SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රට මෙහෙයවන තරුණ නායකත්වය තමා විසින් ආරම්භ කරන බව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.

 

තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කියා සිටියේය.

 

“ඊළඟ නූතන පරම්පරාවේ රට මෙහෙයවන තරුණ නායකත්වය මගෙන් ඇරැඹෙනවා. මේ රට තරුණයන්ට පමණක් නොවෙයි වැඩිහිටියන් වෙනුවෙනුත් කළ යුතු වැඩ කොටසක් තියෙනවා. ඒක නිකම්ම නිකම් වැඩ කොටසක් නොවෙයි. ඇඟට දැනෙන ප්‍රායෝගික වැඩපිළිවෙළක් මා ඉදිරිපත් කරනවා. මේ රට කුරිරු ත්‍රස්තවාදයෙන් වෙළී තියෙද්දි රට දිනවා දුන්නා. දැන් මම සටනට එක්වුණේ රට ආර්ථික අර්බුදයකට ලක්වී තිබෙන මොහොතක. ජනතාව වෙනුවෙන් පොරොන්දු ඉටුකරන යුගයක් මගේ පාලන කාලය තුළ බිහි කරනවා. ඒ සඳහා ජනතාව හරි තීන්දුව ගනීවි කියලා මම විශ්වාස කරනවා”.

 

 

අලුත් පොහොට්ටු!

 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ ගේ ජයග්‍රහණය වෙනුවෙන් දිස්ත්‍රික් හා ආසන මට්ටමින් මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා නව දිස්ත්‍රික් හා ආසන සංවිධායකයන් පත්කිරීමට පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.

 

ජනාධිපති අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ  වෙනුවෙන් පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් බහුතරයක් කටයුතු කිරීම නිසා දිවයින පුරාම හිස්ව පවතින ආසන සංවිධායක ධුරවලට දක්‍ෂ නවක තරුණ නියෝජිතයන් ඉදිරි දින කිහිපයේදී පත් කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

Divaina

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි