SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් එක්ව සිටින කණ්ඩායම් කිහිපයක්

පිල් කිහිපයකට බෙදී ඇතැයි සී නිවුස්  වාර්තාවකින් කියා ඇත.

 

මේ බව සනාථ කෙරෙන තොරතුරු මැතිවරණ කාර්යාලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් අප වෙතද ලැබී ඇත.

 

එම කණ්ඩායම් අතර තරඟකාරී තත්වයක් හට ගෙන තිබෙන බවත් ගම්පහ ප්‍රදේශයේ කප්පම්වලට  කප් එක ගසා වරදකරුවෙකුව සිටි ප‍්‍රබල ඇමතිවරයෙකුගේ දෝණියැන්දාවක් අනෙක් සියලු පාර්ශව පරදවා සියළුම ප්‍රචාරක රැස්වීම්හි න්‍යාය පත්‍රයේ සිට තීන්දු  තීරණ ගන්නා බවත්,  ප්‍රචාරණ යාන්ත්‍රණයම ඇයගේ අල්ල උඩට ගැනීමට එකී ඇමතිවරයා උල්පන්දම් දී ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

මේ සම්බන්ධයෙන් එජාප ප‍්‍රබලයින් කිහිප දෙනෙකු තම විරෝධය පෙන්වා ඇතත්,  විශේෂ අවධානයක් යොමු කරමින් තමන්ගේ පෞද්ගලික කැපී පෙනීම වෙනුවෙන් මේ අවස්ථාවේ ක්‍රියා කරන කිසිවෙකුටත් ඉඩ නොදිය යුතු බව පක්ෂ කළමනාකරණ කමිටුවේ දී එක් ප්‍රබලයෙකු  අවධාරණය කර තිබියදීත් ඒ වැඩේ නතර කිරීමට එජාපය අසමත්ව ඇතැයි කියැවේ.

 

වැඩි ඡන්ද ප්‍රමාණයක් සැරිසරන ප්‍රදේශයන්හි ප්‍රචාරක රැළි වලින් පසු කිසිදු මැතිවරණ කටයුත්තක් නොකෙරෙන බවත් බොහෝ දෙනා සල්ලි කුට්ටි බෙදා ගැනීම වෙනුවෙන් අනලස්ව තරඟයක නියැලෙන බවත් තම අපේක්ෂකවරයා මේ කිසිවක් නොදැන හෝ සුපුරුදු නෑසූකන්වලා හිඳිමින්  'මම නැති උනොත් ගෑස් නැති වෙනවා' යැයි  ජනතාවට ගෑස් පෙන්වනවා යැයි සුවාදීන නැති පාක්ෂිකයෙක් මැසිවිලි නගමින් රාත්‍රී භෝජන සංග්‍රහයකදී කියන්නට පටන් ගෙන ඇත.

 

එක්ව ජයගන්නට කතා කරන කට්ටියට එක්වැ කැම්පේන් එකක්වත් කරගන්නට නොහැකි යැයි බලා සිටින්නන් කතාවෙති.

 

 

#Gossip