SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණයේදී ඡන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් දහසක් දක්වා ලබාදෙන්නැයි

ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් ඉල්ලීම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

 

කෙසේවෙතත් අදාළ යෝජනා පිළිබඳ අවසන් තීරණය ඉදිරියේදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන බව ඒ ඔහු  ප්‍රකාශ කළේය.

 

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව එක් ඡන්දදායකයෙකු සඳහා වියදම් කිරීමට අවසර ලත් මුදල නාමයෝජනා භාරගැනීමෙන් දින 5ක් ඇතුළත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කළ යුතු වේ.

 

ඒ පිළිබඳව තීරණය කිරීම සඳහා සාකච්ඡාවක් අපේක්ෂකයන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර ඊයේ (16) මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැත්වුණි.

 

මේ අතර ජනාධිපතිවරණය සඳහා ඒ ඒ අපේක්ෂකයන් වියදම් කළ මුදල පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරණය අවසන් වී දින 20ක් ඇතුළත මැතිවරණ කොමිසමට ලබාදිය යුතු බව ද මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය. 

 

එක් අපේක්ෂකයෙකු සඳහා විද්‍යුත් මාධ්‍යයෙන් වැඩි ගුවන් කාලයක් ලබාදෙන බවට එල්ලවී ඇති චෝදනාව සම්බන්ධයෙන් ද  මැතිවරණ කොමිසම පසුගිය දා  අදාළ ආයතනයට දැනුම්දීමක් සිදුකර තිබිණි.

 

මේ අතර මැතිවරණ කාලසීමාව තුළ විවිධ පරිත්‍යාග කරමින් ඡන්දය ලබාගැනීමට උත්සාහ කිරීමෙන් ඡන්දදායකයා හෑල්ලුවට ලක්වන බව පැෆ්රල් සංවිධානය පවසයි.