SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දුෂණය නවත්වන බවට පවසමින් ෆයිල් රැගෙන අනුර දිසානායක ඇතුළු පිරිස රට පුරා පච වපුරමින් ගියද

ඔවුන් කිසි දිනෙක දුෂණය නවතා දැමීමට ක්‍රියාකර නැති බවත් ඖෂධ ජාවාරමට කෙහෙළිය හිරේ යැවීමට හෝ VFS ගනුදෙනුව නවතා දැමීම වෙනුවෙන් ජාතික ජනබලවේගයේ නායකයන් කිසි දිනක තම සහයෝගය ලබාදී නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

 

* හඳුන්නෙත්තිලාට පාර්ලිමේන්තුව ගිනි තැබීමට ඉඩ දුන්නා නම් අද ලංකාවත් මිනී ගොඩ ගැසුණු රටක්.

* කෙහෙළිය හිරේ යැවීමට හෝ VFS ගනුදෙනුව නවතා දැමීම වෙනුවෙන් ජාතික ජනබලවේගයේ නායකයන් කිසි දිනක තම සහයෝගය ලබා දුන්නේ නෑ.

* අද රටේ ආර්ථිකය අර්බුදය සමනය කර ඇත්තේ තාවකාලිව. එය කාගේවත් මැජික් එකක් නොවෙයි.

* නාමල්ව සියයට එකට බස්සවා රාජපක්ෂලාට පාඩමක් උගන්වමු.

 

WhatsApp Image 2024 08 18 at 11.25.51

 

එමෙන්ම 2022 ජූලි 09 මහජනයා විසින් මෙහෙයවූ අරගලය මගින් ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැවූ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් විසින් පාර්ලිමේන්තුව ගිනි තබා තම විප්ලවය ආරම්භ කිරීමට හොඳම අවස්ථාව ලෙස සිතුවද රටේ ජනතාව එයට ඉඩ නොදුන් බවත් ඒ මොහොතේ හඳුන්නෙත්තිලාට එම මුග්ධ වැඩේ කිරීම සදහා අවස්ථාව ලැබුණා නම් අද ලංකාවටද සිදුවීමට නියමිත තිබුණේ බංගලාදේශයේ මෙන් මිනී ගොඩ ගැසුණු, වසර ගණනාවක් ආපස්සට ඇදුණු රටක් වීම බව චම්පික රණවක පවසයි.

 

ඔහු මේ බව පවසා සිටියේ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස අකුරැස්සේදී පවත්වනු ලැබූ මහජන රැලිය අමතමිනි.

 

WhatsApp Image 2024 08 18 at 11.25.50

එහිදී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් දැක්වූ අදහස්;

 

"එදා අති මහත් ජනවරමක් ගෝඨාභය රාජපක්ෂට ලබා දුන්නා. නමුත් මොකද වුණේ. ධම්මික පැණියක් කියලා එකක් ගෙනවා. හෙළ ගොවිතැන කියලා බොරුවක් කරලා මේ රටේ කෘෂිකර්මාන්තය, තේ කර්මාන්තය, කුරුඳු කර්මාන්තය බිංදුවට දාලා තුන් වේල කාපු අපේ මිනිස්සුන්ව රොටියයි, ලුණු මිරිසයි නැති තැනට පත් කළා. විශේෂයෙන්ම තෙල් සංස්ථාව ඉතාම මුග්ධ විදියට පාලනය කරලා, පාරවල්වල සති ගණන් තෙල් පෝලිම් හදලා, ඒවායේ මිනිස්සු මිය යන තැනට පත් කළා. ගෑස් ටැංකිය පිපිරෙන පත්කළා. පැය දාහතර, පැය පහළොව විදුලි කප්පාදුව ඇතිවෙන තැනට කටයුතු යෙදුණා. ඒ වගේම රටේ ධනපතියන්ට දැවැන්ත බදු සහන ලබා දීලා, රටේ මූල්‍ය තත්වය පහළට ඇදලා දාලා, අන්තිමට රටට ණය ගෙවා ගන්න බැරුව, රට බංකොලොත් බව ප්‍රකාශ කරන තැනට පත්කළා. අද උසාවිය මහින්ද රාජපක්ෂ, ගෝඨාභය, බැසිල් රාජපක්ෂ මේ රට බංකොලොත් කරන්න, රටේ ස්වෛරීභාවය අහිමි කරන්න, රට හිඟමනට වැටෙන්න වරදකරුවන් කරලා අවසන්.

 

2022 ජූලි 09 මහජනයා කෙලින්ම පාරට බැහැලා තුන් ලක්ෂයක් හමුදාව පිරිවරාගෙන හිටපු ගෝඨාභය රාජපක්ෂට යන්න කිව්වා. අපේ ජනතා විමුක්ති පෙරමුණේ මහත්තුරු ටික හිතුවා මෙන්න නියම වෙලාව විප්ලවය කරන්න කියලා. බැස්සා ජූලි 11 අනුර දිසානායක මහත්තයාගේ ගෝලබාලයෝ ටික පාර්ලිමේන්තුව ගිනි තියන්න. හැබැයි මේ රටේ පාරට බැහැපු ඒ අවංක මහජනයා ඒ කැරැල්ලට ඉඩ දුන්නේ නෑ. ඒක මහ පාරේදීම පරාජය කළා. එදා හඳුන්නෙත්තිලා ඒ මුග්ධ වැඩේ කරන්න ඉඩ දුන්නා නම් අද අනුර කුමාරට, මාතර රැස්වීම් තියන්නවත්, අපිට රැස්වීම තියන්නවත් වෙන්නෑ. අර බංගලිදේශේ වගේ මිනී කන කැත, රට අවුරුදු ගාණක් ආපස්සට යන භයානක ලේ විලක් බවට මේ රට පත්වෙනවා. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ක්‍රියාවලියක් රටට අවශ්‍යයි.

 

බංකොලොත්භාවය මිදෙන වැඩපිළිවෙලක් අපිට අවශ්‍යයි. අද මේ තියෙන්නේ තාවකාලික තත්වයක්. අපි 2028 එහාට ණය ගෙවන්න තීරණය කරලා තියෙන්නේ. අපි තුන් ගුණයක් තෙල් මිල ඉහළ නංවලා දෙගුණයක් විදුලි බිල ඉහළ නංවලා තමයි අද මේ ස්ථාවරත්වය කියන එක ළඟා කරගෙන තියෙන්නේ. ඒ වගේම අද ලංකා විදුලිබල මණ්ඩලය පළවෙනි මාස හයේදී ඔබ සියලු දෙනාගෙන්ම රුපියල් විසිදාහක් අරගෙන තියෙනවා. අන්න ඒ විදියට ඔබව හූරන් කාලා තමයි මේ අර්බුදය තාවකාලිකව සමනය කරලා තියෙන්නේ. මේක කාගෙවත් මැජික් එකක් නෙවෙයි. ලක්ෂ දෙසීය විස්සක් අහිංසක මිනිස්සුන්ගේ කර මත, බදු බර පටවලා මිසක් ඒ බංකොලොත් භාවයට, වගකිවයුතු කිසිවෙක්ට බර දාලා නෙමෙයි. අන්න ඒ අයුක්තිය පරාජය කරන්න ලබන විසි එක් වෙනිදා ඔබට අවස්ථාවක් තියෙනවා. මතක තියාගන්න මහින්ද මහත්තයාටත් රාජපක්ෂවරුන්ටත් බහින්න කිව්වට වේදිකාවෙන් බහින්නේ නෑ, දේශපාලනයෙන් යන්නේ නෑ. විසි එක් වෙනිදට නාමල් මහත්තයට අපි පාඩමක් උගන්නලා පෙන්නමු සීයට එකට බස්සලා, ඒ දේශපාලනය අවසන් කරන්න පියවර තබන්න කියලා. තවත් අය ඉන්නවා මේකට පෙරහැරේ ගිය. රටේ තෙල් පෝලිං හදපු, ගෑස් පෝලිං හදපු, ඒ සියලු දෙනාටම ප්‍රජාතන්ත්‍රවාදයෙන් අපිට පුළුවන් මේ අවස්ථාවේදී විරෝධය පළ කරන්න.

 

මේ රට මෙතෙන්ට පත්වුණේ, දූෂිත දේශපාලනයයි, කැරලිකාරී ලේ වැගිරිච්ච දේශපාලනයයි නිසා. නැවත වතාවක් ඒ ලේ වැකුණු ඉතිහාසයට මේ රටේ දේශපාලනය බිලිනොදී රට මෙතනින් ඔබ්බට ගෙනියන්න පුළුවන් වැඩ පිළිවෙලක් කණ්ඩායමක් ඉන්න සමගි ජන සන්ධානයට අපි විසි එක් වෙනිදා රට බාර කරමු. ඔබට කියන්න ඕනේ ඔය ඇතැම් අය ඇවිල්ලා කතා පවත්වනවා. මාතරත් තිබුණා පච ගහ කියලා. ලස්සන තෙල් බෙහෙත් වෙළෙන්දෝ වගේ කතා පවත්වනවා. හරිම සුද්දවන්තයෝ වගේ කතා පවත්වනවා. පැටිකිරිය ගැන කියනවා අනිත් අයගේ. අපි දන්නවා ඔය ඔක්කොගෙම පැටිකිරිය. මේ රටේ නැවත රැවටෙන්න දරුවන් වෙනුවෙන් ඔබට අයිතියක් නැහැ. රටේ තරුණ පරපුර රවට්ටන්න කිසිම කෙනෙකුට අයිතිය නෑ. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අද රටින් යන්න බැරුව ඉන්නවා. තව පිරිසක් රටට එන්න උත්සාහ කරනවා. අද පාස්පෝට් එක ගන්න විදිහක් නෑ. මොකද වංචාව එතන රජ වෙලා. ඔය හැමෝම වංචා ගැන කිව්වට, පෙන්නුවට, වංචාව නතර කරලා පෙන්නුවේ ඒගොල්ලෝ නම් නෙමෙයි. එදා තිබුණා සෞඛ්‍ය සේවයේ ප්‍රශ්නයක්. අනුර දිසානායක මහත්තයා අද ඒකට දඬුවම් දීලා හිරේට ඇරියේ නෑ. එක වචනයක් කියලා නෑ සෞඛ්‍ය සේවයේ ක්‍රියාවලිය ගැන. මේ රටේ ස්වාධීන වෛද්‍යවරු ඒ වගේම මේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඒ විතරක් නෙවෙයි මේ රටේ සමාජ සමාජ ක්‍රියාකාරිකයෝ මහ පාරේ සටන් කරලයි අද කෙහෙළිය ඇතුළු පිරිස හිරේ දාලා තියෙන්නේ.

 

VFS ගනුදෙනුවෙන් රට, අපේ දේශ සීමාව උගස් කරද්දි විදේශිකයන්ට ජනතා විමුක්ති පෙරමුණ අනුර දිසානායක වචනයක්වත් කියලා තියෙනවද? නෑ. ඒකත් උසාවි ගිහිල්ලා නතර කරලා ඉන්දියාවේ පෙට්ටි කඩේකට විකුණපු ඒ දේශ සීමාව රැකලා දුන්නේ මමයි, සුමන්දිරන් මහත්තයයි, හකීම් මහත්තයයි උසාවියට ගිහිල්ලා. ඒ නිසා අපි දූෂණය නවත්තන්න, නිකන් ෆයිල් පෙන්න පෙන්න ඉඳලා නෑ. ඇත්තටම අපි දූෂණය නවත්තලා තියෙනවා. ඒ වගේම මේ අරගලය අපි ඉදිරියට ගෙනියනවා. මේ රට බංකොලොත් කරන්න ක්‍රියාකරපු සියලුම දෙනාට දඬුවම් ලැබිලා, යුක්තිය ඉටු වෙනකන් මේ අරගලය ගෙනියනවා. ඒකට අවශ්‍ය කරන ජන බලය, ජන ශක්තිය සැප්තැම්බර් විසි එක් වෙනිදට සජිත් ප්‍රේමදාස මහත්තයට ඔබේ ඡන්දයෙන් ලබා දෙන ලෙස ඉල්ලනවා."

 

WhatsApp Image 2024 08 18 at 11.25.47WhatsApp Image 2024 08 18 at 11.25.48WhatsApp Image 2024 08 18 at 11.25.49WhatsApp Image 2024 08 18 at 11.25.491

 

@ලෙෂාන් විදානගමාච්චි

මාධ්‍ය ලේකම්

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි