද වනවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ ඉන්නේ අසුචි පොහොර චෝදනාව එල්ල වුණ මහින්දානන්ද ඉන්නවා , මීගමුවේ ලන්සා ඉන්නවා , අත්හිට වූ සිරදඩුවම් ලබපු ප්‍රසන්න රණතුංග ඉන්නවා , උඩතලවින්න මිනිමරුම් චෝදනා තිබෙන ලොහාන් ඉන්නවා , පයාගල මාල කඩපු රෝහිත ඉන්නවා , පතෝල වගේ ඉන්නේ අගමැති දිනේෂ් ගුණවර්ධන ඉන්නවා , අන්තලාවේ භික්ෂු ඝානතයට සහ දළදා මාලිගාවට බෝම්බ ගහපු කරුණා සහ පිල්ලෙයාන් ඉන්නවා , බාර් කුමාර් ඉන්නවා , 94 ඉදලා ආණ්ඩුවල ඇමැතිධූර දරපු පිරිසක් ඉන්නවා. ජනතාව ප්‍රතික්ශේප කරපු පිරිසකුත් ඉන්නවා. ඒ අනුව පුලුවන් ශ්‍රී ලංකා වෙන්නේ ආයෝජන ගේන්න , අපනයනය වැඩි කරන්න , ජනතාවගේ ජිවනබර අවම කරන්න , බදු අඩුකරන්න නෙවෙයි හොරකම් කරන්න.

 

‘‘පුලුවන් ශ්‍රී ලංකා කියලා තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා මැතිවරණ තේමාව වශයෙන් භාවිතා කරන්නේ. කෙසේ නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පුළුවන් ජනතාව මත අධික බදු බරක් පටවන්න , බඩුමිල අහස උසට නග්ගන්න පුලුවන් , විදුලිබිල සියයට 300 කින් නග්ගන්න පුලුවන් , ජනතාවගේ ජිවන වියදම ඉහළට ගෙනියන්න පුලුවන් , ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගේන්න පුලුවන් , ගල්අඟුරුවලින් හොරකම් කරන්න පුලුවන් , වී එස් ගනුදෙනුව හරහා කෝටි 9000 ක් හොරකම් කරන්න උත්සහ කරන්න පුලුවන් , ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රට ගොඩගන්න දුන්න ආධාරයට වඩා පුලුවන් ශ්‍රි ලංකා කණ්ඩායම ඩොලර් බිලියන 3 කට වඩා වංචා කරන්න.

 

බංකොලොත් රටේ තවම ණය ගෙවීම ආරම්භ කරලා නෑ. ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වුණාට පස්සේ ණය ගෙවීම ආරම්භ කරන්න ඕන. ණය ගෙවන්න නම් ඩොලර් ආදායම වැඩිවිය යුතුයි. ඩොලර් ආදායම වැඩි කර ගන්න සෘජු විදේශ ආයෝජන සහ අපනයනය වැඩි කරන්න ඕනි. පසුගිය වසර දෙක තුළදී කිසිදු සෘජු විදේශ ආයෝජනයක් රටට ගෙන එන්න ආණ්ඩුව කටයුතු කළේ නෑ. ලංකාවට ඇවිත් අයෝජන කරන්න ආයෝජකයන්ට කිසිදු විශ්වාසයක් නෑ. කප්පම් දෙන්න වෙයිද, කොමිස් දෙන්න වෙයිද කියන සැකය ආයෝජකයන්ට තිබෙනවා”.

 

උපුටාගැනීම - Lankanewsweek ඇසුරිනි.