SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දූෂණය, නාස්තිය, අපරාධ නැති රටක් පිළිබඳ ජනතා අපේක්ෂාව ඉටුකරන එකම බලවේගය මාලිමාව බව

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

 

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ(17) තංගල්ල බස් නැවතුම්පළේ පැවති ජන හමුව අමතමිනි.

 

WhatsApp Image 2024 08 18 at 01.14.081

 

මහ වැසි නොතකා පැමිණ සිටින මේ දස දහස් සංඛ්‍යාත ජනතාව අපට සහතික කර සිටින්නේ ලබන සැප්තැම්බර් 21 වැනිදාට අපේ ජයග්‍රහණය නියත බවයි. සැප්තැම්බර් 21 කියන්නේ මේ රට වෙනස් කරන ජාතික ජන බලවේගය දිනවන දිනයයි. අද මේ පාලකයින් විසින් අපට උරුම කර දී තිබෙන්නේ රටේ සියලු ජනතාවගේ බලාපොරොත්තු බිඳ දැමූ රටක්; අපකීර්තියට භාජනය කරන ලද රටක්. මේ අසාර්ථක පාර දිගේ තවදුරටත් ගමන් කරනවාද, නැතිනම් මෙයින් මිදිලා නව රට ගොඩනඟන මාවතක යනවද කියලා දැන් ඔබ තීන්දු කළ යුතුයි. අපි ඔබෙන් ඉල්ලා සිටිනවා, ජයග්‍රහණයෙන් පසු සාමය ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ආරක්ෂා කරන්න කියලා. කිසිවෙකුගෙන් පෞද්ගලිකව පළිගන්න අපිට අවශ්‍ය නැහැ.

 

පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා මතයට ඉඩ දිය යුතුයි. කෙසේ වෙතත් රටේ ජනතාව වෙනුවෙන් යුක්තිය, සාධාරණ ඉටුකිරීමට අපි බැඳී සිටිනවා. අපරාධකරුවන්ට නීතිය අපි අකුරටම ක්‍රියාත්මක කරනවා. ඒක සහතිකයි. සියලු අපරාධවලට අදාළ පරීක්ෂණ නිසි පරිදි පවත්වලා අපරාධකරුවන්ට අකුරටම නීතිය ක්‍රියාත්මක කරනවා. අපි හදන්නේ ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනාම නීතියට යටත් රටක්. නීතිය ඉදිරියේ සියලු දෙනාම සමාන රටක්. වංචනිකයන්ට, දූෂිතයන්ට, අපරාධකරුවන්ට දේශපාලන බලය පාවිච්චි කොට වෙට්ටුදාලා පැනලා යන්න පුළුවන් රටක් නොවෙයි. වංචාව, දූෂණය, නාස්තිය, අපරාධ නතර කර ගැනීමට ජනතාව තුළ තිබෙන දැඩි අපේක්ෂාව ඉටුකරන මේ රටේ එකම බලවේගය ජාතික ජන බලවේගයයි. අපිට අවශ්‍යයි ලෝකය සමග ඉදිරියට යන්න පුළුවන් රටක්. අද  අපේ රට මේ පාලකයෝ විසින් ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්කරලා ඉවරයි. රටක් දියුණු වෙන්න නම් ගොවියගේ, ධීවරයාගේ, ව්‍යවසායකයාගේ, කර්මාන්තකරුවාගේ, අපනයනකරුවාගේ ආදායම වැඩිදියුණු විය යුතුයි. ඔවුන්ගේ ඉපයීම් මාර්ග ශක්තිමත් විය යුතුයි. නියත වශයෙන්ම අප එය ඉටුකරනවා. එය ඉටුකිරීමට සැලසුම් පමණක් නොවෙයි, ඒවා ක්‍රියාත්මක කිරීමට හැකියාව, දැනුම, අත්දැකීම් තිබෙන විවිධ ක්ෂේත්‍රවල නිපුණතා තිබෙන, ශක්තිමත් විද්වත් මඩුල්ලක්ද අපට සිටිනවා. අපේ රටේ අපනයනකරුවන්ට ලෝක වෙළඳපොළෙන් පංගුවක් හොයාදීමේ වගකීම අපේ ආණ්ඩුවක් භාර ගන්නවා. අපේ කර්මාන්ත ක්ෂේත්‍රය මෙන්ම කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයද නවීකරණය විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ජාතික ජන බලවේගය ආණ්ඩුවකින් අපි ලබාදෙන බවට සහතික වෙනවා.

 

ලෝකයේ නව දැනුම අපේ රටේ දරුවන්ට, ලබාදීමේ අවස්ථා අපි අනිවාර්ය ලෙසම විවෘත කරනවා. ජනතාව ගුණාත්මක ඖෂධ ලබාදීමේ සැලැස්මක් අපි සතුව තිබෙනවා. ගුණාත්මක මෙන්ම, පහසු මිලට ඖෂධ මිලදී ගැනීමේ වාතාවරණයක් අපි රටේ ජනතාවට සලසා දෙනවා. නැවත කිසිදිනෙක රටේ ඖෂධ මාෆියා, ඖෂධ වංචා ඇතිවීමට අපි ඉඩ තබන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට ආ පළමු මොහොතේම අපි අපේ රටේ දූ දරුවන්ගේ පාසල් පොත් සහ සියලු උපකරණවලට පනවා තිබෙන බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. දරුවෙක් ඉගෙන ගැනීමට බද්දක් ගෙවිය යුතුද? ඉගෙන ගැනීම කියන්නේ රටේ ආයෝජනයක්. රෝග පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් අයකරන වැට් බද්ද අපි අපේ පළමු අයවැයෙන්ම ඉවත් කරනවා. අවුරුදු හතරක් පහක් අප  එකට පොරබදලා මේ රට වෙනස් කරමු. මේ අපි පළමු වරට රට පොහොසත් වෙන, ජනතාවට සතුටින් ජීවත් වෙන ඉඩ සලසන ආණ්ඩුවක් හදනවා. මෙතෙක් විවිධ පක්ෂවලට ඡන්දය දීපු රටේ ජනතාවට ආරාධනය කරනවා අපිත් එක්ක එකතු වෙන්න. ඔබට ගෞරවයක් ඇතිව සිටිය හැකි තැන මෙතනයි. ඒක ගෞරවනීය ආරාධනයක්. මේ බිඳ වැටුණු රට ගොඩගැනීම අපි සියලු දෙනා එකට එකතු වෙලා ඉටුකළ යුතු කර්තව්‍යයක්. ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න. පෙරට එන්න කියලා මම තංගල්ලේ ජනතාව ඇතුළු රටේ සියලු ජනතාවටම ආරාධනා කරනවා.

 

හොරු එක පැත්තට එකතු වන විට ජනතාව අප සමග එක්වී හමාරයි - (ටිල්වින් සිල්වා)

 

WhatsApp Image 2024 08 18 at 01.14.09

 

මෙතෙක් කල් ඡන්දයක් එනකල් බලන් හිටියෙ පාලකයෝ. හැබැයි මේ සැරේ ඡන්දයක් එනකල් බලාගෙන ඉන්නේ ජනතාව. ඇයි ඒ? මේ දූෂිත පාලන ක්‍රමය පළවා හැරලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් සැප්තැම්බර් 21 වැනිදාට හදන්න ජනතාවට අවශ්‍යයි.

 

අපේ විජේවීර සහෝදරයා උපන් ගම තංගල්ල. අපිට 94න් පස්සේ පළමු මන්ත්‍රීවරයා දිනලා දුන්නෙත් මේ හම්බන්තොට ජනතාව. එළඹෙන ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබා දෙන්නෙත් හම්බන්තොට ජනතාව බව විශ්වාසයි. මේ සැරේ ජනාධිපතිවරණය අමුතුම එකක්. එක පැත්තක් හොඳටම පැහැදිලියි. ඒ පැත්තේ මුහුණු ජනතාවට හොඳට පැහැදිලියි. ඒ තමයි ජාතික ජන බලවේගයේ මාලිමාව පැත්ත. අනෙක් පැත්ත ගන්නකෝ. නටුව ඉතිරි වුණු පොහොට්ටුව කියලා එකක් තියෙනවා. පෙති නැහැ; හැළිලා. අනෙක් පැත්තෙ ඉන්නවා රනිල්ගෙන් රට බේරා ගන්න ගෝඨාභයට ඡන්දෙ දෙන්න කියපු පස්සේ ඒ රනිල්වම ජනාධිපතිවරයා කරපු පොහොට්ටුවේ හොරු ටික. රනිල්ගෙන් රට බේරා ගන්න ආපු ලොකුම කට්ටිය දැන් ඉන්නේ රනිල් ළඟ. රනිල්ට අගමැතිකම දෙන්න අපිට පිස්සුද කියලා අහපු පිරිසත් දැන් රනිල් ළඟ. මහා බැංකුව කඩපු රනිල් හිරේ දානකල් මට නින්ද යන්නේ නෑ කියලා කියපු මහින්දානන්ද අලුත්ගමගේ දැන් රනිල් ළඟ. රනිල් හොරා කියපු දිනේෂ් ගුණවර්ධනත් දැන් එතන.

 

නායක හොරු එක පැත්තකින් එකට එක්වෙනකොට අද අපේ රටේ ජනතාව ජාතික ජන බලවේගය සමග එක්වී හමාරයි. වට්ටපු රට ගොඩගැනීම අපිට තිබෙන එක වගකීමක්. අනෙක් වගකීම තමයි ඒ රට ගොඩනැගීම. අනෙක් එක අපේ රට ලෝක අවමානයෙන් ගලවා ගන්න ඕනෑ. ‘පොහොසත් රටක්. ලස්සන ජීවිතයක්’. ඒක තමයි අපේ සටන් පාඨය. මෙතෙක් කල් රට පාලනය කරපු පාලකයෝ අපිට උරුම කර දී තිබෙන්නේ මිනිස්කම නැති, සහකම්පනයක් නැති රටක්. ඒ නිසා අපි ඔක්කෝම එකතුවෙලා හදමු දරුවන්ට, කාන්තාවන්ට, වැඩිහිටියන් ඇතුළු අපි හැමෝටම ආදරයෙන්, ආරක්ෂාවෙන් ජීවත් වෙන්න පුළුවන් රටක්. දැන් මාලිමාව කියන්නේ තවත් එක් දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි; මහා ජනතා බලයක්; මහා ජනතා ව්‍යාපාරයක්. මුළු රටම පුනරුදය කරා ගෙනයන මහා සාගරයක් බඳු දේශපාලන බලවේගයක්. රනිල්ලා, සජිත්ලා, රාජපක්ෂලා මොන අවලාද, මඩ බොරු, ප්‍රචාර අපට එරෙහිව දියත් කළත් ජාතික ජන බලවේගය ආපසු හැරවිය නොහැකියි. මෙය ජයග්‍රහණය දක්වා ඉදිරියටම යනවා. අපි ඔක්කෝම එකතුවෙලා මේ රට හදමු; ගොඩනගමු. අපේ රටේ හිටියේ ජනාධිපති උතුමාණන්ලා, ජනාධිපති ශ්‍රීමතානන්ලා. අපිව වහල්ලු කරන උතුමාණන්ලා, ශ්‍රීමතානන්ලා අපිට  එපා. අපිට ඕන නම කියලා නැතිනම් සහෝදරයා කියලා අමතන්න පුළුවන් නායකයෙක්. ඒ තමයි අපේ අනුර සහෝදරයා. අපි ගෙයින් ගෙන යමු. කතා කරමු. ජනතාව අතර වැඩ කරමු. ජයග්‍රහණය කරා පෙරට යමු.

 

ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා සැබෑ මාවත පෙන්වා දී ඇත්තේ ජාතික ජන බලවේගයයි - (ප්‍රසන්නජිත් අබේසූරිය)

 

WhatsApp Image 2024 08 18 at 01.14.08

 

මේ මංගල රැලිය ඇමතීම තරම් මට මේ ජීවිතයේ තවත් ඉහළ ගෞරවයක් නැහැ. මේක හුදු දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි. මේ රට ගොඩගන්න හැදූ දැවැන්තම ජාතික ව්‍යාපාරය. කලාකරුවන් හැටියට අපිට හුස්ම දෙන්නෙ මේ රටේ දුක් විඳින මිනිස්සු. ඔවුන්ගේ දුක, වේදනාව නිවා දැමීමට අපි පෙනී නොසිටියහොත්, අපි කලාකරුවන් වෙන්නේ නැහැ. 1977න් පස්සේ ඇති වූ මජර දේශපාලන ක්‍රමය අපේ ජීවිත උඩු යටිකුරු කළා. කලා නිර්මාණවලට ඉන් දරුණු ප්‍රහාරයක් එල්ල වුණා. කලා රසඥතාවය මරා දැම්මා. මිනිස්සු තුළ මිනිස්කම දියවී ගියා. මේ විනාශය තවදුරටත් අපට බලා ඉන්න බැරි නිසා තමයි අපි ජාතික ජන බලවේගය වටා ඒකරාශී වුණේ.

 

ආර්ථික වශයෙන් පිරිහුණු සමාජයක මිනිස්සු මුලින්ම අතහරින්නේ රසාස්වාදය සඳහා තිබෙන මාධ්‍ය අවස්ථා. මේ ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා අපිට සැබෑ මාවත පෙන්වා දී ඇත්තේ ජාතික ජන බලවේගය පමණයි. ඒ මාවත අපේ රට සුභ දිසාවට හරවනු නියතයි. කලාකරුවන් ඇතුළු මේ රටේ සියලු ජනතාවට ඒ වටා රොද බැඳගෙන යහපත් රටක් නිර්මාණය කරන්න පෙරට එන්නැයි ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

 

WhatsApp Image 2024 08 18 at 01.14.10WhatsApp Image 2024 08 18 at 01.14.11WhatsApp Image 2024 08 18 at 01.14.101

@මාධ්‍ය ඒකකය

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි