SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාල

හෙට දිනයේ රත්නපුර සිය පාක්ෂිකයින්ව සාකච්ඡාවකට කැඳවා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග කියයි.

ඊට හේතුව වී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහයෝගය  පළකළ යුත්තේ කුමන නායකයෙක් වෙත ද යන්න පිළිබඳව පාක්ෂිකයින් සමග තීරණයකට එළැඹීම බවත් වාර්තා වේ.

ඒ අනුව හෙට දිනයේ ගනු ලබන තීරණයත් සමග බොහෝ දුරට තලතා අතුකෝරාල මන්ත්‍රීවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත තම සහයෝගය දක්වනු ඇති බවයි විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ ආරංචිමාර්ග පවසන්නේ.

පසුගිය කාලය තුළ දිගින් දිගටම ජනාධිපති රනිල් සමග එක්වේවි යැයි මාධ්‍ය අනාවැකි පළකළ කිහිප දෙනා අතුරින් තළතා අතුකෝරල ද එක් මන්ත්‍රීවරියක් ලෙස සැලකේ.

ඊයේ දිනයේදී, කාලයක් පුරා ජනාධිපතිවරයා සමග එක්වන බවට මාධ්‍ය වාර්තා පළකල රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා ද ජනාධිපතිවරයාට සහයෝගය දෙන බව ට ගිවිසුම්ගත  විය.

ඒ අනුව ඉදිරියේදී මන්ත්‍රී ආසන කිහිපයකටම නව පත්කිරීම් සිදුකිරීමට සමගි ජන බලවේගයේ නායකයාට සිදුවන බවයි දේශපාලන ආරංචිමාර්ග කියා සිටින්නේ.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි