SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පෙර මැතිවරණ වලදී තම පක්ෂයේ ජය පිළිබඳ පැවති දෙගිඩියාව සම්පූර්ණයෙන්ම පහව ගොස්,

යනෙන සෑම තැනකම, දකින හමුවන සෑම ශ්රී ලාංකිකයෙකුම විපක්ෂ නායක සජිත් ප්රේමදාස ජනාධිපති ධුරයට පත් වීම පිළිබඳ අපේක්ෂාවෙන්, පක්ෂය වටා රොක් වෙමින් සිටින බව සමගි ජන බලවේගයේ මාධ්ය ප්රකාශක හා නියෝජ්ය ජාතික සංවිධායක, කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. මරික්කාර් පැවසීය.

 

WhatsApp Image 2024 08 18 at 02.43.41

 

මහරගම ආසන බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට ඊයේ  (17) පස්වරුවේ එක්වෙමින් ඔහු  අවධාරණය කළේ මීට පෙර දිනයිදෝ සැකයෙන් සිටි එජාප නියෝජිතයන් අද මහරගම ආසන බලමණ්ඩලයට මෙලෙස පැමිණ සිටින්නේ දැඩි ජයග්රාහී මානසිකත්වයකින් බවයි. සජබ මාධ්ය ප්රකාශක මරික්කාර් ගේ එම ප්රකාශයට මෙහිදී සජබ මහරගම බලමණ්ඩල නියෝජිතයන් වෙතින් උණුසුම් ප්රතිචාර හිමි විය.

 

තවත් දින 34කින් පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස විජයග්රහණය ලබන බවට කිසිදු මිනිසෙකුට කිසිදු සැකයක් නැති බවයි ඔහු  පැවසූවේ.

 

ගමේ, හන්දියේ, කඩපොලේ, ත්රිරෝද රථයේ, මලගෙදර, මගුල් ගෙදර, දානෙ ගෙදර, බණ ගෙදර ආදී සියලු තැන් වල කතා වෙන්නේත්, බලාපොරොත්තු පල කරන්නේත් සජිත්ගේ ජය ගැන පමණයි. ප්‍රතිවාදී පක්ෂවල නියෝජිතයන් පවා පවසන රටේ පවතින දේශපාලන යතාර්ථය වන්නේ සජිත්ගේ ජයග්‍රහණයයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා  සෙවනේ සිටින්නන් පවා සජිත් දිනන බව දැන දැන් කරන්නේ එය වැළැක්වීමට උත්සාහ දැරිමයි.

 

 පෝලිම් නැති කරපු කෙනාට ඡන්දෙ දෙන්න කියන්නේ.., පෝලිම් හදපු සෙට් එක නේද….?

 

WhatsApp Image 2024 08 18 at 02.43.40

 

සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක එස්. එම්. මරික්කාර් ඊට හේතු දක්වා සිටියේ, මෙවර තරග වදින අපේක්ෂකයන් හා මේ මොහොතේ ඡන්දදායකයා මුහුණ දෙන ජීවන තත්වය ඉතා සංවේදීව සංසන්දනය කරමිනි. නිවසේ බල්බයක් දල්වද්දී, ජල කරාමයක් අරිද්දී අද ජනතාවට දෙවරක් සිතන්නට සිදුව ඇත. පවුලක් ගතයුතු ආහාර මොනවාද..? අසනීපයකට භාවිත කළ යුතු බෙහෙත් මොනවාද..? තම දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ කෙසේද..? යන්න මෙරට මහජනතාව නැවත නැවත සිතන්නේ වත්මන් පාලකයාට දෙස් තබමිණි. තමාගේ හා තම දූදරුවන්ගේ අනාගතය ගැන කිසිදු බලාපොරොත්තුවකින් තොරව අසතුටින් හූල්ලමින් දිවි ගෙවන ජාතියක් බවට අප පත්ව ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

 

එවන් ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරන අප ඉදිරියට පැමිණ ඔවුහු මෙසේ කියති.

“පෝලිම් නැති කළ රනිල්ට ඡන්දය දෙන්න”. පෝලිම් නැති කළ අය දිනවන්නට කියන්නේ පෝලිම් ඇති කළ අය බව ඒ මහතා අවධාරණය කළේ වර්තමාන ජනපති සමග සිටින පුද්ගල චරිත ද ගෙන හැර දක්වමිනි. වර්තමාන ජනාධිපතිවරයා පෝලිම් අවසන් කළේ පෙර පැවති තත්වයට රට ගෙන ඒමෙන් නම් කිසිවෙකුට ප්‍රශ්නයක් නැත. පෙර පරිදිම බිත්තරයක් රුපියල් 13කට, පෙට්‍රල් ලීටරය රුපියල් 117කට ගෑස් සිලින්ඩරය රුපියල් 1600කට හෝ හාල් පරිප්පු ජල විදුලි බිල්පත් ආදී සියල්ල තිබූ වටිනාකමටම ලබා දී පොලිම් අවසන් කළා නම් අපි සියලු දෙනා සතුටු වන්නෙමු.

 

සත්‍ය වශයෙන්ම සිදු වී ඇත්තේ පෝලිම් වල සිටි මිනිසුන් සෙවූ ඉල්ලූ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල, අස්වාභාවිකව හා අසාධාරණව ඉහළ නැංවීමය. මෙරට ජනතාව ජීවත්වන්නේ ලැබෙන ආදායමට අනුව තම අවශ්‍යතා සකසා ගෙන වන අතර පෝලිම් නිමා වී ඇත. එම ආර්ථික න්‍යාය නිවැරදි නම්, ඉන් රටවැසියා තෘප්තිමත් නම් අද කිසිවෙකු මෙම හමුවට සහභාගී නොවන්නේය. මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ සජිත් ප්‍රේමදාස ජනාධිපති කිරීමට මේ තරම් උවමනාවක් රටේ පවතින්නේ, පෝලිම් නැති කිරීමේ සැබෑ අසීරුතාව ජනතාව මැනැවින් අත්විඳ ඇති නිසා බවයි.

 

 ජනතාව සූරාකමින් සැප විඳින වලව් පැලැන්තිය අවසන්...!

 

WhatsApp Image 2024 08 18 at 02.43.401

 

ජනතාවගේ සැබෑ ජිවන තත්වය පිළිබඳ නොදන්නා. මිනිසුන්ගේ දුක බඩගින්න හාදුෂ්කරතා නොතකන වලව්කාර පැලැන්තිය වෙත ඒ හා සමාන ප්‍රතිඋත්තර බැඳිම මෙසේ සිදු වෙමින් ඇත. පොඩි මිනිසුන්ගේ අවශ්‍යතා නොසළකා හැර, බලය වෙනුවෙන් ක්‍රීඩා කරන වලව්කාරයන්ගේ අවශ්‍යතාවයන්ද. මේ මොහොතේ සාමාන්‍ය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරමින් ඇත. මෙරට සාමාන්‍ය ජනතාව මේ මොහොතේ සලකා බලන්නේ, තවදුරටත් ධනකුවේරයන්ගේ අනාගතය සරු කරනවාද...? එසේත් නැතිනම් මේ තරම් දුක්විඳින තමා හා තම දරුවන්ගේ අනාගතය සරු කරගන්නවාද...? යන සත්‍යයයි. ඔබේ පවුලේ ආහාරය වෙනුවෙන් ඉතා අධික මිලකට හාල් කිලෝව, පරිප්පු පන්සියය, සීනි දෙසිය පනහ, තේ කොල සියය ඉහළ බද්දක්ද සමග ගෙවා මිලදී ගත් පසු ඒ මුදල සොරා කෑමට ඉඩ නොතබා ජන දුක හඳුනන, ඒ දුක නිවන නායකයෙකු පත් කරගන්නට ජනතාව තීරණය කර අවසන්ය. දුක. වේදනාව. බඩගින්න, දරු කැක්කුම හා ඔවුන්ගේ අධ්‍යාපනය යන අවශ්‍යතා කිසිවිටෙක ජාති ආගම් හෝ ප්‍රාදේශීය වශයෙන් වෙනස් නොවන සරළ මෙන්ම අත්‍යවශ්‍යම මානුෂීය අවශ්‍යතාවයන්ය. එකී පොදු මානුෂීය අවශ්‍යතා දිනා ගැනීම උදෙසා මෙරට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියලු ජාතීන් ද, උතුර දකුණ නැගෙනහිර බටහිර හා රට මැද සියලු පුරවැසියන්ද තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස  කෙරෙහි විශ්වාසය තබා ඇතැයි එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පැවසීය.

 

@මාධ්‍ය ඒකකය

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි