SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට

18 හැවිරිදි විශ්මි ගුණරත්න අද (16) සමත්  වූවාය.

ඒ අයර්ලන්තයට එරෙහිව බෙල්ෆාස්ට්හි පැවැති පළමු එක්දින තරගයේදීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක වන චමරි අතපත්තු හැරෙන්නට එක්දින තරගයක දී ශතකයක් රැස්කළ පළමු ක්‍රීඩිකාව බවට පත් වීමට මෙම ශතකයත් සමග විශ්මි ගුණරත්නට  හැකි විය.

ඇය මෙම වාර්තාව තබා ඇත්තේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 101ක් රැස් කරමිනි.

විශ්මි අද වාර්තා අතරට එක්ව ඇත්තේ එක්දින ශතකයක් වාර්තා කළ ළාබාලතම ශ්‍රී ලාංකිකයා ලෙසය.

සංචාරක ශ්‍රී ලංකා කාන්තා පිල සහ අයර්ලන්ත කාන්තා පිල අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද බෙල්ෆාස්ට් හිදී ආරම්භ වුණි.