SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරය පිළිබඳ කතිකාව වරින් වර කරලියට එන්නේ සමහර එජාප නායකයින්ගේ බලාපොරොත්තු අවුළුවමින් ය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකී ධූරයට පත්වූ පසු එජාපය ප්‍රතිසංවිධානය වේ යැයි ඉමහත් බලාපොරොත්තු තැබු පාක්ෂ්යෝ  වූහ.

 

එම ප්‍රතිසංවිධාන කාර්යයේලා ප්‍රධාන තනතුරක් වූ මහලේකම් ධූරය ලබාගැනීම වෙනුවෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක විවිධ ආකාරයේ රැවටීම්වලට ලක්වූ බව දන්නෝ දනිති.

පසුව සිදුවූයේ රවීට ජාතික ලේකම් වැනි එලොවටත් මෙලොවටත් නැති තනතුරක් ඇතිකර එය නමට ඈඳීමය.

රවී අවසානයේ දෙන ලද ඊනියා ජාතික ලේකම් තනතුර බාරගෙන පසෙකට වූයේ කළහැකි අන් කිසිවක් නොවූ නිසාය.

 

එජාපයේ රත්නපුරයේ දැවැන්තයෙකු වූ නැසී ගිය ගාමිණී අතුකෝරාල හිටපු පක්ෂ මහලේකම් වරයාගේ නැගෙනිය තලතා අතුකෝරාල සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටියදී ඊයේ ඉන් ඉවත්වූයේ රනිල් සජිත් නායකයින් දෙපළ එක්ව මැතිවරණයට ඉදිරිපත් නොවීම පිළිබඳව තම කණගාටුවද ප්‍රකාශ කරමිනි.

 

ඇය, තම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවට ඊයේ පාර්ලිමේන්තුවේදී දුන් ප්‍රකාශයට අනුව නිල වශයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද වනතුරුත් පාර්ලිමේන්තු මහලේකම් වෙත බාරදී නැති බවත් පුවත් වාර්තා විය.

 

මේ අතර ඊයේ රාත්‍රී රැස්වූ දේශපාලන කසුකුසුවකින් වාර්තා වූයේ  එජාපය විසින්  එහි මහලේකම් ධූරයට තලතා අතුකෝරාලව පත්කිරීමට නියමිත බවත් ඇය එයට කැමැත්තෙන් පසුවන බවත් ය.

 

අතුකෝරාල පවුලට එජාපයේ මහලේකම් ධූරය  ආගන්තුක නොවනු ඇති බවත් ඊයේ දවසේ කටගැස්මට එකී මාතෘකාව ගත් අයගේ අදහස විය.

 

එහෙත් ආරංචිමාර්ග පවසන්නේ මෙම යෝජනාවෙන් රංගේ බණ්ඩාර කණස්සල්ලෙන් පසුවන්නේය කියාය.

රවීටත් තරු පෙනෙන්නේ මේ වේලාවට ය.

මේවා හුදෙක් ගොසිප් වුවත් ගින්නක් නැතිව දුමක් නගින්න හැටියක්ද නැතැයි සමහර දෙනෙකුගේ අදහස වී ඇත.

 

#Gossip

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි