SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණය මේ රටේ අනාගතය තිරණය කරන මැතිවරණයක් බවත්

එම නිසා මෙම මැතිවරණයේදි ඉතාමත් කල්පනාකාරිව හොදින් සිතා බලා තම ඡන්දය බාවිතා කිරිමට මේ රටේ ඡන්දදායකයන් පියවර ගත යුතු බව ස්වාධිණ ජනාධිපති අපේක්ෂක හිටපු පාර්ලීමේන්තු මංත්‍රි කේ. කේ. පියදාස පවසයි.

 

මෙවර ජනාධිපතිවරණයට 39 දෙනෙකු අපේක්ෂකත්වය සඳහා නාමයෝජනා බා දී ඇති සැබෑ ලෙසම තරඟ වදින්නේ ඉන් දහයකටත් අඩු සංඛ්‍යාවකි.

බොහෝ අපේක්ෂකයින් තරඟ වදින්නේ තවත් අපේක්ෂකයෙකුට ආදාර පිණිස බව මේ වනවිට මැතිවරණ කොමිසම මෙන්ම මහජනතාව ද දනිති.

 

ඒ අනුව හැටන්හි ඔහුගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස දැක්වූ ජනපති අපේක්ෂක  කේ. කේ. පියදාස මෙසේද පවසයි.

 

“මෙවර ජනාධිපති මැතිවරණය සදහා පක්ෂ නියෝජනය කරමින් හා ස්වාධිනව අපේක්ෂයන් 39 දෙනකු තරග කරනවා එම 39 දෙනා අතර මමත් එක් අපේක්ෂකයෙන්  මම තරග කරන කිසිම අයකුට දොස් කියන්නේ නැහැ මම මගේ ප්‍රතිපත්ති කියමින් තමයි මේ මැතිවරණයට ඉදිරි පත් වෙන්නේ.

 

ව්‍යාපාරිකයකු ලෙස ඉදලා දේශපාලනයට පිවිසි මම පාර්ලීමේන්තුව මධ්‍යම පලාත් සභාව නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධනයට මට කල හැකි දේ හැකි අයුරින් ඉටු කලා එත් මෙම දිස්ත්‍රික්කයේ තවත් කල යුතු බොහෝ දේ පවතිනවා.

 

මම මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මේ රටේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් අපිට මතකයි මෙයට වසර දෙකකට පමන මේ රට පැවති අයුරු එම තත්වයන් මත මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණය තිරනාත්මක මැතිවරණයක් එම නිසා මේ රටේ සියළුම ඡන්ද දායකයන් ඉතාමත් කල්පනාකාරිව තම ඡන්දය බාවිතා කිරිමට පියවර ගත යුතුයි’

 

එසේ නැති වුනොත් සිදු වන්නේ මේ රටේ අනාගතය විනාශ විමයි එම නිසා මෙවර මැතිවරණයට ඉදිරිපත්ව ඇති මා ඇතුළු සියළුම අපේක්ෂකයන් පිලිබදව හොදින් සොයා බලා සුදුසුම පුද්ගලයාට තම ඡන්දය ලබා දිමට පියවර ගන්නා ලෙස සියළුම ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටිනවා".

 

@මනුර සුදත් සෙල්ලහේවා

cnews