SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන ජනාධිපතිවරණයේදී ආබාධිත පුද්ගලයින් ඡන්දය භාවිත කිරීමේදී

ඔවුන්ට නිකුත්කර ඇති තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන අතර එදින ඡන්ද දායකයින්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය දේවල් පිළිබඳවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

"වලංගු ජාතික හැඳුනුම්පතක්, වලංගු රියදුරු බලපත්‍රයක් හෝ වලංගු ගුවන් ගමන් බලපත්‍රයක්, සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති වැඩිහිටි හැඳුනුම්පත, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති විශ්‍රාමික හැඳුනුම්පත. ඒ එක්කම පූජ්‍ය පූජක උතුමන් වෙත පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ හැඳුනුම්පත, ඒ වගේම මේ කිසිම දෙයක් නැති අයට පුළුවන් තමන්ගේ ග්‍රාම නිලධාරීවරයා සමග මැතිවරණ කාර්යාලයට ගිහිල්ලා තාවකාලික හැඳුනුම්පතක් ලබාගන්න. එත් එක්කම මෙවර විශේෂයෙන්ම සඳහන් කරලා තිබුණා ආබාධිති ප්‍රජාව සඳහා අපි නිකුත්කළා තවකාලික හැඳුනුම්පතක් ඔවුන්ට ඒ තාවකාලික හැඳුනුම්පත පාචිච්චි කිරීමේ හැකියාව තියෙනවා."

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි