SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මංගල ජනාධිපතිවරණ රැලිය අද(21)  

අනුරාධපුර නගරයේ පැවැත්වෙන බව නෙළුම් මාවත ආරංචිමාර්ග පවසයි.

මෙම රැලිය අනුරාධපුරයේ පැවැත්වීමට හැකි වීම පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී  සංජීව එදිරිමාන්න පවසයි.

"අද සවස 2ට අනුරාධපුර කඩපනහා පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රාහි ජන රැලිය ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් වෙත ඔසවා තැබීමේ අරමුණ පෙරදැරිව මහා ජන රැලිය සංවිධානය කරනවා. මෙම සමාරම්භක ජනරැලිය අනුරාධපුරය වෙත රැගෙන ඒම අපි දේශපාලන ව්‍යාපාරයක් විදියටත් ජනාධිපතිවරණ කැම්පේන් එක ඇතුළේත් ලබපු ජයග්‍රහණයක් විදියට අපි දකිනවා."

මේ අතර තම පාලනයක් යටතේ මෙරට වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් ආරක්ෂා කිරීමට ප්‍රතිපත්තිමය තීන්දු ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ ඊයේ (20) පැවසුවේය.

ඔහු සිය  සිය මැතිවරණ ව්‍යාපාරය අතරවාරයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකින් පසුව මෙම අදහස් පළ කළේය.