SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අමෙරිකානු ඩිමොක්‍රොටික් පක්ෂ ජාතික සම්මේලනය චිකාගෝ හිදී ඊයේ (19) ආරම්භ විය.

ඒ, අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස්, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ ප්‍රධානත්වයෙනි.

 

පක්ෂ සම්මේලනය ඇමතූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් එහිදී ජනාධිපති ජෝ බයිඩන්ට කෘතගුණ දක්වීම කාගේත් අවධානය දිනාගත් කරුණක් විය.

 

ඇය අවධාරණය කළේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් සෑමවිටම ජනාධිපති බයිඩන්ට ණයගැති  බවය.

කමලා හැරිස් ජාතික සම්මේලනයේ පළමු දිනයේදීම සම්මේලනය ඇමතීමත් විශේෂත්වයකි.

ජනාධිපති අපේක්ෂකයා පළමු දිනයේදීම සම්මේලනයට එක්වුවත් සම්මේලනය අවසන් දිනයේදී සභාව ඇමතීම සාමාන්‍ය සම්ප්‍රදාය වේ.

 

හැරිස් මෙලෙස සම්ප්‍රදාය බිඳ දැමීම, ඇය පක්ෂ අපේක්ෂකත්වයට පත්වූ අසාමාන්‍ය ස්වභාවයත් හේතුවන්නට ඇති බවට ඇතැම් පිරිස් මත පළකරයි.

 

අමෙරිකානු ජාතික ජෝ බයිඩන් ද ජාතික සම්මේලනය ඇමතූ අතර එහිදී ජනාධිපතිවරයාට පාක්ෂිකයින්ගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

 

ජනාධිපති බයිඩන් වේදිකාව මතදී සංවේදී වූ අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

සම්මේලනය අමතමින් ජනාධිපති බයිඩන් පැවසුවේ අමෙරිකානු ජනාධිපති ධුරය දැරීම තමන් ලද භාග්‍යයක් බවය.

 

එමෙන්ම සිය දේශපාලන දිවියේ ගත් නිවැරදිම තීරණය, 2020 ජනාධිපතිවරණයේදී කමලා හැරිස් උප ජනාධිපති ලෙස නම් කිරීමේ තීරණය බවත් ජනාධිපතිවරයා එහිදී පවසා තිබුණි.

 

@adaderana