SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ අනුව පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එහිදි විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබේ.

මෙවර ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් භාරගැනීමේ කාලය ඊයේ (14) දහවල් 12.00න් අවසන් වූ අතර ඒ අනුව අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලින් අනතුරුව ඉදිරිපත් වූ විරෝධතා සලකා බලා ජනාධිපතිවරණයට තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

එහිදී ස්වාධීනව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කිරීම ද සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර නාම යෝජනා පත්‍ර භාරගැනීම වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රය සහ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

@adaderana

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි