SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද කුරුණෑගල පැවැති සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ මංගල රැලියට

අතිවිශාල ජනකායක් සහභාගී වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි. 

 

මෙම රැස්වීම කුරුණෑගල පැවැති විශාලතම දේශපාලන රැස්වීම බව එකී  මාධ්‍ය වාර්තාවන් හි සඳහන් කර ඇත. මේ ඒ පිළිබඳව මාධ්‍යවේදී කේ.සංජීවගේ සටහනක්.

  

හොඳම කණ්ඩායම සජිත් ළඟ

ඒකයි මේ ජනරැල්ල....!!

 

k 1

 

අද සමගි ජන සන්ධානයේ පළවෙනි ජනරැලිය. ඒක තිබුණේ කුරුනෑගල. සුපුරුදු පරිදි විපක්ෂ කණ්ඩායම් සෙනඟ ගනින්න පටන් අරගෙන. සෙනඟ ගනින්න දෙයක් නෑ ජන ගඟක් සමගි ජන සන්ධානය වටේ එකතුවෙලා ඉවරයි.

 

මම ඉන්න මහරගමට හොඳටම වහිනවා ඒත් කුරුනෑගලට පුංචි මල්වැස්සක් විතරයි. ඒ කියන්නේ ගමන සුබයි. ජය නියතයි කියන එක නේද?. ඇයි ජය නියත වෙන්නේ ඒකයි ප්‍රශ්නය. ජය නියත වෙන්නේ සතර දෙසින් ලංකාව පුරාම මිනිස්සු එක පොදියට එක හුස්මට සමගි ජන සන්ධානය වටේ එකතුවීම නිසා.

 

මෙහෙම මිනිස්සු එක්කාසු වෙන්නේ ඇයි? ප්‍රධානම හේතුව සජිත් වටේ ඉන්න ටීම් එක. මේ ටීම් එකට තමයි මේ රට ගොඩදාන්න පුළුවන් කියලා අද අපේ මිනිස්සු හිතන්න පටන් අරගෙන.

 

kuru 5

 

ආර්ථිකය භාර දෙන්නේ කාටද කියලා හිතන්න දෙයක් නෑ. නියම බඩු ගොඩක් ඉන්නවා. වංචා දූෂණ කප්පම් චෝදනා නෑ ඔවුන්ට. ඉතිං එක්කෙනෙක් තෝරගන්න තමයි තිබෙන්නේ. අගමැති ධුරය දෙන්නේ කාටද? බලශක්තිය කාටද භාර දෙන්නේ? හිතන්න බලන්න දෙයක් නෑ නියම බඩු ඉන්නවා ඒ වෙනුවෙන්. මහජන ආරක්ෂාව කාටද දෙන්නේ? නීතිය හා සාමය කාටද දෙන්නේ? විදෙස් කටයුතු කාටද දෙන්නේ හිතන්න දෙයක් නෑ නියම බඩු ටික ඉන්නේ සජිත්ගේ වේදිකාවේ.

 

මේ රට ගොඩදාන්න පුළුවන් දැනුම ශක්තිය හැකියාව තියෙන්නේ සමගි ජන සන්ධානය ඇතුලේ. ඒක පොදු මිනිසා දන්නවා ඒක තමයි ඔවුන් මේ විදිහට සජිත්ව ජනාධිපති කරන්න සමගි ජන සන්ධානය වටේ එකතුවෙමින් ඉන්නේ. ඒකට වෛර කරලා වැඩක් නෑ. ඒක පිළිගන්න විතරයි තියෙන්නේ.

 

අද කුරුනෑගල රැස්වීම කියන්නේ පටන් ගැනීම විතරයි. මේක කෙලවර වෙන්නේ නියත ජයකින්. මේ රටේ පොඩි මිනිහට හැමදාම ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්නවල විසඳුම් තිබෙන්නේ මෙතන. ඒකයි මිනිස්සු සජිත් වටේ රොඳ බඳින්නේ. මේ පොදු මිනිසාගේ ප්‍රශ්නවලට උත්තර ඉල්ලගෙන තමයි අරගලයක් ආවේ ඒ ප්‍රශ්නවලට උත්තර තිබෙනෙත් මෙතන විතරයි. ඉතිං මිනිස්සු ජනගඟක් වගේ එකතුවෙනවා.

 

kuru7

 

රට වෙලාගත්ත ආර්ථික ප්‍රශ්නයට නිවාස ප්‍රශ්නයට බලශක්ති ප්‍රශ්නයට ප්‍රවාහන ප්‍රශ්නයට මහාමාර්ග ප්‍රශ්නයට අධ්‍යාපන හා සෞඛ්‍ය ප්‍රශ්නයට මේ හැම දේටම දියුණුම විදිහට උත්තර විසඳුම් සොයන්න පුළුවන් මැද දකුණේ මිනිස්සු ටික එකතුවෙලා ඉන්නේ මෙතන. ඉතිං දකුණේ ඉදලා විසඳුමක් සොයන ඒ වෙනුවෙන් හීන දකින මිනිස්සු ලක්ෂ ගනනින් මෙහෙම එකතුවීම පුදුමයක් නෙවෙයි.

 

අද උග්‍ර දක්ෂිණාංශික අපේක්ෂකයා ජනතාව බිල්ලට දීලා බදුබරෙන් ජනතාව ගැටගහලා මරණයට දක්කගෙන යමින් ඉන්නේ. දැන් තියෙන්නේ ගෑස් ගහලා මරණය නියත කරන්න විතරයි. ඒත් ඒකට ඉඩ තියන්න ජනතාව සූදානම් නෑ කියලා තමයි ඔවුන් මේ කියන්නේ.

 

අනෙක් පැත්තෙන් උග්‍ර වාමාංශිකයන් බලය ගන්න බලන් ඉන්නවා. ජනතාව ඒ උගුලත් ප්‍රතික්ෂේප කරමින් මැද දකුණේ පක්ෂය වටේ එකතුවෙමින් තමයි මේ ඉන්නේ.

 

මෙන්න මේ කතාව තමයි කුරුනෑගල සජිත් රැලියේ සෙනඟ විශ්මයේ ඇත්ත කතාව...!

 

@කේ.සංජීව