SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා

ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

පඩි පාලක සභාවේ සභාපති, කම්කරු කොමසාරිස්  එච්. කේ. කේ. ඒ. ජයසුන්දරගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

JAyasundara 2

තේ වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප 1,350 ලෙස එහි සඳහන් වන අතර, ඊට අමතරව ඵලදායිතාව මත පදනම් වූ දිරි දීමානාවක් ලෙස රුපියල් 350ක මුදලක්ද ගෙවිය යුතු බවත් එම වැටුප සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් ගෙවීම්වලට යටත්ව සිදුකළ යුතු බවත්  අදාළ ගැසට් නිවේදනයේ සඳහන් බව වාර්තා වේ.

මේ අතර එමගින්  රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ද 1,700 දක්වා ඉහළ නැංවිය යුතු බවටද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මෙම යෝජනා සම්බන්ධයෙන් වන විරෝධතා, එසේ විරුද්ධ වීමට හේතුවන කරුණු පිළිබඳ ප්‍රකාශයක්ද සමඟ එළැඹෙන 28 වනදා මධ්‍යාහ්න 12ට පෙර තමා වෙත යොමු කරන ලෙස පඩි පාලක සභාවේ සභාපති, කම්කරු කොමසාරිස් එච්. කේ. කේ. ඒ. ජයසුන්දර අදාළ ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන් කර ඇත.

Jaya 3

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි