SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් ජනාධිපති අපේක්ෂකයන් අතර පැවැත්වීමට නියමිත සංවාදය සඳහා

සර්වජන බලය  ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සහභාගී වන බව ඔහුගේ නිල මාධ්‍ය ප්‍රකාශක විසින්  පැෆ්රල් සංවිධානයට දැනුම් දී තිබේ.

 

එකී ලිපිය මගින් කියැවෙන්නේ, ජනාධිපති ධුරයට පත් වුවහොත් එක් එක් අපේක්ෂකයා විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති පිළිබඳ ඵලදායී සංවාදයක් සියැසින් දැක ගැනීමට අවස්ථාව සලසන මෙම වේදිකාව ශ්‍රී ලාංකිකයන්ට නව අත්දැකීමක් වන බව 'සර්වජන බලයේ’ විශ්වාසය බවය.

 

විවාදයට ඇරයුම් ලබා ඇති සෙසු ජනධිපති ධුර අපේක්ෂකයන්ද මෙම ඓතිහාසික මොහොත යථාර්ථයක් කිරීමට එක්වනු ඇතැයි දිලිත් ජයවීර අපේක්ෂා කරන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් ය.

 

D letter

කෙසේ වුවද ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සහ වෙනස්කම් ගැන කතාකරන ඊනියා සංවිධාන විසින් මෙසේ අපේක්ෂකයින් හය දෙනෙකුට පමණක් අවස්ථාව ලබාදීම මේ වනවිට විශාල විරෝධයන්ට ලක්ව ඇත.

 

විවාදයට ආරාධනා කර ඇති සෙසු අපේක්ෂකයන් වන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ හා දෙමළ පොදු අපේක්ෂක පී. අරියනේත්‍රන් යන අයයි.