SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති අපේක්ෂකයින් විසින් ජනතාවට ආහාර පාන හෝ සංග්‍රහ ලබා දීම සඳහා සාද පැවැත්වීම

ජනාධිපති මැතිවරණ පනතට යටතේ වරදක් වන අතර එම නිසා ඔවුන්ට එසේ කිරීම තහනම් වන බව මැතිවරණ කොමිසමේ ඉහළ නිළධාරියෙකු පවසයි.

මීට පෙර මැතිවර්ණයන්හි දී අපේක්ෂකයින් තම ආධාරකරුවන්ට සාද පැවැත්වීම යොදා ගත් නමුත් ඒ කාරණය ඒ වන විට ගැටළුවක් ලෙස මතු වූයේ නැති තරම් වීය.

 

කෙසේ වෙතත්, ජනාධිපති අපේක්ෂකයෙකු විසින් අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබූ  ප්‍රදේශයේ  වෘත්තීයවේදීන් සහ විද්වතුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ සාදයක් සහ උත්සවයක් මැතිවරණ බලධාරීන් විසින් නැවැත්වීමත් සමඟ ඒ පිළිබඳ ව  යළිත් මහජන සංවාදයක් මතුව ඇත.

 

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමිසීම්වලදී කොමිසමේ උසස් නිළධාරියෙකු පවසන්නේ  එවැනි සැලකීම් ජනාධිපතිවරණ පනතට අනුව පෙළැඹවීම්වලට සමාන වන බැවින් එවැනි සාද පැවැත්වීම තරඟ කරන අපේක්ෂකයින් සිදු නොකළ යුතු බවය.

 

වැඩිදුරටත් ඔහු පවසන්නේ පනතේ 77 වගන්තියට අනුව මෙසේ සැලකීම වරදක් වන බවය. අපේක්ෂකයින් විසින් ඡන්දදායකයින්ට  ආහාර, බීම, ප්‍රණීත ආහාර හෝ තෑගි පිරිනැමීම සිදු නොකළ යුතු ය.

 

ජනාධිපතිවරණ ප්‍රචාරණය දැන් මැරතන් තරඟයක් බවට පත්ව ඇත. ඔවුන් දැන් ඉදිරියට යන්නේ ගෙයින් ගෙට ගොස් දොරට තට්ටු කර පත්‍රිකා ලබාදීමෙන්, රැස්වීම් පැවැත්වීමෙන්, අපේක්ෂක වාද විවාදවලින්, මාධ්‍ය සම්මුඛ සාකච්ඡා හරහා ය. ජනාධිපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වෙනිදා ට යෙදී ඇත.