SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසරේ ශුද්ධ ආදායම බිලියන 12.1ක් වන බවට තොරතුරු වාර්තා වේ.

එය 2022 වසරේ ආදායමට සාපේක්ෂව සියයට 105ක වැඩිවීමකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2023 මූල්‍ය වර්ෂයට අදාළ විගණනය  ඊයේ (24)  පැවැත්වුණ අතිවිශේෂ මහා සභා රැස්වීමට ඉදිරිපත් කර තිබෙන අතර එහි දී එය ඒකමතිකව අනුමත ව ඇත.

එහිදී ශුද්ධ ආදායමේ සැලකිය යුතු වැඩිවීමක් මූලික වශයෙන් ප්‍රධාන ආදායම් මාර්ග හතරට හේතු වී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක ගිවිසුම් සහ ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් වූ ලැබීම් ඒ අතර වේ.