SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයකුට ප්‍රචාරක කටයුතු සඳහා

රුපියල් එකසිය අසූහය කෝටී දෙලක්ෂ අනූ අටදහස් පන්සියය අසූ හයක මුදලක් වියදම් කර හැකි බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම මුදලින් 60%ක  මුදලක් සෘජුවම ජනාධිපති අපේක්ෂකයාට වියදම් කල හැකි අතර ඉතිරි 40% ජනාධිපති අපේක්ෂකයාගේ දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට වියදම් කල හැකි බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මැතිවරණ වියදම් නියාමනය කිරීම පිළිබඳව අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (19) රාත්‍රියේ නිකුත් විය.

ඒ 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තියෙ නියමයන් දක්වමින්ය.

එසේම ජනාධිපතිවරණ අපේක්ෂකයකු විසින් මැතිවරණ ප්‍රතිපල නිකුත් වී දින 21ක් ඇතුළත සිය මැතිවරණ වියදම් වාර්තාව මැතිවරණ කොමිෂම වෙත බාරදිය යුතුය.