සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.
ඒ බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේ දීය.
එම අවස්ථාවට සර්වජන බලය එකමුතුවේ පක්ෂ නායකයින් වන වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් එක්ව තිබේ.
මව්බිම ජනතා පක්ෂයේ නායකයා ද වන සර්වජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර වෙනුවෙන් ඊයේ (13) ඇප මුදල් තැන්පත් කර තිබුණි.
ඔහුගේ ජනාධිපතිවරණ ඡන්ද සලකුණ ‘තරුව’ ය.