SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී  තලතා අතුකොරාල  සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්

ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

 

ඒ අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සඳහන් කළාය.

 

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ තලතා අතුකෝරාල ගේ මෙම ඉල්ලා අස්වීම සමග එකී මන්ත්‍රීධූරයේ පුරප්පාඩුව මීලඟට මනාප ඡන්ද ලැයිස්තුවේ සිටින, රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුනු කරූ පරණවිතානට අවස්ථාව හිමි වනු ඇත.

 

පසුගියදා එක්සත් ජනරජ පෙරමුණ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහයෝගය දැක්වීම සඳහා එක් වූ අතර, තලතාගේ මන්ත්‍රී ධූරයට එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති කරූ පරණවිතාන පත් කෙරෙනු ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

 

මේ අතර අද පාර්ලිමේන්තුවේ දී සංවේදී කතාවක් සිදුකරමින් තලතා අතුකෝරාල මන්ත්‍රීවරිය කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම පිළිබඳව තමාගේ කැමැත්තක් නොමැති බවය.

 

"මෙම අවස්ථාව මට ඉතාම සංවේදී අවස්ථාවක්. එක පැත්තකින් අපේ දැවැන්ත මව් පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා. අපේ මව් පක්ෂයේ නායකයාත් හිටපු නියෝජ්‍ය නායකයාත් දෙන්නම දේශපාලන සතුරන් බවට පත්වෙලා. ඒ දෙන්නම ජනාධිපති වෙන්න තරග කරනවා. අනෙක් හැමෝම එකතු වෙන්න උත්සාහ කරන මේ වගේ වෙලාවක අපේ කඳවුර බෙදිලා දෙන්නෙක් තරග කරන්න ගත්ත තීරණය සමග මගේ හෘද සාක්ෂියට එකඟව කොහෙත්ම එකඟ වෙන්න බෑ... නායකයින් දෙදෙනා දෙපැත්තකට වී තරග කිරීමට ගත් තීරණය ආත්මාර්ථකාමී රටේ අනාගතය ගැන සිතා බලන්නේ නැතුව ගත් දේශපාලන තීන්දුවක් බව මගේ විශ්වාසයයි. ඒ බව ඉතිහාසය විසින් නුදුරු දිනයක දී ඔප්පු කරයි. ඒ ගැන තවදුරටත් නිහඬව සිටියොත් මාත් ඒ පාපයට වක්‍රව හෝ දායකවූ අයෙක් බවට පත්වේවි. ඒ නිසා මේ අතිශය සංවේදී කාරණය ගැන වහාම තීරණයක් ගත යුතුයි. එසේම එය මාගේ හෘද සාක්ෂියට එකඟ තීරණයක් මෙන්න රත්නපුර ජනතාවට හා ඔවුන්ගේ අනාගතයට පටහැනි තීරණයක් නොවිය යුතු බව මාගේ විශ්වාසයයි.

 

මාගේ දේශපාලන ගමන මම කිසිසේත් නතර කරන්නේ නෑ. ඒ බව මේ අවස්ථාවේ ඉතාම ආඩම්බරයෙන් හා ධෛර්යයෙන් පවසනවා. මන්ත්‍රී ධුරය අත්හැරීම මගේ හිතට කිසිම දුකක් නෑ. අද ඒ තීරණාත්මක අවස්ථාවට තමා මම මේ මුහුණදී සිටින්නේ. ඒ බව පළමු වතාවට මම මේ සභාවේදී දැනුවත් කරනවා. 

 

පක්ෂය දෙකඩ වීම ගැන මගේ කැමැත්තක් නෑ. සමගි ජන බලවේගයේ අපේක්ෂිකාවක් වශයෙන් ජයග්‍රහණය කළත් මම තාමත් හිතන්නේ, එදා අනාගතය ගැන හිතන්නේ නැතුව අපි ගත්ත තීන්දුව හරිද කියා. එය හැමදාම වගේ හිතට වදදෙනවා. අපේ දැවැන්ත පක්ෂය දෙකඩ කරන්නට මම දායක වුණා ද යන සිතුවිල්ල මා ලැබූ මන්ත්‍රී ධුරයේ සතුටට වඩා මට දැනුනේ නිතර දුකක් විදියට.

2024 ජනාධිපතිවරණය කැඳවීමේ දී මට දැනුනේ රනිල් ද සජිත් ද කියන එක නෙමෙයි. මේ තීරණාත්මක ජනාධිපතිවරණයේ දී අපි එක්ව තරග කරනවා ද ? වෙන්ව තරග කරනවා ද කියන එකයි. මේ දෙදෙනා ගැනම හොඳ අවබෝධයක් තියෙනවා."

 

තලතා අතුකෝරල, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් වූ ගාමිණි අතුකෝරල මහතාගේ සහෝදරිය වෙයි.

ඇය 2004 වසරේදී පළමුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.

 

එසේම 2010, 2015 සහ 2020 මහ මැතිවරණවලදී ඇය රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.