SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’  ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම

අද (26) - තලවතුගොඩ මොනාක් ඉම්පීරියල් හි දී පැවැත්විනි.

 

එම අවස්ථාවට එක්වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයට පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකම්ම නිකම් කොළ කැබැල්ලක් නොවන බවත්, වචන ටිකක් පමණක් නොවන බවත් එය මේ රටේ ජනතාව සමග තම පක්ෂය එළැඹෙන සමාජ ගිවිසුමක් බවය.

 

“මැතිවරණ කාලවලදී සාම්ප්‍රදායිකව විවිධ පක්‍ෂ ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශන එළිදක්වනවා. ඒක පුරුද්දක් හැටියටත් කරනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල වටිනාකම මොකක් ද? ඉතිහාසය පුරාම අවුරුදු හැත්තෑහයක්ම ක්‍රියාත්මක කර තිබෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශන අමතක කර ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාමාර්ග ගැනීමේ දේශපාලන සංස්කෘතියක් අපි දකිනවා. විශේෂයෙන්ම පසුගිය දශක දෙකක පමණ කාලය තුළ මේ බව වර්ධනය වී ඇවිත්, අද ඉතාමත්ම හොඳින් මේ විකෘතිය දකින්න පුළුවන්. පක්‍ෂ මාරු කිරීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශනවලට හාත්පසින්ම වෙනස් දේවල් ක්‍රියාත්මක කරන ආකාරය අපි දකිනවා. මැතිවරණයෙන් පස්සේ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ගැනීමට කිසිදු අවස්ථාවක් ජනතාවට හිමි නොවී නිකම්ම නිකම් කොළ කෑලි බවට පත් වෙනවා. ජාතික ජන බලවේගය පිවිසෙන්නේ මේ තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් කරන්නයි. ජනතාවට, පුරවැසියන්ට ගරු නොකරන මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම අපට ඉතාම අවශ්‍යයි.

 

ජාතික ජන බලවේගයේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන්නේ එවැනි පසුබිමකයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකම්ම නිකම් කොළ කැබැල්ලක් නොවෙයි; වචන ටිකක් නොවෙයි. මේ රටේ ජනතාව එක්ක අපි එළැඹෙන සමාජ ගිවිසුම මේකයි. ඒ ගිවිසුම අපට වටිනා දෙයක්. අපි ඊට ගරු කරනවා. ඒ ගිවිසුමට අනුවයි, අපි ක්‍රියාත්මක වෙන්නේ. මේ මොහොත එතරම් ම වැදගත් වෙන්නේ ඒ නිසයි. අපේ රට වෙනස් කරමින්, දියුණු කිරීමට අප තුළ තිබෙන දැක්ම, ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දේශපාලන කැපවීම අවශ්‍යයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මේ සියල්ල අන්තර්ගත වන බව අපි විශ්වාස කරනවා. මෙය වසර ගණනාවක් කැපවීමෙන් බොහෝ දෙනකු සම්බන්ධ වී සකස් කළ ප්‍රතිපත්තියක්. එය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි බලය ලබා ගැනීමට අපේක්‍ෂා කරනවා”.