SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් 04, 05 සහ 06 දින සිදු කිරීමට නියමිත ය.

 

තැපැල් සලකුණු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා සැප්තැම්බර් 4 වනදා වෙන් කර ඇති අතර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඉල්ලා ඇති අනෙක් පාර්ශව සඳහා සැප්තැම්බර් මස 5 හා 6 යන දින දෙක වෙන්කර ඇත.

 

සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබාදෙන ලකුණු කිරීමේ දිනය සැප්තැම්බර් මස 11 සහ 12 යන දින වෙන්කර තිබේ.

 

ඇප තැන්පත් කිරීම අද දහවල් අවසන් වෙයි

 

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (14) දහවල් 12.00 න් අවසන් කිරීමට නියමිත අතර, 2024 පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද උදෑසන සිදු කළ බව වාර්තා වේ.

 

නාමයෝජනා භාරගැනීම හෙට

 

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම හෙට (15) පෙරවරු 9.00 ට ආරම්භ කිරීමට නියමිත අතර, පෙරවරු 11.00 දක්වා එම කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ වෙනුවෙන් හෙට රාජගිරිය මැතිවරණ කොමිසම ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් මෙන්ම විශේෂ රථ වාහන වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි