SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් 40 දෙනා අතරින් 39 ක් නාමයෝජනා භාරදී ඇති බවයි සඳහන් වේ.

 

පෙරවරු 11.00 සිට 11.30 දක්වා විරෝධතා දැක්වීම සඳහා කාලය වෙන් කර තිබිණි.

 

ඒ අනුව නාමයෝජනා 03 ක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළ අතර, එම විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව ඒවා ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය පහතින් දැක්වේ.

 

01. දිලිත් සුසන්ත ජයවීර 
02. සරත් මනමේන්ද්‍ර
03. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
04. ඒ. එස්. පී. ලියනගේ 
05. පානි විජේසිරිවර්ධන
06. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
07. අජන්ත ද සොයිසා
08. බත්තරමුල්ලේ සීරලතන හිමි
09. සරත් ෆොන්සේකා
10. නුවන් සංජීව බෝපගේ
11. හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
12. ජනක ප්‍රියන්ත කුමාර රත්නායක 
13. කේ.කේ. පියදාස
14. මයිලවාගනම් තිලකරාජා
15. සිරිපාල අමරසිංහ
16. පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්
17. සරත් කීර්තිරත්න 
18. කේ. ආනන්ද කුලරත්න
19. නාමල් රාජපක්ෂ
20. අක්මීමන දයාරතන හිමි
21. කේ.ආර්. කිෂාන්
22. පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ
23. විජයදාස රාජපක්ෂ
24. අනුර සිඩ්නි ජයරත්න
25. සිරිතුංග ජයසූරිය
26. මහින්ද දේවගේ
27. මොහොමඩ් ඉල්ලයාස් 
28. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
29. ඇන්ටනි වික්ටර් පෙරේරා 
30. කීර්ති වික්‍රමරත්න
31. සජිත් ප්‍රේමදාස 
32. රනිල් වික්‍රමසිංහ
33. මරක්කලමානගේ ප්‍රේමසිරි 
34. ලලිත් ද සිල්වා
35. පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක
36. ඩී.එම්. බණ්ඩාරනායක
37. අනුර කුමාර දිසානායක
38. අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා
39. අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන් 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි