SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 ජනාධිපතිවරණය සදහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂක වශයෙන් ඉදිරිපත් කර ඇති නාමල් රාජපක්ෂ

අන්ත පරාජයක් ලබන බව නුවරඑලිය දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්.බි දිසානායක පවසයි.

 

ඔහු ඒ බැව් කියා සිටියේ ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් මස්කෙලිය ආසනයේ ඒකාබද්ධ බල මණ්ඩල රැස්විම ගිනිගත්හේන සමුපකාර උත්සව ශාලාවේ පැවති අවස්තාවේදි පැමිණි සිටි පාක්ෂිකයන් අමතමිණි.

 

ඔහු කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂකයා වශයෙන් ව්‍යාපාරික ධම්මික පෙරේරා විශාල මුදලක් රැගෙන මැතිවරණයට සුදානම් වු බවත්, එම මුදල් වලට කෑදරකමින් බැසිල් රාජපක්ෂ කටයුතු කල බවයි.

 

නාමල් රාජපක්ෂ මෙම මැතිවරණය සදහා තවමත් පරිපුර්ණ නොවන බවට තමන් පවසා සිටි බවත්, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් විශාල පිරිසක් ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ ට සහය දැක්විමට එකගතාවය පල කිරිමත් සමග ව්‍යවසායක ධම්මික පෙරේරා තමා පරදින්න ජන්දය ඉල්ලන්නේ නෑ  යනුවෙන් පවසමින් අපේක්ෂකත්වය ලබාගැනීමෙන් ඉවත් වු බව එස්.බි දිසානායක මන්ත්‍රීවරයා කියා ඇත.

නවතම ලිපි