SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලය අනුව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ජනාධිපති උපදේශකවරුන් ලෙස පත් කර තිබේ.

 

ඒ, ක්‍රීඩා, ඉඩම් සහ සංචාරක කටයුතු පිළිබඳ උපදේශක ලෙස හරීන් ප්‍රනාන්දු සහ ශ්‍රම සහ විදේශ රැකියා පිළිබඳ උපදේශක ලෙස මනූෂ නානායකකාර යන හිටපු අමාත්‍යවරුන් ය. 

 

මේ පිළිබඳව ජාතික ජන බලවේගයේ නායක නායක අනුර කුමාර දිසානායක පවසන්නේ හිටපු අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ජනාධිපති උපදේශකවරුන් ලෙස පත් කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව ය.

 

මැතිවරණ කාලසීමාව තුළ නව පත්වීම් වළක්වමින් මැතිවරණ කොමිෂන් සභාව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් එම චක්‍රලේඛය උල්ලංඝනය කරමින් එම පත්කිරීම් සිදුකර ඇති බවත් ඔහු අද පැවති  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හරීන් සහ මනූෂ ඔවුන්ගේ පෙර අමාත්‍යාංශවල උපදේශකවරුන් ලෙස පත් කර ඇති බවත්, මෙම අමාත්‍යාංශවල කටයුතුවලට මැදිහත් වීමට, වාහන, මුදල් වැනි වරප්‍රසාද සහ වරප්‍රසාද ලබා ගැනීමට මෙමගින් ඉඩ ලැබෙන බවත් ජාජබ නායකයා වැඩිදුරටත් පවසයි.

 

අකිල විරාජ්, සාගල රත්නායක, ආශු මාරසිංහ ආදී එජාප පාක්ෂිකයන්ට උපදේශක තනතුරු ලබාදී නවීන් දිසානායක ආණ්ඩුකාරවරයකු ලෙස පත්කරමින්  රාජ්‍ය මුදලින් මුළු එජාප කඳවුරම විනෝද වන බවද ඔහු පවසයි.

 

ජනාධිපතිවරයා මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා රාජ්‍ය සම්පත් හා මුදල් අවභාවිත කරන බවත් එය නතර කිරීමට මැතිවරණ කොමිසමට තවමත්  නොහැකි වී ඇති බවත් ජාජබ නායක අනුර දිසානායක වැඩිදුරටත් පවසයි.

 

මේ අතර පැෆරල් සංවිධානය ද අද මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.

 

වත්මන් රජය හිතාමතාම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස කණගාටු වන බවත්, ජනාධිපති උපදේශකවරුන් දෙදෙනෙකු පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා  නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) මැතිවරණ කොමිසමට ලිපියකින් දැනුම් දී ඇත.

 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ ජනාධිපති උපදේශකවරුන් දෙදෙනෙකු පත් කිරීම මැතිවරණ නීතිය පැහැදිලිවම උල්ලංඝණය කිරීමක් මෙන්ම මහජන මුදල් අවභාවිත කිරීමක් බවයි.

 

“ජනාධිපති උපදේශකවරුන් ලෙස පත් කර ඇති දෙදෙනාම ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයේ සක්‍රීයව නියැලී සිටිති. මේ අනුව, මෙම පියවර මැතිවරණ නීතිය යටතේ තහනම් වන අතර එය එක් ජනපති අපේක්ෂකයෙකු උසස් කිරීමේ උපක්‍රමයක්,” බව ඔහු පෙන්වා දී ඇත.

“තවදුරටත්, මෙම දෙපළට හිමිවන වාහන ඇතුළු ප්‍රතිලාභ මහජන මුදල් අයථා පරිහරණයක් වන බවත්,” ඔහු සඳහන් කරයි. 

 

මේ අතර මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් අමාත්‍යාංශ පහක වාහන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන ඇති අතර රජයේ ආයතනවල ස්ථාන මාරුවීම් 14ක් ද සිදුකර ඇති බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අනාවරණය කරයි. 

 

කෙසේ වුවද මෙවැනි දේවල්වල ප්‍රතිඵලයන් මෙවර මැතිවරණයෙන් පසුව වුවද විභාගයට නැගෙනු ඇති බැවින් මැතිවරණ කොමිසමේ උපමාන සහ නියමයන් උල්ලංඝනය නොකළ යුතු බව ද, ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ මුල් කාලීනව එවැනි නීති උල්ලංඝනය වීම් හරහා මැතිවරණ ජයග්‍රහණ තීරණ සපුරා වෙනස් වූ බවද, වෙනත් අවස්ථාවන්ට වඩා මෙවර ජනපතිවරණයෙන් පසු තත්වය එසේ වෙනස් විය හැකි බවද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි