SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

UNP මංගල රැළිය අසාර්ථක වුණා. ඒවා අපිට අදාළම නැහැ. නමුත් UNP වේදිකාවේ පින්තූරයක් කවුද මන්දා වට්සැප් කරලා තිබුණා පුද්ගලයෙක්ව රවුම් කරලා.

ලොකු කරලා බැලුවම තමයි දැක්කේ ඒ වෙන කවුරුවත් නෙවෙයි අම්මගේ රත්තරන් පුතා රෝහිත අබේගුණවර්ධන කියලා.

 

UNP වේදිකාවේ තුන්වැනි පේළියේ මුල්ලක රෝහිතව වාඩි කරවලා තියෙන හැටි දැක්කම හිතුණා අනේ සංසාරේ! කියලා… පොහොට්ටුවේ ඉන්දැද්දී කොහොම හිටිය මිනිහෙක්ද අද රනිල්ගේ පුත්තු ටික බලු ගාණට දාලා තියෙන්නේ…

 

රෝහිතට UNP කාරයෝ නින්දා කළේ “කෝච්චියේ මාල කඩපු හොරා” කියලා. එතකොට රෝහිතගේ ගෞරවය වෙනුවෙන් කතා කළේ අපේ පක්ෂයේ අහිංසක මිනිස්සු. එහෙම කරපු අපේ කඳවුරේ මිනිස්සුන්ට ද්‍රෝහී වෙලා රෝහිත ගියා UNP ලොක්කගේ කකුල් ලෙවකන්න. කුලසනුහරේටම ලැජ්ජයිනේ රෝහිත...

 

රෝහිත ඇත්තටම දක්ෂයෙක්. මම හිතන්නේ නැහැ ඔහු මාල හොරෙක් කියලා. පක්ෂයේ කටයුතුවලදී වුණත් මම රෝහිතත් එක්ක කතා කළේ නිසි ගෞරවය දීලා කියලා රෝහිතට මතක ඇති. රෝහිතගේ සංවිධාන ශක්තිය ගැන අපේ පක්ෂයේ නායකයන් සමග පවා මම වර්ණනා කර තිබෙනවා.

 

පොහොට්ටුවේ හිටියා නම් අදටත් ජාතික කැඳවුම්කාරයා. එහෙනම් 21 වැනිදා අනුරාධපුරේ පොහොට්ටුවේ රැස්වීමේ ප්‍රධාන කථිකයෙක්. මහින්ද මහත්තයා අත් නොහැරි නායකයා කියලා එහෙනම් මිනිස්සු ඔයාව ආදරෙන් වැළඳ ගන්නවා. එහෙනම් මහින්ද මහත්තයට අල්ලපු පුටුව වෙන් වෙන්නේ රෝහිත අබේගුණවර්ධන නමට. අනේ ඉතින් පින නැති කමට UNP කාරයන්ගේ අගුපිලේ ලැගලා තුන්වැනි පේළියේ මුල්ලකට විසි වුණා. කළු තර කිඹුලෙක් වගේ හයියට හිටිය මිනිහට වෙච්චි දෙයක්.

 

අපි දන්නවා රෝහිත ඔය තීරණය ගත්තේ ස්වකැමැත්තෙන් නොවෙයි කියලා. නමුත් රෝහිත ඔයා කලබල වුණා වැඩියි. එදා එස්. බී. දිසානායක චන්ද්‍රිකාට ද්‍රෝහී වෙලා UNP එකට නොයන්න එයා එක්කෝ ජනාධිපති නැත්නම් අගමැති වෙනවා. නමුත් එදා ඒ මෝඩකමට තමන්ගේ කඳවුරට කළ ද්‍රෝහීකමෙන් පස්සේ ලංකාවේ දේශපාලනයේ එස්. බී. කියන නම සදහටම හෑල්ලු වුණා. ඒකෙන් එයාට කවදාවත් ගොඩ එන්න බැරි වුණා. ඔයත් කරගත්තේ ඒ වගේ විනාශයක්. ඔහොම කළාට පස්සේ කවුරුවත් ඔයාව විශ්වාස කරන්නේ නැහැ. අඩුම ගානේ රනිල්වත් ඔයාව විශ්වාස කරන්නේ නැහැ.

 

නමුත් රෝහිත කැමති දේශපාලන මතයක් දරන්න ඔහුට නිදහසක් තිබෙනවා. ඒත් මම අහන්නේ රෝහිත, ඔයාට ලැජ්ජාවක් නැද්ද ඔය UNP කාරයන්ගේ කුණු කතා අහගෙන ඔතන ඉන්න. ඔයා ගැන උන් ඔයාගේ පස්සට කියන කතා ඇහුණා නම් ඔයා ඔතන එක විනාඩියක් ඉන්නේ නැහැ. තාමත් පරක්කු නැහැ හැබැයි. මහින්ද මහත්තයා නම් ඔයාට කරුණාවෙන් පුතෙකුට වගේ සමාව දෙයි. ඒත් කළුතර පොහොට්ටුවේ මිනිස්සු එහෙම කරයිද කියලා නම් දන්නේ නැහැ. ධර්මය ඔබට මග වේවා!

 

@එරන්ද ගිනිගේ

2024 අගෝස්තු 18

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි