SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

‘එල්නීනෝ’ දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම හේතුවෙන් දකුණු අප්‍රිකාවේ

මිලියන සංඛ්‍යාත ජනතාවක් නියඟයෙන් පිඩාවට පත්ව ඇති බව වාර්තා වේ.

 

වර්ෂාව ප්‍රමාදව ලැබීම හේතුවෙන් බෝග හා පශු සම්පත් නිෂ්පාදනය පහත වැටී ඇති අතර රටවල් කිහිපයකම ආහාර හිඟයක් ඇතිව තිබේ. දකුණු අප්‍රිකානු සංවර්ධන ප්‍රජාවේ (SADC) විධායක ලේකම් Elias Magosi ප්‍රකාශ කර තිබුණේ, කලාපයේ ජනගහනයෙන් සියයට 17 ක් මිලියන 68 ක ජනතාවකට ආධාර අවශ්‍ය වන බවයි.

 

සිම්බාබ්වේ, මලාවි සහ සැම්බියාව 2024 මුල් භාගයේ ආරම්භ වූ නියඟය නිසා ඇති වූ මන්දපෝෂණයෙන් වැඩිපුරම පීඩාවට පත් වූ දකුණු අප්‍රිකාවේ රටවල් අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පසුගිය මාසයේ සඳහන් කර තිබුණේ, දේශගුණික විපර්යාසවල බලපෑම් තීව්‍ර වන විට, නියඟය, සුළි කුණාටු, ගංවතුර සහ ලැව්ගිනි සමඟ කාලගුණික රටා වඩාත් ආන්තික වන බවයි.

 

@සෂිකලා මධුෂානී

LNW

නවතම ලිපි