SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි ජනාධිපතිවරණයට තරග වදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ගෑස් සිලින්ඩරය ලකුණෙන් ඉදිරිපත්වීමට නියමිතව ඇත.

 

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඔහුට එම ලකුණු ලැබී ඇත්තේ ස්වාධීන අපේක්ෂකයන් සඳහා වෙන් කරන ලද මැතිවරණ ලකුණු ලේඛනය අනුවය.

 

අරගලයේ ආරම්භය සලකුණු වුයේ පෝලිම් ඇත්වීමටත් ප්‍රථම ගෑස් සිලින්ඩර් පිපිරීම සම්බන්ධ සිදුවීම් මූලික කොට ගෙනය.

 

ඒ අනුව බොහෝ දෙනා පවසන්නේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ධූරයට පක් වූ ජනාධිපති වික්‍රමසිංහ වෙත ලැබී ඇති මෙම ඡන්ද ලකුණ දෛවෝපගත සළකුණක් බවය.

 

මේ අතර ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා අද නාමයෝජනා භාර දුන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතියට දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා නැවුම් ජනවරමක් ඉල්ලා සිටියේය.

 

“ශ්‍රී ලංකාවේ ජනතාවට දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමට මම ජනවරම අපේක්ෂා කරනවා. අපි ජාතිය භාරගෙන ස්ථාවරත්වය ගෙනාවා. ඔබට දැන් ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තිබේ. මෙය ආරම්භය පමණි. ශ්‍රී ලංකාව ස්ථාවර රටක් බවට පත් කිරීමට බොහෝ දේ කළ යුතුව ඇත. ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අපේ කාර්ය ඉටු කරන්න මට වරමක් දෙන්න කියලා.

 

“අර්බුදකාරී කාල වකවානුවේදී ජාතිය භාරගන්න කිව්වම විපක්ෂයේ අය පැනලා ගියා. මේ වගේ අයට ජාතිය බාර දෙනවද කියලා තීරණය කරන්න”

ඔහු ජනතාවට කීවේය.

ගෑ ස්