SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ(21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දුන්  

රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීනී තලතා අතුකෝරාල තම ඉල්ලා අස්වීම අස්කරගැනීමේ සූදානමක් පවතින බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග වාර්තා කරයි.

 

පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදුකළා වුවද එම ඉල්ලා අස්වීම  නිල වශයෙන්  සිදු වන්නේ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණී රෝහණධීර වෙත තම ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදුන් පසුව ය. එහෙත් ඇය මෙතෙක් මහලේකම්වරිය වෙත තම ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී නැතැයි පැවසෙන අතර ඉල්ලා අස්වීම නොදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එක් වීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

 

මෙකී තීරණයට පදනම් වී ඇත්තේ ඇය ඊයේ දිනයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට වූ නිවේදනය සමග මීළඟට එම පක්ෂයෙන් තරඟ වැදී මනාප ලේඛනයේ අවස්ථාව හිමිකරගෙන සිටි හිටපු අමාත්‍ය කරූ පරණවිතාන පත්වීම සම්බන්ධයෙන් විශාල ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් වීමත්, රත්නපුර සජබ සහ ජනරජ පෙරමුණු පාක්ෂිකයන්ගේ නව පිබිදීමත් සමග තලතා අතුකෝරාල මන්ත්‍රිනිය තම තීරණය ආපස්සට ගනිමින් සිටින බවයැයි එකී ආරංචිමාර්ග වලින් කියැවේ.

 

කෙසේ වුවද ඊයේ දිනයේ තලතා අතුකෝරාල මන්ත්‍රිනිය සිදුකළ ප්‍රකාශය පිළිබඳව බොහෝ දෙනාගේ අවදානය යොමුව තිබූනි.

 

අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ තලතා අතුකෝරල ඉතාමත් වැදගත් විදිහට සිය  මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ බවය.

 

ඊයේ තලතා අතුකෝරාල ස්වකීය ධූරය අත්හරිමින් කියා සිටියේ මන්ත්‍රීධූරය අත්හැරීම පිළිබඳව  ඇයට කිසිදු දුකක් නොවන බවය.

 

"මන්ත්‍රී ධුරය අත්හැරීම මගේ හිතට කිසිම දුකක් නෑ. අද ඒ තීරණාත්මක අවස්ථාවට තමා මම මේ මුහුණදී සිටින්නේ. ඒ බව පළමු වතාවට මම මේ සභාවේදී දැනුවත් කරනවා. 

 

පක්ෂය දෙකඩ වීම ගැන මගේ කැමැත්තක් නෑ. සමගි ජන බලවේගයේ අපේක්ෂිකාවක් වශයෙන් ජයග්‍රහණය කළත් මම තාමත් හිතන්නේ, එදා අනාගතය ගැන හිතන්නේ නැතුව අපි ගත්ත තීන්දුව හරිද කියා. එය හැමදාම වගේ හිතට වදදෙනවා. අපේ දැවැන්ත පක්ෂය දෙකඩ කරන්නට මම දායක වුණා ද යන සිතුවිල්ල මා ලැබූ මන්ත්‍රී ධුරයේ සතුටට වඩා මට දැනුනේ නිතර දුකක් විදියට".

 

WhatsApp Image 2024 08 21 at 23.07.37

 

WhatsApp Image 2024 08 20 at 09.03.051

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි