SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මැතිවරණ නීති උද්උල්ලංඝනය කරමින් හිරු මාධ්‍ය ජාලය විසින් දිගින් දිගටම කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන්

මැතිවරණ කොමිසන් සභාව විසින් 2024.07.26 දිනැතිව නිකුත් කළ 2394/57 දරණ ගැසට් පත්‍රයේ මාධ්‍ය උපමාන නැවත සිහිපත් කරමින් අවවාදාත්මක ලිපියක් හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී වෙත යවා ඇත.

 

මැතිවරණ සමයක කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මැතිවරණ කොමිසම හදුන්වා දී තිබෙන මාධ්‍ය උපමාන හිරු මාධ්‍ය ජාලය විසින් නොතකා හැර ඇති බවත්, එය මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් වන බැවින් වහාම ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටිමින් මැතිවරණ කොමිසම විසින් හිරු මාධ්‍ය ජාලය යොමුගත ලිපියේ සඳහන් කර ඇත.
 
 WhatsApp Image 2024 08 14 at 14.53.35
 
WhatsApp Image 2024 08 14 at 14.53.351
 
 
 
එසේම දැනට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුතු සම්බන්ධයෙන් පවා මාධ්‍ය සදාචාරයට පටහැනිව අදහස් ප්‍රකාශ කරන බවද ඔවුන්ට එල්ල වී තිබෙන තවත් චෝදනාවක් වේ.
 
 
 
මේ සියළු කරුණු පිළිබදව සිය ලිපියේ සදහන් කර තිබෙන මැතිවරණ කොමිසම, මේ කරුණු පිළිබදව වහා සැලකිලිමත් වී නිවැරදි මාධ්‍ය භාවිතයක යෙදෙන ලෙසයි හිරු මාධ්‍ය ජාලයට අවවාද කර ඇත.
 
 
එසේම
 
“පොදු සංඛ්‍යාත සහ පොදු ගුවන් කාලයන් තුළ තමාට රිසි පක්ෂ ප්‍රවර්ධනය කිරීම හා අනෙකුත් පක්ෂයන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම” සිදු කරන බව එම ලිපියේ දක්වා තිබේ.
 
 
 
“එවන් පසුබිමක් තුළ ඔබ ආයතනය විසින් ඉහත සඳහන් පරිදි වැඩසටහන් විකාශය කිරීමක් සිදුකරන්නේනම් එය පොදු සංඛ්‍යාත සහ පොදු ගුවන් කාලයන් අවභාවිතා කිරීමක් වන අතර එමගින් ඡන්ද විමසීම අතරතුර බලපැවැත්වෙන නීතී උල්ලංඝනය කිරීමක් වන බවද අවධාරණය කරමි. එබැවින් ඉදිරියේ දී මෙවැනි පැමිණිලි ඉදිරිපත් නොවන ආකාරයට ඔබගේ සංඛ්‍යාත හා ගුවන් කාලය භාවිතා කරන ලෙසට දන්වන අතර ඔබගේ වැඩිදුර දැනගැනීම සඳහා ඉහත සඳහන් මාධ්‍ය උපමාන ගැසට් පත්‍රයේ පිටපතක් මේ සමඟ යොමු කරමි” යි මැතිවරණ කොමසාරිස් ජෙනරාල සමන් ශ්‍රී රත්නායක සිය ලිපියේ සඳහන් කර ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි