SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගියදා ජනාධිපති වික්‍රමසිංහ විසින් ජනාධිපති උපදේශකවරුන් ලෙස

හිටපු අමාත්‍යවරුන් දෙපලක් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පත්කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය හමුවේ, ඔවුන් දෙදෙනා මැතිවරණ කටයුතු සඳහා තම වරප්‍රසාද අවභාවිත කරන්නේද යන්න පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. 

සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසන්නේ  ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදු කරන ලද පත්වීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවය.

එහෙත්  අපේක්ෂකයෙකු වුවද ඔහු විධායක ජනාධිපතිවරයා ය. මේ නිසා පත්වීම් ලබාදීමේ ව්‍යවස්ථාමය බලය ජනාධිපතිවරයා සතුව පවතින බව මැතිවරණ කොමිමේ සභාපතිවරයා පැහැදිලි කර කියයි.

වැඩිදුරටත් අදහස් දක්වන සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක,

“කෙසේ වෙතත්, ඉහත කී හිටපු ඇමැතිවරුන් අපේක්‍ෂකයකුගේ ප්‍රවර්ධනය සඳහා වාහන වැනි වරප්‍රසාද භාවිත කරන්නේ නම් එය මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්,”

"එබැවින්, මේ දෙදෙනා මැතිවරණ අරමුණු සඳහා ඔවුන්ගේ වරප්‍රසාද අනිසි ලෙස භාවිතා නොකරන බව සහතික කිරීම සඳහා කොමිසම උකුස්සෙකු මෙන් බලා සිටිනවා,"

ඔහු වැඩිදුරටත් පැවසීය. 

@dailymirror