SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

'එක්ව නංවන රටක් - සතුට පිරුණු හෙටක්' නම් සර්වජන බලය පක්ෂයේ

උපායමාර්ගික වැඩපිළිවෙළේ දෙවැනි කෙටුම්පත ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් වෙත ලබා දුන්නේය.

ඒ, එම මණ්ඩලයේ නියෝජිතයින් සහ සර්වජන බලය නියෝජිතයින් අතර අද (21) පැවති හමුවකදීය.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් අද පෙරවරුවේ මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර ඇතුළු එහි නියෝජිතයින් හමුවුණි.

ඒ වාණිජ මණ්ඩලය විසින් සම්පාදිත '2030 ශ්‍රී ලංකාව' නමැති ආර්ථික සැලැස්ම පිළිබඳ ජනාධිපති අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව යටතේය.

එහිදී, සර්වජන බලයේ උපාය මාර්ගික වැඩපිළිවෙළෙහි දෙවැනි කෙටුම්පත ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර විසින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින්ට ලබාදුන්නේය.

මේ අතර සර්වජන බලය අද පෙරවරුවේ පාර්ලිමේන්තු වට රවුම අසල දියත උයනට රැස්ව විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රණවිරුවන් පාවාදෙන සත්‍ය සෙවීමේ කොමිසම් පනත හකුළාගන්නා ලෙස බලකරමිනි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි