SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස

බඳවා ගැනීමටත් ඔහුට පක්ෂයේ සභාපති ධුරය ලබාදීමටත් කටයුතු කළේ මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා යි.

 

එතැනින් නතර නොවූ මෛත්‍රී, විජයදාසව ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ අපේක්ෂයා ලෙස පත් කරන බවටද ප්‍රකාශ කළේය.

 

එසේම විජයදාස රාජපක්ෂ හිටපු ඇමතිවරයා තමා ශ්‍රීලනිපයේ සභාපති ලෙස පත්ව සිටින අතර පක්ෂයේ සාමාජිකයන්ගෙන් 95%ක් සිටින්නේ තමා සමඟ බව ද පසුගියදා රැස්වීම් වලදී ප්‍රකාශ කළේය.

 

එහෙත් දැන් තත්ත්වය සම්පුර්ණයෙන්ම කණපිට පෙරැලී ඇත.

 

පසුගිය සතියේ මෛත්‍රිපාල සිරිසේන හිටපු  ජනාධිපතිවරයා  ඔහුට හිතවත් ශ්‍රීලනිප සංවිධායක පිරිසක් කැඳවා පක්ෂයේ සහයෝගය විජයදාස රාජපක්ෂ මහතා ට ලබාදීම ගැන අදහස් විමසීමක් කර ඇත.

 

කෙසේ වුවද මෙම  සාකච්ඡාවට සහභාගි වූ කිසිම සංවිධායකයකු විජයදාස රාජපක්ෂට සහාය පළ කිරීමට කැමැත්තක් ප්‍රකාශ කොට නැත.

 

එසේම පක්ෂයේ සභාපති ධුරයට ඔහු පත් කිරීම සහ ඔහුට ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂක ධුරය පිරිනමන බවට කළ ප්‍රකාශයත් මේ හමුවේදී දැඩි විවේචනයට ලක්කොට ඇති බව සඳහන්.

 

මේ රැස්වීමට විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රමාද වී පැමිණ තිබූ අතර  ඔහුද කිසියම් ප්‍රකාශයක් කිරීමට යෑමේදී සංවිධායකයන්ගෙන් එයටද විරෝධය ප්‍රකාශ වී ඇත. එහිදී තමාට ඒ මොහොතේ පොළොන්නරුවට යෑමට තිබෙන බව පවසා ඔහු පිටත්ව ගොස් ඇත.

 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන සජබයට සම්බන්ධ වී එම පක්ෂයෙන් ලබන මහමැතිවරණයට පොළොන්නරුවට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට ඇති සූදානමක් ගැනද මෙහිදී ශ්‍රීලනිප සංවිධායකයන් ප්‍රශ්න කර තිබෙන බවත් විශේෂයෙන් පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල්තුමා ඇතුළු කතෝලිකයන් ගෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාට යම් චෝදනා ඉදිරිපත් වී තිබීම ගැනද මෙහිදී සංවිධායකයන් අදහස් දැක්වූ බවක් පිළිබඳව ද මෙහිදී  වාර්තා වේ.