SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ ගේ ජය

තහවුරු කෙරෙන ජනාධිපතිවරණ මංගල රැලිය අනුරාධපුරය කඩපනහ ප්‍රදේශයේදී ලබන 21 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි වාර්තා වේ.

 

අපේක්ෂක නාමල් රාජපක්ෂ ට සහයෝගය දක්වන එම පක්ෂයේ සියලු‍ම නායකයන් මෙම රැස්වීමට සහභාගිවීමට නියමිතය.

 

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මස අග හෝ ඉදිරි මුල් දින කිහිපයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව එම පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

වෘත්තීය සමිති සංවිධාන හා වාණිජ මණ්ඩලවල නියෝජිතයන් විශාල පිරිසක් ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමට සිය යෝජනා ඉදිරිපත් කර ඇතැයිද ලේකම්වරයා වැඩිදුරටත්  සඳහන් කරයි.


මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බවයි.


එසේම ජනාධිපතිවරයාට බිම් මට්ටමින් සහාය දැක්වීමට කටයුතු කළ සියලු‍ම දෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බවද ඔහු පැවසීය. රනිල් වික්‍රමසිංහගේ සහායට ගිය නායකයන්ද නැවත පක්ෂය සමග එක්වීමට කැමැත්ත පළ කරමින් සිටින බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.


මේ අතර පක්ෂ සංවිධාන කටයුතු පොදුජන පෙරමුණු නිර්මාතෘ  බැසිල් රාජපක්ෂගේ අධීක්ෂනය යටතේ  ගම් මට්ටමින් සහ බිම් මට්ටමින්  දැනටමත් ආරම්භ කර ඇතැයි  පොදු ජන පෙරමුණු අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. එහිදී මැතිවරණ කටයුතු සංවිධාන කිරීම සඳහා නව ආසන සංවිධායකවරුන් පත් කිරීමටද පක්ෂය පියවර ගෙන ඇතැයි කියැවේ.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි