SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ (16) අතිවිශාල ජන සහභාගීත්වයකින් යුතුව කුරුණෑගලින් තම වියග්‍රාහී රැළිය ආරම්භ කළ සමගි ජන බලවේගය ‍වෙනුවෙන්

පසුගියදා සන්දානගතවූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පැවසුවේ රටේ ණය මුදල බිලියන 37 ක් බවත්, ජවිපෙ, එල්ටීටීඊ කැරැලිවලින් ඒ වගේ පස් ගුණයක මුදලක් රටට අහිමි වූ බවත් ය.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක;

 

“සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ ඔබේ අනාගතය පමණක් නෙවෙයි මතු උපදින ඔබේ දරුවන්ගෙත් අනාගතය තීරණාත්මක දවසක්. 2022 අප්‍රේල් 12 වෙනිදා මේ රට බංකොලොත් රටක් බවට පත් වෙලා අපට උරුම වෙලා තිබුනු ඒ ස්වෛරීභාවය එදා කන්ද උඩරට 1815 මාර්තු 2 වෙනිදා අපට අහිමි වුණාට පස්සේ මහා ජාතික අරගලයකින් නැවත නිදහස ලබාගෙන තිබුනු අපේ රටට අපේ ස්වෛරීභාවය අහිමි කරලා මේ රට අපේ ණය හිමියන්ට යටත් කරපු නින්දිත දවසක් තමයි 2022 අප්‍රේල් 12. මතක තියාගන්න මේ මහා ණය කන්ද, මේ අතීත ණය කන්ද, තව අවුරුදු 18 ක් ඔබට අපට, අපේ දරුවන්ට ගෙවන්න තියෙනවා. අන්න ඒ නිසා මේ ගැන ඉතාමත්ම කල්පනාවෙන්, ඉතාමත්ම වගවීමෙන් ඔබ අප සියලු දෙනාම කටයුතු කරන්න ඕන ඒ දිනයේදී.

 

අපට මතකයි එදා මහනගර ඇමති හැටියට අපේ අමාත්‍යාංශයෙන් මේ කුරුණෑගල මහ නගරයක් කරන්න වැව රවුම හැදුවා. ඒ වගේම මේ නගරය අනාගතය කරා අවශ්‍ය කරන වැඩපිළිවෙල ආසියානු සංවර්ධන බැංකුවෙන් අපි ආරම්භ කළා. මේ රැස්වීම් භූමිය තියෙන තැන, කුරුණෑගල ප්‍රධාන ආර්ථික, සුපිරි වෙළඳ සංකීර්ණයක් එක්ක නිවාස සංකීර්ණයකට අවශ්‍ය මුල්ගල පවා අපි තිබ්බා. ඒ සියලු දෑ අද ඉතිහාසයේ අතීතයට තල්ලු කරලා දැම්මා. මොකද, මේ රටේ 2019 ඇති කරපු ඒ මහා කූට නාටකය, ඒ මාධ්‍ය නාටකයට දාහත් ලක්ෂයක් ඡන්ද තියෙන කුරුණෑගල ජනතාවත් හසුවීම නිසා. ඒ නිසා, නැවත වතාවක් නොයෙක් නාට්‍ය, මාධ්‍ය රැලි ඔබ අපට පෙන්නමින් එනවා. ඒ කිසිවකට හසු නොවී ලබන 21 වෙනිදා පළපුරුදු ඒ වගේම විශ්වාසනීය නායකත්වයකට සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක එකතු වෙන්න.

 

අද කතා කරනවා 76 අවුරුද්දක් තිස්සේ මේ රටේ දේශපාලනයට මොකද උනේ කියලා මතක තියාගන්න අපට වරද්දපු තැන නිවැරදිව අපි හඳුනාගත යුතුයි. අපට වැරදුනා මේ රටේ දේශපාලනයට ආපු දූෂිත, අකාර්යක්ෂම, අනාගතය ගැන දකින්නෙ නැතුව තීරණ ගත්ත දේශපාලනයෙන් අපට වැරදුනා. ඒ වගේම අපට වැරදුනා. කැරලි ගහලා රටේ දේශපාලනය වෙනස් කරන්න උත්සාහ කරලා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට පිටින් ආණ්ඩු පිහිටවලා විප්ලව කරන්න ගිහිල්ලා අපට වැරදුනා. අද මේ රට මේ මුළු කාලෙටම ණය වෙලා තියෙන්නේ ඩොලර් බිලියන 37 යි. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ, එල්ටීටීඊයේ කැරැල්ල නිසා ඒ වගේ පස් ගුණයක් අපට අපේ ජාතික ආදායම අහිමි කරලා තියෙනවා. ඒ වගේම වැඩ වර්ජන වලින්. මේ රටේ අනාගතය ගොඩනගන්න ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශාල පිරිසක් අපට නැති කරලා දාලා තියෙනවා. විශාල පරම්පරාවක් ඝාතනය කරලා. තවත් පරම්පරාවක් රටින් පලවා හැරලා, උගත් පිරිසට රට කරවන්න තියෙන අවස්ථා නැති කරලා. දැන් අපේ තරුණයින්ට රටවල් හදන්න කතා කරනවා සමහරු. මතක තියාගන්න, අපට වරද්දපු තැනේ, මේ ප්‍රධාන ධාරාවන් දෙකම ඉන්නවා. දූෂිත දේශපාලනය, එතනෝල් වලින්, මත්කුඩු වලින්, ඒ වගේම අපේ දරුවන්ට අයිස් වලින්, දේශපාලනයට ඇවිල්ලා, ඒ හරහා අපේ ජනතාව ගෙනගිය ඒ දූෂිත දේශපාලනය. ඒ වගේම කැරලි හරහා ලේ ගලන විප්ලව හරහා අපේ දරුවන්ව වෙන අතකට යොමු කරලා, රටේ ජාතික දේපල විනාශ කරලා, වැඩ වර්ජන වලින් මේ රට අතීතයට අරන් ගිය, ඒ දේශපාලනය. ඒ දේශපාලන දෙකම ලබන විසි එක් වෙනිදට පරාජය කරන්න ඔබට අද්විතීය අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ තමයි සජිත් ප්‍රේමදාසගේ මේ සන්ධානය.

 

සමහරු 76 අවුරුද්දකට සාප කලාට මේ 76 අවුරුද්දේ අපි විශාල වර්ධනයන් ලබාගෙන තියෙනවා. මේ රටේ අධ්‍යාපනය, සෞඛ්‍යට විශාල ඉදිරි ගමනක් ළඟා කරගෙන තියෙනවා. ඒ වගේම ආර්ථිකයත් බඩ ගගා නමුත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් අපි යම් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඒ නිසා ඒවාට ගරහ ගරහා කිසිම අත්දැකීම නැති කිසිම ආකාරයක රට පාලනය කිරීමේ කළමනාකාරීත්වයක් නැති බබ්බු රැලකට රට බාර දෙන්නැතුව පළපුරුදු ඒ වගේම අලුත් අත්දැකීම් තියෙන නවීන තරුණ පරපුරක් එක්ක එකට එකතු වෙච්ච නව කණ්ඩායමකට රට බාර දීමේ වගකීම ඔබ අප හැමෝටම තියෙනවා. කුරුණෑගල නගරය මහා නගරයක් හැටියට මේ කුරුණෑගල දිස්ත්‍රික්කය මහා බලගතු දිස්ත්‍රික්කයක් හැටියට රටේ ආර්ථිකයේ මර්මස්ථානයක් හැටියට ගොඩනගනවාද? එහෙමත් නැත්නම් තව අත්හදාබැලීම් සියයක් හරහා මේ රට නැවත අතීතයට ගෙනිහිල්ලා බංගලිදේශය වගේ නැති බංගස්ථාන වෙන කැරලි කාරයින්ගේ මර්මස්ථානයක් කරනවද කියලා අපි තීරණය කළ යුතුයි.

 

ඔබට මතකයි එදා අපේ රටේ විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව විශාල මුලාවන් ප්‍රමාණයකට දැම්මා. මතකයි නේද? එදා මේ රටට වසංගතය ආපු වෙලාවේ මේක දූපත් රටක්. මේ දූපත් රටේ තැන් දෙකයි වහන්න තියෙන්නේ. වරායයි, ගුවන් තොටුපලයි. හැබැයි අත්හදා බැලීම් කරන්න ගිහිල්ලා, තිස්දහසකටත් මරණයට පත්වුණා. අර ධම්මික පැණිය කියලා එකක් ගෙනල්ලා, ඒ වගේම මුට්ටි හට්ටි ජීවම් කරලා, ගංගා වලට දාලා, වසංගතය නවත්තන්න පුළුවන් කියලා අපිට කිව්වා මතකයිද? තිස්දහසක් අපේ ජීවිත නැතිවුණා. අපේ දරුවන්ගේ අනාගතේ නැතිවුණා. රට ආපස්සට ගියා. ඒ ගොන්කම්වල ප්‍රතිඵල හැටියට. ඊළඟට, පොහොර නැතුව, ඒ වගේම අකාබනික ද්‍රව්‍ය නැතුව, ගොවිතැන් කරන්න පුළුවන්, හෙළ ගොවිතැන කරන්න ඕනේ කියලා, රට වටා ගෙන ගිය ක්‍රියාදාමය අපේ තුන් වේල කාපු ගොවියා ඇමරිකන් පිටි කන ඉන්දියාවේ ලුණු මිරිස කන හිඟන පිරිසක් බවට පත් කළා නේද? මතකද ඒ ක්‍රියාවලිය? ඊළඟට මහා පරිමාණයෙන් මහ බැංකුවේ සල්ලි අච්චු ගහලා, ඒ වගේම ධනපතියන්ට දැවැන්ත බදු සහන ලබා දීලා, රටේ මූල්‍ය ස්ථාවරත්වය කඩාකප්පල් කරලා, රටට ණය ගෙවන්න බැරි, හිඟන රටක්, ස්වෛරීත්වය අහිමි රටක් බවට පත් කළා. මතකයි, නේද? ඒවයේ කතා පවත්වපු කට්ටිය මතකයි නේද? ඒගොල්ලෝ අද විවිධ සලකුණු ඔස්සේ ඉදිරිපත් වෙලා ඉන්නවා. මතක තියාගන්න ඒ කොයි සලකුණෙන් ආවත්, ඒ හැම සලකුණෙන්ම ඇවිල්ලා ඉන්නෙ අපේ, අපේ දරුවන්ගේ ඛේදවාචකයට සෘජුව වගකිවයුතු පිරිස්, එක දේශපාලන වලේ වල දාන්න. ලබන 21 වෙනිදට ඉදිරියට එන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා.

 

මේ රට මෙතනින් ඉදිරියට ගෙනියන්න ඕනේ. මතක තියාගන්න මේ සැප්තැම්බර් මාසේ ඉඳන් නැවත අපිට ණය ගෙවීම ආරම්භ වෙනවා. අපට සිද්ධ වෙනවා මහා පරිමාණයෙන් අපි ගත් ණය ආපහු ගෙවන්න. හරිහමන් අධ්‍යාපනයක් නැති, ලෝකය දැකලා නැති, කළමනාකාරිත්වය දන්නේ නැති පිරිසක් අතට මේවා පත්කරන්න එපා, මේ රට පත්කරන්න එපා. මට මතකයි මේ ඊයේ, පෙරේදා තිබ්බා, අයි. ටී. සමුළු තාක්ෂණ සමුළුවක්. ඒ සමුළුවේ ගිහිල්ලා බොහොම බලගතු දේශන පවත්වනවා. හැබැයි මම අභියෝග කරනවා ඒ අයට අඩුගානේ එදා නිකුත් කරපු පොත කියවගන්නවත් ඒ අයට හැකියාවක් නෑ. අද මොකක්ද ප්‍රධාන තේමාව? දූෂණය නවත්තන්න. ඒ ගැන ෆයිල් තියෙනවලු මාලිමාවට. මේ රටේ ප්‍රධාන දූෂණයක් සිද්ධ වුණා. ඒ තමයි අර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇමතිතුමා ඇතුළු නිලධාරීන් සියලු දෙනා හිරේ දැම්මේ මාලිමාවේ අයද? නෑ. මේ අය නෙවෙයි. අර කාවින්ද ජයවර්ධන දොස්තර මහත්තයා, මේ වසන්ත යාපා මහත්තයා, ඒ වගේම චමල් සංජීව, අපේ අජිත් අමරසිංහ, ඒ වගේම මේ රටේ කැපවෙච්ච සමාජ සේවකයෝ ගණනාවක් උද්ඝෝෂණය කරලා තමයි, අද ඒ දඬුවම ලබාදීලා තියෙන්නේ. තාම අනුර දිසානායකගේ තියෙන්නේ, ෆයිල් ටික විතරයි. හැබැයි, එක අරගෙන, ඇමතිව හිරේ දැම්මේ, මේ රටේ ජන ක්‍රියාකාරීන් කියන එක අපි මතක් කරන්න ඕනේ.

 

මේ ඊයේ පෙරේදා අපේ රවුෆ් හකීම් ඇමතිතුමා, මම, සුමන්දිරන් මන්ත්‍රීතුමා, අපි සියලු දෙනාම ගියා අධිකරණයට. මේ රටේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච විශාලතම වංචාවට විරුද්ධව. මොකක්ද ඒ? ඊ වීසා වංචාව. මේ රටේ ප්‍රකෝටි ගණන් ධනය විදේශික සමාගමකට දීලා තියෙනවා., රටේ පළවෙනි දේ තමයි, අපේ දේශසීමාව. ඒ දේශසීමාව ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙනුවට ඉන්දියාවේ පෙට්ටි කඩේකට ටිරාන් අලස් මේක බදු දීලා අපේ ස්වෛරීභාවය අපෙන් අහිමි කළා. ඒකට විරුද්ධව ඔය ඊනියා ජාතිමාමකයෝ එකෙක්වත් කතා කළාද? දූෂණය ගැන ෆයිල් ගැන තියෙන අනුර දිසානායකට, ටිරාන් අලස්ගේ නම මතකද? නෑ මිත්‍රවරුනි, එක ආවා විතරක් නෙවෙයි, අපි එක උසාවි ගෙනිහිල්ලා, ඒ ක්‍රියාවලිය මේ රටේ දේශ සීමාවත් රැකලා රටේ ජනතාවත් රකින්න උසාවි නියෝගයකුත් අපි ගත්තා. මේ රටට අද ආදායම් දෙකයි ප්‍රධාන වශයෙන් රටේ මිනිස්සු රට යනවා. ඒ වගේම රටෙන් පිටරටින් සංචාරකයෝ මෙහෙට එනවා. අද ඒ දෙකම නැවතිලා. සංචාරකයාට වීසා එක ගන්න විදිහක් නෑ. රටින් යන්න මිනිහට එක නෑ නේද? ජාවාරම අද කරගෙන යනවා. මිලියන පහක් පාස්පෝට් ගහන්න කියලා අරගෙන මොකද අද කරලා තියෙන්නේ? අපේ දරුවෙකුට රටින් යන එක නතර කරලා තියෙනවා. ඉදිරියේදී අපි ඒ සියල්ල ගන්නවා. ඒ නිසා මතක තියාගන්න දූෂණය නවත්තනවයි කියන අය අත්වල ලේ තැවරිලා, උගුරට එනකන් මිනී ගිලපු පිරිසක්, අද ව්‍යාජ සළුපිළි පැළඳගෙන, ඔබ ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ අයගේ රැළිවලට අහුවෙන්න එපා. දූෂණය ඇත්තටම නවත්වපු පිරිසක් අපි. ඒ වෙනුවෙන් දඬුවම් දීපු පිරිසක් අපි. ඒ වෙනුවෙන් සටන් කරපු පිරිසක් අපි. ඒ නිසා, ව්‍යාජ බලවේග වලට රැවටෙන්නේ නැතුව, අනාගතය කරා යන අනාගතවාදයකට එකතු වෙන්න, ලබන සැප්තැම්බර් 21 වෙනිදා මේ මහජන ගඟ, විජයග්‍රහනයේ ජන ගඟක් බවට පත් වේවා.!”

 

@මාධ්‍ය ඒකකය