SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රට පුරා ප්‍රධාන ජන රුලි 150කට ආසන්න ප්‍රමාණයක් ඇමතීමට නියමිතව තිබුණි.


මෙම ජන රැළි සංවිධානය කරනු ලබන්නේ ජනපතිවරයාට සහාය දැක්වීම සඳහා එක්වී සිටින සියලු‍ දේශපාලන පක්ෂවල සංවිධායකත්වයෙන් බව කියැවේ.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුරාධපුරයේ දී මංගල රැලිය පවත්වමින් පසුගිය දා  (17) ජනපතිවරණ සටන ඇරඹීය.

 

මංගල රැළියෙන් බලාපොරොත්තු වූ ආකාරයේ ආශ්චර්යයක් නොවීමත් සාමාන්‍ය ජන රැළියක් තරමට ජන සහභාගීත්වයක් ලැබී තිබීමත් සමාජ මාධ්‍ය මගින් සංසරණය වෙමින් ඇත.

 

කෙසේ වුවද අනුරපුර රැළියෙන් අනතුරුව පසුව දා සිටම රට පුරා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අරමුණව පැවතිය ද අනුරාධපුරයේ රැළියෙන් පසු ජන හමු සතියක කාලයකට නතර කර දැමීමට රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග වලින් කියැවේ.

 

ජනාධිපතිවරණ ප්‍රචාරණයට තව ඇත්තේ දින 30කටත් වඩා අඩු කාලයකි.


එමෙන්ම විශාල වශයෙන්  සූදානම් කර තිබූ ප්‍රචාරණ ව්‍යාපාරය ද  යම් පසුබෑමකට ලක්ව ඇති බවත් එය නැවත ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිශ්චිත පිළිතුරක් ප්‍රධාන පාර්ශ්වයන්ගෙන් තවමත් ලැබී නැති බවත් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

 

පාර්ලිමේන්තුව විසුරුවයි ද?

 

ඇත්තෙන්ම මේ පසුබෑමට හේතුව කුමක් වේද?

අයෙක් නම් පවසන්නේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙහෙසට පත්ව ඇති බවක් මෙන්ම සෞඛ්‍යමය හේතුවක් බවත් ය.

තවත් අයෙකු පවසන්නේ ප්‍රචාරණ ව්‍යාපාරය හා සම්බන්ධව හට ගැනී ඇති අභ්‍යන්තර අර්බූධකාරී තත්වයක් බවය.

නවතම ආරංචිමාර්ග වලින් කියැවුනේ එය පාර්ලිමේන්තුව විසුරුවීමේ ප්‍රයත්නයකට අරාදින්නක් බවය.

 

කෙසේ වුවද මෙවර ඡන්ද ව්‍යාපාරය තුල තවමත් ජන හමු තුළින් පෙරමුණ ගෙන ඇත්තේ ජාතික ජන බලවේගය සහ සමගි ජන සන්දානය බව විචාරක මතය වී ඇත.

 

 

#Gossip

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි