SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රත්නපුර මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තලතා අතුකෝරල 2024 අගෝස්තු මස 21 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි

පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

 

පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මේ බව  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දන්වා ඇත.

 

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම් දීම සිදුකර ඇත.

 

talata yayi karu eyi

 

ඒ අනුව එළැඹෙන මස 03 වැනි දින තලතා අතුකෝරලගෙන් හිස්වන පාර්ලිමේන්තු අසුනට මීළඟට මනාප ලැයිස්තුවේ සුදුසුකම් ලබා ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ කරූ පරණවිතාන දිව්රුම් දීමට නියමිත බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

නවතම ලිපි