SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

- සජිත් දිනවන්න ආ මහ සෙනගින් අගනුවර හෙල්ලෙයි.

- නියත ජනපති සජිත් බව රාජගිරියේදීම ඔප්පු කළා.

- වික්‍රමසිංහ උන්නැහේ..., ජනතාව සූරා කෑ යුගය ඉවරයි.

- ජනපතිවරණ ප්‍රතිවාදීන්ට මරික්කාර්ගෙන් සැර ප්‍රතිචාර

ජනාධිපතිවරණයේ පළමු වටයෙන්ම 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් දිනා මීළඟ ජනපති ධුරයට සජිත් ප්‍රේමදාස තෝරා පත්  වීම ස්ථිර බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.

 

සජබ නායක සජිත් ප්‍රේමදාස  නාමයෝජනා භාර දෙන අවස්ථාව වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය වෙත පැමිණ සිටි අතිවිශාල ජනකාය අතර සිට අද පෙරවරුවේ (අගෝස්තු 15 බ්‍රහස්පතින්දා දින) මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

 

WhatsApp Image 2024 08 15 at 16.20.231

 

ජනතා පීඩාවන්ට විසඳුම ලබා දිය හැකි එකම කණ්ඩායම සජබ බවට ජනතාව තුළ පවතින දැඩි විශ්වාසය එම අවස්ථාවේ මැතිවරණ කොමිසම අවට ස්වභාවයෙන් මොනවට පැහැදිලි වන්නේය. ධන කුවේරයන් විසින් මහජන මුදල් වංචා කිරීම නවතා දමා, ජනතාවගේ දුකට වේදනාවට හා මහන්සියට නිවැරදි වටිනාකමක් හිමි කර දිය යුතුය. එබැවින් අද දින නාමයෝජනා භාර දීමෙන් පසු මෙරට ක්‍රියාත්මක වන්නේ පන්ති අතර සටනකි. වලව් පැලැන්තියට හා වලව් වල අන්තේවාසිකයන් වූ තරගකරුවන්, ජනතා විරෝධයට පාත්‍ර වී ඇත. සජබ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් අවධාරණය කළේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් මහජනයා සූරා කෑ, මහජන මුදල් සොරා කෑ යුගය අවසන් වීමට නියමිත බවයි.

 

WhatsApp Image 2024 08 15 at 16.20.251

 

මෙහිදී මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියේ නාමයෝජනා භාර දුන් අනෙක් ජනාධිපති අපේක්ෂකයන් පිළිඳවයි. ඊට පිළිතුරු ලබා දෙමින් මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ සියල්ලන් තරඟකරුවන් පමණක් බව හා මීළඟ ජනපති ලෙස නියත වශයෙන්ම තේරී පත් වන්නේ තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස බවයි. තරගකරුවන් අතරින් නාමල් රාජපක්ෂ නියෝජනය කරන්නේ රට ආර්ථික බංකොලොත් භාවයට පත් කළ කුලකය වන අතර, රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන්නේ හොරු මිනීමරුවන් වංචාකරුවන් රකින කුලකය බවත් අනුර කුමාර දිසානායක නියෝජනය කරන්නේ කටින් පමණක් විප්ලව කරන්නන්ගේ කුලකය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

WhatsApp Image 2024 08 15 at 16.20.23WhatsApp Image 2024 08 15 at 16.20.24WhatsApp Image 2024 08 15 at 16.20.25

@පබසර රෝහණ

මාධ්‍ය ලේකම්