SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළ කරනු ඇතැයි වාර්තා වූ 

 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක නාමල් රාජපක්ෂ තරුණ අපේක්ෂකයාගේ ජන රැලියකට එක්ව ඇත.

සී බී රත්නායක පසුගිය මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් දෙවෙනි වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරයා වන අතර ජනාධිපති මැතිවරණය වෙනුවෙන් දිවුලපිටියේ පැවති ජන රැලියට ඔහු එක් වී ඇත.

පසුගිය දිනවල බොහෝ මාධ්‍යවල පළව තිබුණේ සී බී රත්නායක ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළ කරනු ඇති බව ය.

මේ අතර මීට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග ඉතා සමීපව ඇසුරු කළ දැනට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට එකතු වීමට ගොස් ඇති කිහිප දෙනෙකු පසුගිය දිනෙක වි‌ජේරාමයේ නිල නිවසකදී පැය කිහිපයක් තිස්සේ රහස් සාකච්ඡාවක නියැලී ඇතැයි වාර්තා වේ. ඒ පිළිබඳ ප්‍රවෘත්තිය ඉතාම නුදුරු මොහොතක මාධ්‍ය වෙත වාර්තා වනු ඇති බව ආරංචිමාර්ග පවසයි.