SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට ඡන්දය ප්‍රකාශ නොකොට

ඡන්ද වර්ජනය කරන ලෙසට බල කරමින් උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් පත්‍රිකා පනස් දහසක් බෙදාහැර ඇතැයි වාර්තා වේ.

 

පසුගිය දින කිහිපය තුළ යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මඩකලපුව ඇතුළු උතුරු නැගෙනහිර ප්‍රදේශ රැසක මෙම පත්‍රිකා බෙදාහැර ඇති බව බුද්ධි අංශ සඳහන් කරයි. එල්ටීටීඊ හිතවාදී විදෙස්ගත දෙමළ ඩයස්පෝරාව මේ වෙනුවෙන් මූල්‍ය දායකත්වය ලබාදී ඇති බවත්, දකුණේ දේශපාලනයට එමගින් දැවැන්ත බලපෑමක් එල්ල කිරීම අරමුණ වී ඇති බවත් පැවසේ.

 

උතුරු නැගෙනහිර පළාත්වල මේ වනවිට අලුතින් සිංහල ජනාවාස ඇති කරමින් බෞද්ධකරණය කිරීමක් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන බැවින් තම ජනතාවගේ අක්කර දහස් ගණනක ඉඩම් යටපත් කරගෙන සිටින බවත් මෙම පත්‍රිකා මගින් අවධාරණය කර ඇත.

 

2009 යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථිර විසඳුම් ගෙන එන බවට සෑම රජයක්ම පොරොන්දු වුවත් එකදු රජයක් හෝ එම ගැටලුවට විසඳුම් නොදුන් බවත් එමගින් පෙන්වා දී ඇත. පත්වීමට නියමිත නව ජනාධිපතිවරයාගෙන්ද ඊට විසඳුම් නොලැබෙනු ඇති බවත් බෙදාහරිනු ලැබූ පත්‍රිකාවේ සඳහන්ය.

 

එබැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රතික්ෂේප කිරීමෙන් දෙමළ ජනතාවගේ බලය පෙන්වා දිය හැකි බවද, එමගින් අවධාරණය කර ඇත.

 

එමෙන්ම ඒකීය රාජ්‍ය ප්‍රතිපත්තියෙන් බැහැර වූ සහ සන්ධීය පාලන ක්‍රමවේදයක් ඔස්සේ උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාවට ස්වයං පාලන ව්‍යුහයක් සහිත ශ්‍රී ලංකා රජයෙන් වෙන්වූ වෙනම පාලනයක අවශ්‍යතාවද එමගින් පෙන්වා දී තිබේ. මෙම පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධයෙන් මේ වනවිට මැතිවරණ කොමසාරිස් කාර්යාලයටද පැමිණිලි ලැබී ඇති බව සඳහන්ය.

 

@එෆ්. අස්ලම්

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි